මටත් ලඟදි ඔහොම වැඩක් සෙට් වෙලා මාතරින් රැයක් ඉන්න හෝටලයක් බැලුව. මාතර ගාලු පාර අයිනෙ තැනක බෝඩ් එකක් දැකල කෝල් කරාම මුන් නොවටිනා ගානක් කියනව ඩබල් රූම් එකකට, හරියටම මතක නෑ. නිකන් රු 8000/-ක්ද 10000ක් ද වගේ ගානක්. room only. උන් හැදුවෙ අපෙන් ගාන කපන්න. මාර හොරු ඉන්නෙ. පස්සෙ පොල්හේන බීච් සයිඩ් එකට ගියාම ඕනෙ තරම් හෝටල් තියෙනව. අපිට සෙට් උනා රු.2000/-ට වගේ තැනක්. එතන AC රූම් තියෙනව රු. 4000/-ට වගේ. නම නම් හරියට මතක නෑ.