ගොඩක් වැදගත් පොස්ට් එකක් මචන් .
R X 8 ගත්ත වගේ නෙවි ලෙඩ දෙනකොට . මීට සති 2 කට ඉස්සල්ල කොට්ටාව කඩුවෙල H I G H W A Y එකේ යද්දී කවදාවත් හිතපු නැති විදියට එන්ජිම මිස් කරන්න ගත්ත . පස්සේ හදාගන්න කපු කට්ට කියල වැඩක් නෑ . R X 8 එකකට ටොයෝට එන්ජිම තියන ගොන් වැඩේ කවදාවත් කරන්නේ නම් එපා .
උබල මොනවා කිව්වත් මෙටිකත් මතක තියාගනිල්ලා .
* මැස්ඩා අනුමත කරන එන්ජින් ඔයිල් ම දාපල්ලා . ඔයිල් ෆිල්ටෙර්රුත් එසේමයි .
2000 K M වලින් මාරු කරන්න.
* එයා ෆිල්ටෙර් එක මාරු කරන්න 2500 K M වලින් .
මේ වාහන වල බාහිර වායු දහරා ඇදගැනීමේ ප්රවනතාවය සාපේක්ෂව ඉතා ඉහලයි . එක නිසා කල්පනාකාරී වෙන්න ඕනේ .
*හැම 5000 K M වලට වරක් මේ එන්ජින් චෙකින් එකක් කරගන්න (අනිවාර්යයන්ම) . Equus CanOBD2 කියන ස්කැනර් එකට ගොඩක් හරි ප්රතිපල දෙන්න පුළුවන්
* ලෝ අක්සලටෙර් වෙලාවේදී සහ හයි අක්සලටෙර් වෙලාවේදී noise එක ගැනත් වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ .
අලුත්වැඩියා වලට Carmart (Pvt) Ltd තමයි ඉතින් . එත් ගණන් පට්ට වැඩි .
මඩපාත ඉන්නවා නියම රොටරි එන්ජිම හදන තැනක් . ඒගොල්ලන්ගේ ගාණත් හරිම සාධාරනයි . දෙයක් කතාකරල කරගන්න පුළුවන්. ලාල් අල වගේ ලොකු සීන් , නැහැ .
මේ ටික උබලට කිව්වේ වැඩක් ඇති කියල හිතාගෙන . ඕනන අපි ගියා