මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල කමිටුවක් පත් කිරිමටයි කැබිනට් මණ්ඩලය ඊයේ (18) තීරණය කර ඇත්තේ.
කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර සිටියා.
එම ගිවිසුම අධ්‍යයනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය ලලිත් ගුණරුවන්, වාස්තු විද්‍යාඥ නාලක ජයවීර, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩී.එස්. ජයවීර සහ ජනාධිපති නිතිඥ නිහාල් ජයවර්ධන මෙම කමිටුවට ඇතුළත් කර තිබෙනවා.
Neth





