


චන්දෙට කලින් විරුද්ද පක්ශෙ හිටපු අය උඩ පැනල කිව්වෙ MCC එක හෙන භයානකයි පට්ට පදිරියි අනිව ආණ්ඩුවෙ ඉන්න හැත්ත ඕක කරනවාම තමයි ඒක නවත්තන්න අපිට බලය දෙන්න කියලනේ.....
ඉතිං ඔන්න දුන්න කියකො..
දැන්... MCC එකට විරුද්දව එක වචනයක් පිටවෙන්නෙ නෑ උන්ගෙ කටින්.. වටේ යවනව මිනිස්සුන්ව... දැන් ගිවිසුම මහජනතාවට බලන්නත් නිකුත්කරල.. පට්ට ආ.. ඒ කියන්නෙ මේ ඉන්න සෙට් එක ඕක කරනවාම තමයි කියන එක නෙහ්... මිනිස්සුන්ටත් බලන්න දෙන්නෙ ඕක සාධාරණීකරනය කරන්න බලාගෙන වගේ මට නම් පේන්නෙ.
කොහොම හරි බලේට එන්න කියන බයිල බලේට ආවට පස්සෙ නිකං පුස් වෙනව. කොහොමෙන් කොහොම හරි කවද හරි එක ජෙප්පෙක්වත් පාලිමන්ට් එකේ නැති උන දාක ඊට පස්සෙ ඉන්න දෙගොල්ලොන්ට හිතේහැටියට තැටියෙ දාගෙන රටම කන්න පුලුවන් වෙන ලයින් එකක් තියෙන්නෙ. මොකද කිව්වොත් කොච්චර නරක උනත් ජෙප්පො ඔය කස්ටිය කරන ඕන දේකට පැනල විරුද්ද වෙනවනෙ, ආන් ඒ වදේ නැති කරල දැම්මොත් හොරා කන එවුන්ට ඇන්නෑවේ කිව්ව වගේ තමා ඉතිං නෙහ්.
මම නම් දකින විදියට ඉතිහාසය කෙසේ වෙතත් ජෙප්පො එකෙක් දෙන්නෙක් හරි පාලිමන්ට් එකේ ඉන්න ඕන. මොකද උන් තමයි අරුන් දෙගොල්ලො ගහන මගඩි ගේම් සේරම රට්ටුන්ට දැනගන්න කියල දාන්නෙ නෙහ්.
ඔව්ව මෙව්ව කෙසේ වෙතත් අනිව මුන් ටික MCC එකට වෙන මූණක් ගෙනැල්ල හරි ඕක සම්මත කරනව මොකද ශුවර් ඕකුන්ගෙ සාක්කු වලට ඇමරිකන් කාරයො ඩොලර් ටිකක් බස්සල මුන්ගෙ හිත හදනව රට්ටුන්ට කෙල වෙනව.