එක ෆොටෝ එකෙන් සතා හරියට අදුන ගන්න අපි සර්පවෙශෙසච්‍ය්ඔ(කොහොමද බන් මේක ලියන්නෙ)Ane yaluwe Hariyatama Me mokaada kiyala kiyahallako mage Ahinsaka hitha bayakarannethuwa....
ද තව පින්තුර ටිකක් දාන්න අනිත් එක ඔය පැටියෙක් නෙ 
එක ෆොටෝ එකෙන් සතා හරියට අදුන ගන්න අපි සර්පවෙශෙසච්‍ය්ඔ(කොහොමද බන් මේක ලියන්නෙ)ද තව පින්තුර ටිකක් දාන්න අනිත් එක ඔය පැටියෙක් නෙ
![]()
ලංකාවේ සර්පයෝ.පලා පොළඟා (Green pit viper)
අද කියන්න යන්නේ ලංකාවේ ඉන්න තවත් ආවේණික සර්පයෙකු ගැනයි. මේ සර්පයා නොහිටින්න මේ පෝස්ට් සීරිස් එක මගේ අතින් පල නොවන්න බොහෝ දුරට ඉඩ තිබුනා. මේ වර්ගයේ කෙනෙක් තමා කලකට ඉහත මගේ අත සපා කෑවේ. එදින ඇතිවූ උනන්දුව නිසා තමා මම සර්පයින් ගැන මෙතරම් කියවන්න පටන් ගත්තේ. අවසානයේ මම එකතු කළ දැනුමේ ප්‍රථිපලය තමා මේ පෝස්ට් තුලින් මම බෙදා හදා ගන්නේ. පළමුව මෙයාගේ රූපයක් බලමු වෙනදා වගේම.
මේ පලා පොළඟා ඉංග්‍රීසියෙන් මෙයා Sri lankan Green Pit Viper ලෙසින් ද විද්‍යාත්මකව Trimeresurus trigonocephalus ලෙසින්ද හඳුන්වනවා. ලංකාවට ආවේණිකයි. මෙම සර්පයා ඇතුලත් වන්නේද ලෝරියල් සිදුර සහිත පොළඟුන් කාණ්ඩයටය. එමෙන්ම මෙයා අලංකාර සර්පයෙකු ලෙසත් පෙන්වා දිය හැක.
වාස භූමිය හා හැසිරීම
රුක් වාසී සර්පයෙකි. නිශාචරය. බොහෝ විට අලසව ගස් මත නිදා සිටින බවක් දැකිය හැකිය. මුහුදු මට්ටමේ සිට කඳුකරය දක්වාම ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ වැවැලි සහිත ප්‍රදේශ වල බහුලව දක්නට ඇත. මා හන්තාන කඳුවැටියේ බහුලව සිටිනු නිරීක්‍ෂණය කර ඇත. ඉක්මනින් කෝප නොවන සර්පයෙකි.
හඳුනා ගැනීම
මෙම සර්පයා නිලට හුරු කොළ පාටින් යුතුය. උදරය ප්‍රදේශය කහ පාටට හුරු කොළ පැහැතිය. ශරීරයේ තැනින් තැන කළු පැහැති පැල්ලම් දක්නට ඇත. හිස ත්‍රිකෝණාකාරය. ඇස හා නාසය අතර ලෝරියල් සිදුර දක්නට ලැබේ. දිග අඩි 4ක් පමණ වේ. වල්ගය කෙටිය.
බෝවීම
මෙම සර්පයා අයත් වන්නේ වයිපරිඩේ කුලයට නිසා බෝවීම පැටවුන් බිහි කිරීම මගින් සිදු කරයි. මෙම වර්ගයේ ගැහැණු සතෙකු වරකට පැටවුන් 5ත් 30ත් අතර සංඛ්‍යාවක් බිහි කරයි.
ආහාර
මෙම සර්පයාගේ ආහාර වන්නේ කුරුල්ලන්, ගෙම්බන්, මීයන් වැනි සතුන්ය.
දෂ්ඨ කිරීම හා විෂ
මෙම සර්පයා අයත් වන්නේ මද විෂ (මධ්‍ය විෂ) සර්පයින් කාණ්ඩයටය. දෂ්ඨ කිරීමෙන් මරණ වාර්ථා වී නැති බව පැවසේ. නමුත් දෂ්ඨ කිරීම ඉතා වේදනාවක් ගෙනදේ. දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමුම දින කීපයත් පවතී. තවද දෂඨ කළ ස්ථානය පැසවීමට හෝ කුණු වීමට ඉඩක් ඇත.
පැවැත්මට ඇති තර්ජන.
කැලෑ එළි පෙහෙලි කිරීම නිසා වාස භූමි අහඅමි වී යාමෙන් විනාශයට මුහුණ දී ඇත. ලංකාවට ආවේණික සර්පයෙකි. වඳවී ගියොත් මෙම සර්පයා ලොවටම අහිමි වනු ඇත.
මෙම සර්පයාගෙන් පසුව අපට හමු වන සියලුම ගොඩබිම වසන සර්පයින් සුළු විෂ හා විෂ රහිත අයයි. ඉදිරි ලිපි වලින් එම සර්පයින් ගැන කෙටියෙන් විස්තර කරන්න බලා පොරොත්තු වෙනවා.
එහෙනම් ගිහින් එන්නම්. බ්ලොග් සතියේ පිට පිටම 3වෙනි පොස්ට් එකත් දැම්මා ඔන්න.
සුභ දවසක්..!!!උපුටා ගැනීම http://priyantha-ab.blogspot.com/2011/01/green-pit-viper.html






