යූක්............අඩේ නියමායි කොල්ලා...........!!!!!!!!! දිගටම වැඩේ ගෙනියමු......!!!
මේකත් බලන්න පීට්සා ඇත්තේ.............!!!
http://elakiri.com/forum/showthread.php?t=1155668
aah ehemada.. ela ela..Sundays wala ape gedara uyanne mama thamai. Ithin uyana gaman pictures tikak gannawa!!

aah ehemada.. ela ela..
Sundays wala umba iwwata me wage athal kaama uyana eka thamai wade![]()
elata umba gema denawa kiyala penawa![]()
ම්......!!!!! අද Meat Balls හදමු!! ඒවායින් රසම රස කරියකුත් එක්කම!!
Artificial flavors, Colours & Preservatives අඩංගු ඒවා කාලා ලෙඩ හදා ගන්නෙ මොකටද??
අනෙක හම්, බොකු ඒවත් කඩේ ඒවට දානවා ඇති!!
Meat Balls & Fish Balls මේ දෙකම හදන්නෙ එකම විදියට. ඒනිසා මම අද මාලු වලිනුයි හදන්නෙ!!
කැමති අය මස් ගන්න. දෙකම වුනත් කමක් නෑ!
![]()
මේ බත් පිගානේ තියන මීට් බෝල්ස් කරියට අමතරව තියන තායි ග්‍රීන් කරි එක සහ
තායි වෙජිටබල් ස්ටර් ෆ්‍රයි එකත් වෙනම ත්‍රෙඩ් එකක දානවා!!
![]()
කටු රහිත ඕනෑම මස් වර්ගයක් හෝ මාලු වර්ගයක් ග්‍රෑම් 400 ක් පමණ
කුඩා කැබලි වලට කපා ගන්න.
![]()
බී ලූනු ගෙඩියක්, සුදු ලූනු බික් 1-2ක්, ඉගුරු කැබැල්ලක්, කොත්තමල්ලි හා
පාස්ලි කොළ මිට බැගින්.
![]()
රතු මිරිස්, අමු තුනපහ කුඩු, ගම්මිරිස්, ලුණු තේ හැන්ද බැගින්.
සුවද කුඩු, කහ කුඩු තේ හැදි 1/2 බැගින්.
පාන් කුඩු මේස හැදි 2-3ක්, දෙහි බෑයක් හා තෙල් මේස හැන්දක්.
![]()
ග්‍රයින්ඩරයේ Mincing Blade එක සවිකර ගන්න.
![]()
කැපූ මස් , කුලුබඩු සියල්ල හා දෙහි මිරිකා ග්‍රයින්ඩරයට දමන්න.
කොත්තමල්ලි හා පාස්ලි කොළ, ඉගුරු සුදුලූනුද කුඩාවට කපා දමන්න.
තෙල් මේස හැන්දද එක් කරන්න.
කල්තබා නොගන්නේ නම් පමණක් ලූනුද කුඩාවට කපා එක්කරන්න.
කැමති කෙනෙකුට තම්බාගත් සෝයා මීට් ස්වල්පයක්ද එකතු කරන්න පුලුවන්.
දැන් අඹරා ගන්න. තරමක් කැබලි හිටියාට කමක් නෑ!!
![]()
ග්‍රයින්ඩරයෙන් ඉවතට ගෙන පාන් කුඩු එක්කර හොදින් අනා ගන්න.
![]()
දෙහිගෙඩි තරම් බෝල සාදා තරමක් පැතලි කරන්න!!
![]()
ස්ටීමරයේ තබා විනාඩි 15ක් තම්බා ගන්න!!
![]()
දැන්මම කරිය සාදනවා නම් නිවෙන්න අවශ්‍ය නොවේ.
කල් තබා ගන්නේ නම් ස්ටීමරයෙන් ඉවතට ගෙන නිවෙන්න හැර වැසූ භාජනයක අහුරා
අධිශීතකරණයේ තබන්න. සතියක් පමණ ඇතුලත ප්‍රයෝජනයට ගන්නේ නම් වඩා හොදයි!!
මීට් බෝල්ස් කරිය හදන හැටි !!
![]()
තක්කාලි, ලූනු, ඉගුරු, සුදුලූනු, සේර,රම්පෙ,
කොත්තමල්ලි කොළ රූපයේ පරිදි කපා ගන්න.
![]()
රතු මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු තේ හැන්ද බැගින්.
ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු, සුවද කුඩු තේහැදි 1/2 බැගින්.
![]()
තක්කාලි ටික බ්ලෙන්ඩරයට දමා අඹරා ගන්න.
මීට් බෝල්ස් වල කූරකින් සිදුරු කීපයක් දමන්න.
![]()
තෙල් මේස හැදි 2ක් ලිප තබා කොත්තමල්ලි කොළ හැර අනෙක්වා එක් කර බැද ගන්න.
![]()
කුලුබඩු හා ලුණු එක්කර විනාඩියක් බැදගන්න.
![]()
අඹරාගත් තක්කාලි එක්කර විනාඩියක් පිසගන්න.
![]()
මීට් බොල්ස් එක්කර විනාඩි 3-4ක් පිසගන්න.
![]()
පොල්කිරි කෝප්ප 2ක් එක්කර වසා මද ගින්නෙන් පිසගන්න.
![]()
කරිය තරමක් ඝණ වූ පසු ලිප නිවා කපාගත් කොත්තමල්ලි කොල එක්කරන්න.
![]()
දැන් මීට් බෝල්ස් කරිය ලෑස්තියි!!
![]()
මම නම් උණු උණුවෙම ආප්ප කෑවා!!

good work.