Meka Mokakada?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    මේක මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද?


    දැවැන්ත ගස්‌ පෙරළී නිවෙස්‌වල සෙවිලිත් ගැලවී ගිහින්

    හොරොව්පතාන රිටිගහවෙල ගම්මානයේ
    අද්භූත එළියක්‌ සමග බියකරු ශබ්දයක්‌

    මහා විශාල එළියක්‌ සමග ශබ්දයක්‌ හටගෙන නිවාසවල වහළ සෙවිලි ගලවාගෙන ගෙවතුවල දැවැන්ත
    ගස්‌ කොළන් පෙරළාගෙන යැමේ සිද්ධියක්‌ පිළිබඳව පසුගිය 15 වැනිදා හොරොව්පොතාන
    පොලිසියෙන් 'දිවයින'ට වාර්තා විය.

    ඉකුත් 13 වැනි දින රාත්‍රියේ මෙම සිදුවීම සිද්ධවී ඇත්තේ හොරොව්පොතාන පොලිස්‌ බල ප්‍රදේශයේ
    රිටිගහවැව ගම්මානයටයි. මෙම ත්‍රාසජනක සිදුවීම ඇසින් දුටු රිටිගහවැව ගමේ පදිංචි ඩී. ප්‍රියංගිකා
    සංජීවනී මහත්මිය විස්‌තර කළේ මේ ආකාරයටයි. 2013.02.13 දින රාත්‍රී 7.15 ට පමණ අපි ගෙදර
    ටී. වී. බලමින් සිටියා. ඒ වෙලාවේ ගුඩු ගුඩු ගාලා මහා විශාල ශබ්දයක්‌ ඇසුණා. ඒ ශබ්දය
    හෙලිකොප්ටර් යානයක ශබ්දය වගෙයි. හෙලිකොප්ටර් යානයක්‌ ඉතා පහළින් එනවාදෝ කියා මමත්
    මගේ මහත්තයත් මිදුලට ඇවිත් වට පිට අහස දෙස බැලුවා. ගමට උතුරු දිසාවෙන් වෙල්යාය හරහා
    අපේ ගෙවල් දිසාවට මහා භයංකර ශබ්දයක්‌ සමග යමක්‌ එන බව වැටහුණා. ඒත් එක්‌කම පොළවේ
    සිට අඩි 20 ක්‌ පමණ උසින් ශබ්දයත් සමග ගිනි බෝලයක්‌ වගේ එළියක්‌ මතුවුණා. ඒ එළියත් සමග
    එන යමක්‌ අපේ ගේ ආසන්නයට එන ආකාරය දැක්‌ක ගමන් මහත්තයත් මමත් ගේ ඇතුළට ගොස්‌
    දොර වහ ගත්තා. ළමයින් ටිකත් අරගෙන එක තැනකට වෙලා මේසය යටට රිංගුවා. ආව එළියත් සමග
    දඩ දඩ ගාලා ගේ වහලේ යමක්‌ වැදුණා. මුළු ගේම දෙදරුම් කාලා පෙරළී ගියා. මේ සියල්ල සිද්ධ
    වෙන්න විනාඩි 2- 3 ක්‌ වත් ගත වුණේ නෑ. අපි ඔක්‌කොම හොඳටම බය වුණා. සිද්ධ වුණ දේ ගැන
    හිතාගන්නවත් බැරි වුණා. එදා 8.00 ට පමණ මහත්තයා මේ සිද්ධිය ගැන 119 අංකයට දැනුම්
    දුන්නා. පසුවදා හොරොව්පතාන පොලිසියෙන් හා ග්‍රාම නිලධාරි මහත්තයා ආවා. ඊට පසුව බලන විට
    ගේ වහලේ පැත්තක්‌ ගලවා ගෙන ගිහින් උළු කැට 30 කට වැඩි ප්‍රමාණයක්‌ පෙරළිලා බිමට වැටිලා
    තිබුණා. ගේ බිත්ති පුපුරලා. එල්. වී. ජයසේන මහතා සිද්ධිය විස්‌තර කරමින් අහසේ ඇසුන විශාල
    ශබ්ද නිසා අපි දොරවල් වහගත්තා. උදේ බලන විට ගමේ තවත් ගෙවල් 3 ක සීට්‌ තහඩු පෙරළාගෙන
    ගිහිල්ලා. ඒ විතරක්‌ නොවෙයි වතුවල විශාල හූරී, තේක්‌ක ගසුත් පෙරළාගෙන ගිහින්. මේ ගමන්
    කරපු කිසියම් දේට විශාල ශක්‌තියක්‌ බලයක්‌ තියෙන්න ඕන. එසේ නැති නම් මේ වගේ දැවැන්ත ගස්‌
    පෙරළා දමන්න පුළුවන් කමක්‌ නෑ. අපේ ගමේ සිට කි. මී. 01 ක්‌ පමණ දුරට ගමන් කර තිබෙනවා.
    එතනින් එහාට කොහේ ගියාද කියලා කිසිදු සලකුණක්‌ දකින්න නෑ. කුඹුරු සීමාවෙන් අඩි 20 ක්‌
    පමණ පළලට ගොයමට දෙපැත්තෙන් අරන් පීරුවා වගේ එක තැනකට කරල් සිටින සේ එකතුවෙලා.
    සමහර තැන්වල කරලක්‌ වත් දකින්න නෑ, හරිම පුදුම සහගතයි. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ
    තොරතුරු සොයා යැමේදී ගම්වැසියන් සිය අත්දැකීම් පැහැදිලි කළ ආකාරයට අපටද එය සිතා ගත
    නොහැකිය. ඒත් මේ දිනවල ග්‍රහලෝක වස්‌තු, පිටසක්‌වල ජීවීන්, පාවෙන පීSරිසි, ගුවන්ගත චන්ද්‍රිකා,
    ටොනාඩෝ වැනි විවිධ ක්‍රියාකාරකම් ඇති දෑ පෘථිවියට ළඟා වෙන බව මාධ්‍යයෙන් අසන්නට ලැබේ.
    මේ සම්බන්ධව පර්යේෂකයන්ගේ අවධානය යොමු කෙරේවා යෑයි අපි අපේක්‍ෂා කරන්නෙමු.

    සටහන සහ ඡායාරූප කැබිතිගොල්ලෑව - සේනානායක


    උපුටා ගැනීම 2013/02/19 දිවයින
    http://www.divaina.com/2013/02/19/news18.html