mekath munge jilmart ekak wenna barida?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වස විස කිසිත් නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑ




    pelawaththa.jpg




    සියළු ගුණාත්මක පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කර ඊට විවිධ විෂකාරක එක් කර බහුජාතික සමාගම්වලින් අපට විකුණන රට පිටිකිරි මත තව දුරටත් යැපෙන්නේ මන්දැයි සම්පූර්ණයෙන්ම දේශීය කිරී කර්මාන්ත ශාලාවක් වූ පැලවත්ත සමාගමේ ප‍්‍රධානී ආරියශීල වික‍්‍රමනායක මහතා ප‍්‍රශ්ණ කරයි.

    ආනයනික කිරි පිටි ආශ‍්‍රිතව මතුව තිබෙන තත්වය සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කලේ ලංකාවේ ගවගහනය ලක්‍ෂ 12ක් පමණ වුවත් ඉන් කිරි නිෂ්පාදනය සඳහා යොදවා ඇත්තේ ලක්‍ෂ 1 1/2ක පමණක් බවත් එම ප‍්‍රමාණය ලක්‍ෂ 03 දක්වා වැඩි කරන්නේ නම් රට සම්පූර්ණයෙන්ම කිරි ආහාරවලින් ස්වංපෝෂිත කර අතිරික්ත බටර් තොගය ඉරාන තෙල් වලට කිසිදු මුදලක් නොගෙවා හිලවුවට දිය හැකි බවයි.

    පැලවත්ත මෙන්ම රජය සතු හයිලන්ඞ් කර්මාන්ත ශාලාවල කිරි පිටි සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය වන බවද පැවසූ ඒ මහතා ඊට ඞීසීඞී දැමීමක් හෝ ප්‍රෝටීන ඉවත කර ගැනීමක් සිදු නොකරන බවද කීවේය.

    අපේ රටේ දුප්පත් කාන්තාවන් මැදපෙරදිග අපා දුක් විඳ එවනා ඩොලර් මිලියන 500කින් වස මුසු රට කිරි රොඩු මිලදී ගන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කරයි.

    මේ අතර ඞීසීඞී විෂකාරකය ඇතැයි වාර්තා වූ සියළු විදේශීය කිරිපිටි වෙළඳපලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දී ඇති අතර කිසිදු විෂ රසායනිකයක් ඇතැයි සනාථ නොවූ පැලවත්ත සහ හයිලන්ඞ් කිරිපිටි සඳහා මෙම නියෝගය බල නොපායි.





    ආරියශීල වික‍්‍රමනායක මහතා මෙරට ප‍්‍රමුඛ පෙලේ දේශීය ව්‍යාරිකයෙක් වන අතර දේශිය ව්‍යාපාරිකයන් සඳහාම බිහි වූ මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.

    හම්බන්තොට වරාය ඉදි කරන්නටත් පෙර ඒ ආසන්නනයටම නැවක් ගෙන ගොස් වරායක් සඳහා ස්ථානය සුදුසු බව නොබියව කියූ පලමු පුද්ගලයාද වූ ඉතිහාසයක් ඒ මහතා සතුය.

    ඔහු කියූ දේ සෙමෙන් එහෙත් ස්තාවරව සත්‍ය වෙමින් තිබේ. තවත් වසර 30-40කින් හම්බන්තොට වරායට කලාපයේ හිමිවන ස්ථානය නොකිවමනාය.





    ****Anchor වගේ මුළු ලෝකෙම famous brand එකක ඔය වස තිබුණා නම් අපේ රටේ ඔය කියන brand දෙකේ ඕවා නැහැයි කියලා අපි දන්නේ කොහොමද?ඔය ලකී කියන එක අයිති පොර මහින්දගේ ගොට්ටෙක්..අර දම්මික කියන එකත් එහෙමයි...මහින්දයා වස තියෙන වතුර මිනිස්සුන්ට පොවන එකේ වස නැති කිරි මිනිසුන්ට පොවන්නේ නැහැ කියලා අපි කියන්නේ කොහොමද?මටනම් හිතෙන්නේ මේක ජීල්මාර්ට් එකක්...බොර දියේ මාළු බාන්න වගේ මුන් හදන්නේ...දෙශීය ව්‍යාපාර කරන උන් රැක ගන්න ඕන ඒත් මිනිස්සුන්ට වස විස කවලා පොවලා මඩිය තර කර ගන්න උන්ව නෙමේ...
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Apith genawa highland. Ape rate kiri vikunana ekek goda yaine ban. Mewage wasa thiyenawada balannanam wenne ne ithin. Mkd thiyna test ekak result eliyata hari ewa ei kiyala hithanna be.