තමන් ලෙලි ගියපු ජපන් වාහනයක් නොවටිනා මිලකට අරන් second hand මාර්කට් එක නැතිවෙයි කියලා විඳින කට්ටක්තමන් බාල චීන වාහනයක් අරන් දැන් ඒකේ second hand market එකක් නෑ කියලා දැන ගෙන market එකක් හදා ගන්න කන කට්ටක්....![]()
තමන් ලෙලි ගියපු ජපන් වාහනයක් නොවටිනා මිලකට අරන් second hand මාර්කට් එක නැතිවෙයි කියලා විඳින කට්ටක්තමන් බාල චීන වාහනයක් අරන් දැන් ඒකේ second hand market එකක් නෑ කියලා දැන ගෙන market එකක් හදා ගන්න කන කට්ටක්....![]()
රත්තරං වාහන ගැන කියපු දෙයක් වැරදිලා නෑ මෙච්චර කාලෙකට. මට මතයි ලීෆ් ආපු දවස්වල රත්තරං දුන්නා අනාවැකිය. අද බලනකොට ඒක හරියටම හරි. ඒ දවස්වල එහෙම කියද්දි සමහර මෙම්බර්ස්ලා රෙදි කරට අරං ආවෙ. බලපං පරණ ත්රෙඩ්ස් ඇති.ඔය subject එකේ ඉන්න උන් පිළිගන්නේ නෑ බන්. උඹ දැකල තියෙනවද FB එකේ මොකෙක් හරි "ඔව් උඹ කියන එක ඇත්ත තමයි, මටත් දැන් තමයි තේරුනේ" කියනවා![]()
//මේක විවෘත මනසක් සහ කොමන් සෙන්ස් තියෙන උන් පමනක් කියවත්වා
ලංකාවේ ටැක්ස් එක එන්නේ ඇන්ජින් දාරිතාවට. දැන් 1000cc වාහනේකට ටැක්ස් එක ලක්ශ 30ක් යැයි සිතමු. එතකොට ඔයා ලක්ශ 90ක වාහනයක් ගන්නකොට වාහනේට මිලදී ගත් මිලෙන් 66% ගෙවලා වාහනේට. වාහනේට ගෙවනවා කියන්නේ ඒකේ මැටීරියල් වලට සහ ඒකේ කොලිටි එකටනේ ගෙවන්නේ. ඔයා 50කට එකක් ගත්තා කියමු එතකොට වාහනේට වැටෙන්නේ 40% යි. ඉතින් ටැක්ස් එක නියතයක් සහ වාහනේ මිල විචල්‍ය වෙනකොට වඩාම ලාබදායි වැඩි මිල කාර්. දැන් ඒ ගනන් වලට ගන්න බෑ කියයි. ඒක නෙමේ මගෙ පොයින්ට් එක. හිතන්න අනික් ඒවට සාපේක්ශව ඕක ඔය ගානකට දෙනකොට චීනෙන් ඕක පටවන ගාන අන්න ඒ ගානට අනුව තමා ඔය වාහනේ මැටීරියල් කොලිටි එක එන්නේ... තවත් සරලව කිව්වොත් ප්ලාස්ටික් බේසමටයි රත්තරං බේසමටයි, බේසං වලට පොදුවේ කෝටියක ටැක්ස් එකක් ගැහුවොත් ඔය කරලා තියෙන්නේ කෝටියක් සහ රුපියල් දෙසීයක් දීලා ප්ලාස්ටික් බේසම ගත්ත එක. ගත්තට පස්සේ ප්ලාස්ටික් බේසම කැඩෙනකොට අවප්රමාන වෙන්නේ ඒකේ ටැක්ස් එකෙන් නෙමේ බේසමේ මුලු මිලෙන්. රත්තරං එක ගත්තනම් ආයෝජනෙන් වැඩි කොටසක් ඔයාගෙ අත් දෙක මත කොහොම කැඩුනත්.
MG (මොරිස් ගරාජ් ) කියන බ්‍රෑන්ඩ් එක මැරිලම යනවා මීට දශක ගානකට කලින්. අන්තිමට සයික් කියන අමු චයිනා කොම්පැනිය ඒක අරන් saic වාහන වලට බැජ් එක එල්ලනවා. එතනින් එහාට ඕකේ ඇති MGයක් නෑ. හරියට ගීලි වල මයික්‍රෝ බැජ් ගැහුව වගේ
ඔයාලා දැන්ම කුලප්පු වෙන්න එපා. කැට තියලා කියනවා ඕකේ මාකට් එකට තව වසර කිහිපයකින් වෙන්නේ චෙරි කිව් කිව් එකට මයික්‍රො පැන්ඩා එකටත් අන්ත චාටර් වැඩක්..
UAE වල ඕකට උන දේ මම කියන්නම් (දැන් රෙද්ද උස්සන් එන්න එපා ඔහෙ ගනන් වලට මෙහෙ වාහන නෑ කියලා. මෙහෙත් වාහන නිකන් දෙන්නෑ. කියන කාරනාව තේරුම් ගන්න) uae extremely වාහන භාවිතා කරන රටක්. කොටින්ම හුගක් වෙලාවට අපි ගේ ඇතුලේ පාකින් එකට දාන්නෙත් නෑ වාහන ඒ තරම් දුවනවා. මෙහෙ හවාල්, චෙවි සහ ඔය mg වාහන ලෝන්ච් කලා 2014/5 වගෙ කාලේ ලොකූ ප්‍රමෝශන් එකක් දීලා. බ්‍රෑන්ඩ්නිව් නිසාත් ලක්ශ 30කට පමන අව්රුදු 5ක් ගෙවන්න සීරෝ ඩවුන් පේමන්ට් මිඩ් සයිස් suv ලැබුන නිසාත් මිනිස්සු ඕව ගත්තා. අද පාරේ දුවන ඒවගෙන් එකක් හොයාගන්න නෑ හෙඩ් ලයිට් කහ වෙලා ප්ලාස්ටික් කෑලි කර නොවුන එකක්. විකුනන්න දානකොට පකිස්තාන් කාරයෝ ගහන්නේ පරාට දෙකේ ගාන ඔෆර් එක.
ලංකාවේ මෙහෙම ලොකු ටැක්ස් එකක් නොතිබ්බනම් සහ මද්යම පන්තිකයාගේ ආදායම ආදායමක් කියන්න පුලුවන් රටවල මට්ටමට තිබ්බනම් ඕක වසර 5ක ලෝන් එකට බ්‍රෑන්ඩ් නිව් අරන් වසර 5ක් පැදලා අහක දාලා ස්ක්‍රැප් කරන්න නියම ඔප්ශන් එකක්. ඒකයි ඕක සමහර රටවල විකිනෙන්නේ.. ලංකාවේ අපි තාම 2010 යේ වාහනත් අලුත් වාහන කියලා හිතන රටක්
ආයෙත් කියන්නේ කලබල වෙලා වාහන ගන්න එපා. ලංකාව කියන්නේ වාහන මිල අදික රටක්. හොදට හිතලා බුද්දිමත්ම තීරන අරන් වාහන ගන්න//
සයික් mg jac dfsc චෑං චූං කංකුක් ආදී චීන අටමගල ගන්න එපා කියන හේතුව.. ගිහාන්ගේ පෝස්ට් එකේ කතා උන ටික මෙතන දැම්මා
මේක වලංගු වෙන්නේ ලංකාව වගේ ඉහල ටැක්ස් එකක් තියෙන රටකදි බ්‍රෑන්ඩ් නිව් ගන්නකොට
ඉන්දියන් මරුති සුසුකි රෙකමන්ඩ් කලේ උන් ඒවගේ බැරි වැඩ කරන්න යන්නැතුව "ඉතාම සරලව" හදල එවනවා. ඒ නිසා මරුටිය පවතිනවා චීන එලාම් ඔරලෝසු හදන උන් අමුනලා එවන ඉලෙක්ට්‍රොනික් වැඩි වාහන වලට වඩා
srs -
උගේ මුල්කාලේ අත්දැකීම් එක්කනේ බන් ඌ කියන්නේ, ඒ කාලේ Cherry QQ එක ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබුනේ. ත්‍රීවිල් එන්ජිමක් වාහනේකට හයි කරලා කියලා. එහෙම තමයි කාලෙන් කාලෙට ලෝකේ වෙනස් වෙනවා. ඉස්සර චිනේ කියන්නේ දුප්පත් රටක්. උන් ගැහුවේ දුප්පත් එවුන්ට අඩුවටම ගන්න පුළුවන් ගොබ්බ වාහන. ඉන්දියාවෙත් ගැහුවේ Maruti 800 එහෙම. තනි තහඩු පෙට්ටියක්නේ. දැන් අපේ උන් ඉන්දියන් alto හොඳයි කියලා මැරෙන්න හදන්නේ. දැන්, චිනේ මධ්‍යමපාන්තිකයන් ඉන්න රටක්. දැන් උන් ගහන්නේ ඒ market එකට ගැලපෙන වාහන. දැන් ඉන්දියාවේ උන් Maruti 800 වගේ වාහන ගහන්නෙත් නෑනේ. උනුත් දැන් ගහන්නේ අඩුගානේ Spresso, Baleno වගේ ඒවා.රත්තරං වාහන ගැන කියපු දෙයක් වැරදිලා නෑ මෙච්චර කාලෙකට. මට මතයි ලීෆ් ආපු දවස්වල රත්තරං දුන්නා අනාවැකිය. අද බලනකොට ඒක හරියටම හරි. ඒ දවස්වල එහෙම කියද්දි සමහර මෙම්බර්ස්ලා රෙදි කරට අරං ආවෙ. බලපං පරණ ත්රෙඩ්ස් ඇති.
Kwideka matak una.
wahane honda wadi nissa.මම නම් ලෙලි ගිය ජපන් වාහනයක් පදින්නේ නෑ.. මම personaly UK වලින් ඉම්පොර්ට් කරපු CBJ නම්බර් එකක් පදින්නෙ....තමන් ලෙලි ගියපු ජපන් වාහනයක් නොවටිනා මිලකට අරන් second hand මාර්කට් එක නැතිවෙයි කියලා විඳින කට්ටක්හරි, දැන් බැලන්ස්
උඹ UK වලින් import කරත් Suzuki කියන්නේ ජපන් brand එකක්නේ බන්මම නම් ලෙලි ගිය ජපන් වාහනයක් පදින්නේ නෑ.. මම personaly UK වලින් ඉම්පොර්ට් කරපු CBJ නම්බර් එකක් පදින්නෙ....![]()
Eth leli giya ekak neweyine.....උඹ UK වලින් import කරත් Suzuki කියන්නේ ජපන් brand එකක්නේ බන්![]()
ඇයි මොකෝ ඕක අනිත්‍ය ලක්ෂණයෙන් බැහැරද?Eth leli giya ekak neweyine.....![]()
මට ඕක ගානකට දුන්නත් එකයි නැතත් එකයි.... මට ඒක ලොකු issue එකක් නෙවෙයි..එහෙම පාවිච්චි කරලා ආයෙ විකුනන්න japan වාහනයක්ම ඕනෙ නම් මම permit එකට premio, allion axio එකක්ම ගේනවනෙ.මම ගත්තේ මම ආස වාහනේ..ඒක විකුනන්න පුලුවන්ද බැරිද් කියන එක මම එච්චර හිතන්නෙ නෑ....ඇයි මොකෝ ඕක අනිත්‍ය ලක්ෂණයෙන් බැහැරද?ලෙලි යන්න ඕනේ නෑ ඕක විකුනනකොට ගත්ත ගානකට වඩා ගානක්ටදිගන්න බැරිවෙයි කියන බයනේ උඹට තියෙන්නේ. ඕක තමයි හැම එකාටම තියෙන්නේ. ලක්ෂ 50ක එක අවුරුදු 5ක් පැදලා 70ට විකුණන එක. ඒක වෙනස් වෙයි කියලා තමයි බයේ හැම එකාම trigger වෙන්නේ.
![]()
ආපහු විකුණන එක ගැන බයේ ඉන්නවනම් මම MG එකක් ගන්නෙත් නෑ. අවුරුදු 5ක් ලෙඩක් නැතුව දුවාගත්තනම් ඇති. කලින් තිබුන වාහනේ එපාම වෙලා හිටියේ. ජපන් ජපන් කියලා පරණ ලඩි ගන්නේ නැතුව අලුත් එකක් ගත්තෙම මට තිත්ත වෙලා හිටිය නිසා.මට ඕක ගානකට දුන්නත් එකයි නැතත් එකයි.... මට ඒක ලොකු issue එකක් නෙවෙයි..එහෙම පාවිච්චි කරලා ආයෙ විකුනන්න japan වාහනයක්ම ඕනෙ නම් මම permit එකට premio, allion axio එකක්ම ගේනවනෙ.මම ගත්තේ මම ආස වාහනේ..ඒක විකුනන්න පුලුවන්ද බැරිද් කියන එක මම එච්චර හිතන්නෙ නෑ....
හැබැයි ඔයා නම් ඔයාගේ mg එක කීයකටවත් විකුනා ගන්න බැරි වෙයි කියලා බයකින් ඉන්න බව පේනවා...
උඹ @GTRZ ගෙන් අහලා බලපන් ඇයි වාහන කුඩු වෙන්නේ කියලා? වාහනේ කුඩු වෙන්නේ නැත්තන් ඇතුලේ ඉන්න උන්ට තමයි ඒ impact එක එන්නේ. එතකොට තමයි ඇතුලේ ඉන්න උන් මැරෙන්නේ. දැන් හදන වාහන ඔක්කොම හදන්නේ වාහනේ කුඩු වෙලා ඇතුලේ ඉන්න එවුන්ව බේරෙන්න. කුඩු වෙන්නේ නැති වාහනවල වාහනේ ඉතුරුයි. ඇතුලේ ඉන්න එවුන් මැරිලා. අපේ උන් හෙල්මට් ගන්නෙත් එහෙම තමයි. හෙල්මට් එක තියෙන්නේ හෙල්මට් එක කුඩුවෙලා ඔලුව බේරෙන්න. අපේ උන් ගන්නේ ල්සියකට කුඩු වෙන්නේ නැති හයියම එක.හාපෝ ඔය MG ZS එකක් කුඩු වෙන්නේ හැප්පිලා තිබ්බ පන්නිපිටිය දී. Body එකේ strenth නැ. පෙට්ටියෙන් තමයි ගෙදර යන්න වෙන්නේ හැපුනොත්.
අනිත් එක ඔවාගේ ප්ලාස්ටික් ඉක්මනට සවුත්තු වෙනවා. අව්වේ නවත්වලා තිබ්බොත් fade වෙනවා ඉක්මනට
Umbata mathakada Defender ekak Layland bus ekaka heappuna?හාපෝ ඔය MG ZS එකක් කුඩු වෙන්නේ හැප්පිලා තිබ්බ පන්නිපිටිය දී. Body එකේ strenth නැ. පෙට්ටියෙන් තමයි ගෙදර යන්න වෙන්නේ හැපුනොත්.
අනිත් එක ඔවාගේ ප්ලාස්ටික් ඉක්මනට සවුත්තු වෙනවා. අව්වේ නවත්වලා තිබ්බොත් fade වෙනවා ඉක්මනට
මගේ එක අවුරුද්දක් පරණයි, තාම තියෙනවා කිසි අවුලක් නැතුව. උඹ විකුනන්න බලාගෙන ගන්නවානම් ජපන් එකකට පලයන්. හැබැයි උඹ පදින්න බලාගෙන ගන්නවානම් මේක සුපිරි වාහනේ.හැමනෙනවා mg එක ගන්න හොදද නැද්ද කියල කියපලකෝ දන්නා එකෙක් .....
Umbata mathakada Defender ekak Layland bus ekaka heappuna?
Nittambuwa hariye
මේක තමය ඇත්තම කතාව, ඉන්දියාව පරක්කු වෙලා තමන්ගේ වෙළඳපල විවෘත කරපු නිසා ලොකු සමාගම් හැදෙන්න කාලය තිබුනා. ඒ වගේම ඒ සමාගම් ඉන්දියාව ඇතුලේ ආරක්ෂිත නිසා කිසිම දවසක නවොත්පාදනයට උත්සහ කරේ නෑ. අද TATA එකට වෙලා තියෙන්නෙත් ඒක, කොටින්ම Mahindra අලුත් Thar එක හදලා තියෙන්නෙම Jeep wrangler එක කොපි කරලා. උන්ට තවම Europe රටකට ඉන්දියාවේ වහනයක් export කරන්න අදහසක් නෑ.//මම අනාවැකියක් කියනවා තව අවුරුදු 5කින් හෝ ඊට කලින් Chinese phones ලෝකේ ඇල්ලුවා වගේ Chinese වාහනත් ලෝකේ අල්ලනවා. //
ඔව්, මේ කියන දේ ඇත්ත වෙන්න තියන ඉඩකඩ, එහෙම නොවෙනවාට වඩා බොහොම වැඩියි.
චීනය කියන්නේ බාල, සෙල්ලම් බඩු හදන, යට ඇඳුමක වත් නූල් එල්ලෙන්නේ නැතිව හදන්න බැරි, (ප්‍රමාණය) quantity මිසක් (ඉහල තත්වය) quality නැති නිෂ්පාදකයෙක් උන කාලය අතීතයට එක් වෙලා ඉවරයි.
මම පුද්ගලිකව නම් චීන වාහනයක් මිලදී ගන්න කැමැත්තක් නැහැ. ඒක, මම හැදී වැඩුණ කාලයේ (Generational Issue) තියන ප්‍රශ්නයක්. මම 1962 උපන් කෙනෙක් නිසා තියන මානසික ප්‍රශ්නයක්.
මගේ තාත්තාට, ජපන් වාහන සම්බන්ධයෙනුත් ඔය කියන මානසික ප්රශ්නය තිබුනා.
නමුත්, මුදලේ වටිනාකමට ලැබෙන වාහනයේ කොලිටි එක හැටියට, ලංකාවේදී සලකන්නේ මොකක්ද කියන එක බොහොම විවාදාත්මකයි.
උදාහරනෙකෙට එක හා සමාන ජර්මන්, ජපන්, කොරියන් වාහන තුනක් අරගත්තොත්, ජර්මන් වාහනය රුපියල් ලක්ෂ තුනක් වෙද්දී, ජපන් වාහනය ලක්ෂ දෙකයි. කොරියන් එක ලක්ෂයයි.(මේ මිල ගණන් උදාහරණයක් පමණක් උනාට, එක්තරා කාලයක මේ ගණන් සැබෑ වටිනාකම කියලත් කිව යුතුයි.) ජර්මන් එක අවුරුදු 9 කිසිම කරදරයක් නැතිව එලවන්න පුළුවන් වෙන කොට ජපන් එක අවුරුදු හයකුත්, කොරියන් එක අවුරුදු තුනකුත් ලෙඩ දෙන්නේ නැහැ. ඊළඟට මේවායේ warranty කාල සීමාව, නඩත්තුව, ටයර්, බැටරි වැනි කාලෙන් කාලෙට අනිවාර්යයෙන්ම අළුතෙන් දැමිය යුතු දේවල්, සහ පසු විකුණුම් මිල සලකා බැලුවම, හොඳම මිල දී ගැනීම වෙන්නේ කොරියන් වාහනයයි. නමුත්, ජර්මන්, (හෝ වෙනත් යුරෝපියන් රටක වාහනයක්, හෝ ඇමරිකන් වාහනයක්) වාහනයක් එලවනවා කියලා සමාජයෙන් ලැබෙන සැලකිල්ල, ලැබෙන සුඛෝපභෝගී පහසුව, reliability එක මුදලට වඩා වටිනවා නම්, යා යුත්තේ ජර්මන්, ඇමරිකන් හෝ යුරෝපියන් වාහනයකටයි.
බැංකු ණයකින් හෝ ෆිනෑන්ස් කොම්පැනියකින් ලබා ගත් ණයකින් මේ වාහන මිලදී ගත්තොත්, ලබා ගන්නා ණය මුදල අඩු, වැඩි වෙනවා පමණක් නොව, ජර්මන් වාහනය වසර නමයකට පසුව හෝ, ජපන් වාහනය වසර හයකට පසුව හෝ විකුනනවා ට වඩා (ගැනුම් මුදලට සාපේක්ෂව) ඉහල මිලකට කොරියන් වාහනය (වසර තුනකට පසුව) විකුනන්න පුළුවන්. ඒ වගේම, ඒක පාවිච්චි කලේ වසර තුනක් පමණක් නිසා, නැවතත් අලුත්ම කොරියන් වාහනයක් මිලදී ගැනීමේ හැකියාවත්, ඒ වාහනයේ warranty කාල සීමාව නොඉක්මවූ නිසා අලුත්වැඩියා සඳහා වියදමක් නොගිය අතරම පාවිච්චි කල කාලය වසර තුනක් පමණක් නිසා අත්‍යාවශ්‍ය ටයර්/බැටරි අලුතෙන් දැමීමේ අවශ්‍යතාවයකුත් ඇති වෙන්නේ නැහැ.
මම මේ දේවල් කිව්වේ අලුතෙන් වාහන වෙළඳ පොලට දාන රටකට මුහුණ දෙන්න වෙන අභියෝග ගැන යම් අදහසක් ලබා දෙන්නයි. ඉන්දියාවේ වාහන හැදුවේත් වෙනත් දියුණු රටවල වාහන අනුකරණය කරමිනුයි. නමුත් ඒවා කිසිවිටකත් විදේශීය වෙළඳපොල සඳහා නිපදවූයේ නැති නිසා (මේ කියන්නේ 1950-2000 පමණ අතර) ඒවායේ තත්වය බොහොම පහලයි.
Ambassador කාර් එක Morris Oxford එක කොපි කර හැදූ අතර, බර වාහන වන හින්දුස්ථාන් බෙඩ්ෆෝර්ඩ් එක Bedford වලිනුත්, අශෝක් ලේලන්ඩ් එක බ්‍රිටිෂ් ලේලන්ඩ් එකෙනුත්, මර්සිඩස් වලින් ටාටාත් නිෂ්පාදනය කළා. විලීස් අන්ඩර් ලයිසන් එකක් වූ මිට්සුබිෂි ජීප් එක කොපි කර මහේන්ද්‍රා ජීප්පුවත්, බොහොම මෑත කාලයේ මරුති එකත් හැදූ නමුත් මේවා සියල්ලම දේශීය(ඉන්දීය) වෙළඳපොල පමණක් ඉලක්ක කර සෑදූ නිසා ඒවා බොහොම රළු, Made By An Indian කියන slang එකේ සම්පුරණ තේරුම ඇති නිෂ්පාදන උනා.
චීනයත්, තම රටේ පාවිච්චිය පමණක් ඉලක්ක කර සෑදු වාහන වල තත්වය ඉන්දියන් වාහන වලටත් වඩා පහල තත්වයක තමයි තිබුනේ. කොරියාවත් මුල් කාලයේ හදාපු වාහන හැම වර්ගයක්මත් එහෙම තමයි. නමුත් කොරියාව පසුකාලීනව ලෝක වෙළඳපොළට මුහුණ දෙන්න පුළුවන් ආකාරයට තම වාහන වල තත්වය උසස් කර ගත්තා.
චීනයේ නිෂ්පාදන වල "තත්වය" රඳා පවතින්නේ, ඒවා චීන brand ද එහෙම නැතිනම් ලෝකයේ ප්‍රසිද්ධ brand එකක් චීනයේ නිෂ්පාදනය කරනවාද කියන කරුණ මතයි. ලෝක ප්‍රසිද්ධ සන්නාම හිමිකරුවන් කිසි විටක ඔවුන්ගේ නිෂ්පාදන වල තත්වය පහල යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා චීනයේ නිෂ්පාදිත, ඔවුන්ගේම නිෂ්පාදන වලට වඩා ඉහල තත්ත්වයක්, චීනයේ නිපදවන ලෝකයේ ප්‍රචලිත නාමයක් සහිත නිෂ්පාදන වලට තියනවා.