Microsoft Office Excel උදව්වක් !

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Excel වල Mouse එක පහලට යන්න යන්න Rows ගාන සහ එහාට යන්න යන්න Colounms ගාන වැඩි වෙනව නේ. එහෙම නැතුව එක Fixed Rows and Colounms ගානක් තියාගන්නේ කොහොමද ?:no:
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මෙන්න ඒකට ක්‍රමයක්. හැමදාම නෑ. හැමතැනම නෑ.

    1 පියවර - අදාළ Excel Sheet එක Open කරගෙන මුළු Sheet එකම select කරගන්න. (පහත රූපයේ රතු ඊතල සලකුණ ඇති තැනින්.) පසුව ඔබ කැමති තද පාටක් Sheet එකටම fill කරගන්න.

    13435546_10209900150209351_4584250209780330680_n.jpg

    2 පියවර - දැන් ඔබට අවශ්‍ය ප්‍රදේශය (navigation area) select කර එහි fill colour එක ඉවත් කර ගන්න. (පහත රූපය.)

    13428515_10209900150449357_4060662946447970766_n.jpg

    පියවර 1 හා 2 අත්‍යවශ්‍ය නැහැ. එයින් කරන්නෙ අදාළ navigation area එක පැහැදිලිව වෙන්කර ගැනීමයි.

    3 පියවර - Sheet name Tab එක මත right click කර මතුවන මෙනුවේ view code යන්න select කරන්න. (පහත රූපය.)

    13418935_10209900150929369_51384771955622294_n.jpg


    විෂුවල් බේසික් වින්ඩෝවක් මතුවේවි පහත රූපයෙ විදියට. නමුත් පෙනුම ඊට වෙනස් නම් View > Properties Window යන්න menu bar එකට ගොස් select කරන්න. එවිට මේ විදියට පෙනේවි.

    13419039_10209900151529384_3968712571242773679_n.jpg


    4 පියවර - දැන් එහි රතු කොටුවෙන් දක්වා ඇති Scrollarea property එක ඉදිරියෙන් අදාළ navigation area එක යොදන්න. (ඊළඟ රූපයේ රතු රවුම.) දැන් විෂුවල් බේසික් වින්ඩෝව close කරන්න.

    13428601_10209900151849392_5727957275607185910_n.jpg


    වැඩේ අවසානයි. ඔබේ කර්සරය එම area එකෙන් එපිටට scroll වෙන්නේ නැහැ.

     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න ඒකට ක්‍රමයක්. හැමදාම නෑ. හැමතැනම නෑ.

    3 පියවර - Sheet name Tab එක මත right click කර මතුවන මෙනුවේ view code යන්න select කරන්න. (පහත රූපය.)

    13418935_10209900150929369_51384771955622294_n.jpg





    View Code කියලා එකක් නැහැනේ....


    iiglEd6.png