Microsoft Server Exams

w.m.l.sandaruwan

Active member
  • Jul 6, 2013
    207
    35
    28
    එළකිරි එකේ ඉන්න මයික්‍රොසොෆ්ට් Exams කරන යාලුවෝ වෙනුවෙන් අලුත් නූලක් පටන් ගන්න හිතුවා. මෙතනදි මම Update කරන්න බලාපොරොත්තු වෙන්නේ Server පැත්ත ගැන තියෙන Exams ගැන විස්තර විතරයි. මං ළග තියෙන E-Books, Video Training, Simulators, Practice Exams ආදී දේවල් පබ්ලිෂ් කරන්න වගේම ඒ ඒ විභාග ගැනත් මං දන්න විස්තර එළකිරි එකේ ඉන්න අපේ යාලුවොත් එක්ක බෙදාගන්නවා.

    මේ නූල දිගටම කරගෙන යන්නනම් ඔයාලගේ උදවු මට ඕන වෙනවා යාලුවනේ. මොකද මං ළග නැති ගොඩක් දේවල් එළකිරි එකේ ඉන්න අපේ යාලුවො ලග ඇත්. ඒවත් මෙතන බෙදා හදා ගනීවි කියලා මං බලාපොරොත්තු වෙනවා වගේම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔහෙනම් අපි පටන් ගමු මයික්‍රොසොෆ්ට් Exams ගැන තියෙන අලුත් නූල.


    මුලින්ම කියන්න ඕන Microsoftලාගේ දැන් යන Exams තියෙන්නේ Windows Server 2008 හා Windows Server 2008 R2 කියන සර්වර් Operating Systems සහ Windows 7 කියන Client OS වලින්. එතකොට මීට කලින් තිබුන Exams උන MCSE සහ MCSA කියන Exams පදනම් උනේ Windows Server 2003/2000 කියන සර්වර් Operating Systems සහ Windows Vista, Windows XP කියන Client OS වලින්. ඒත් දැන්නම් Windows XP Exams කල් ඉකුත් වෙලා නිසා කරන්න බෑ. මොකද අලුතෙන් එන Exams වලට පදනම් වෙන්නේ අලුත් ඔපරේටින් සිස්ටම්ස් නිසා. එහෙනම් අපි බලමු මොනවද මේ අකුරු වලින් කියවෙන Exams කියලා. අපි දැනට රිටයර් වෙලා තියෙන පරන ඒවගෙන්ම පටන් ගමු.

    MCSA - Microsoft Certified Systems Administrator

    MCSA කෙනෙක් විදිහට qualify වෙන්නනම් Exam 4ක් සමත් වෙන්න ඕන. පිළිවෙල කොහොම උනත් කමක් නෑ. ඒවානම්,

    * networking systems වලින් Exams දෙකකුත්
    * client operating systems වලින් Exams එකකුත්
    * elective exam වලින් Exam එකකුත් විදියටයි.

    දැන් අපි බලමු මොනවද කරන්න තියෙන Exams කියලා.

    networking systems වලින් නම් තෝරගන්න දීලා නෑ. මොකද එතන තියෙන්නේ Exams දෙකක් නිසා. මෙතනදි මං තව දෙයක් කියන්න ඕන. Microsoft විතරක් නෙවෙයි හැම Vendor කෙනෙක්ම තමන්ගේ Exams වලට අංකයක් දීලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට එක අදුන ගන්නේ මේ අංකෙන් තමයි.

    Managing and Maintaining a Windows Server 2003 Environment - Exam 70-290
    Implementing, Managing, and Maintaining a Windows Server 2003 Network Infrastructure - Exam 70-291

    මේ හැම එකක්ම සිංහලෙන් තේරුම් කරන්න මම උත්සහ කරන්නේ නෑ. මොකද මේ දේවල් ඉංග්‍රීසියෙන් තේරුම් ගන්න පුලුවන්නම් විතරයි මේ Exams කරන්න පුලුවන්කම ලැබෙන්නේ. ඉතිං ඉංග්‍රීසි බැරි හෝ අමාරු කවුරු හරි ඉන්නවනම් හැමදේටම කලින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගෙන ඉන්න මේ Exams කරන්න කලින්. මොකද ප්‍රශ්න තියෙන්නේ English වලින් විතරයි.

    ඊළගට තියෙන්නේ client operating systems වලින් කරන්න තියෙන Exam එක. මෙතනදි Exams 3කින් එකක් තෝරගෙන කරන්නයි තියෙන්නේ. අපිට කැමති එකක්. ඒත් මමනම් කියන්නේ දැනට තියෙන අලුත්ම operating system එක ගැන තියෙන Exam එක කරන්න කියලයි. හේතුවනම් ඒක කල් ඉකුත් වෙන්න අනිත් Exams වලට සාපේක්ෂව වැඩි කාලයක් ගතවීම සහ සමහර පරණ operating system දැනටමත් භාවිතයෙන් ඉවත්වෙලා හෝ ඉවත් වීගෙන යනඒවා වීම. උදාහරණයක් විදයට Windows 2000 දැනටමත් Expire වෙලා සහ Windows XP දැනට use වෙන්නේ ගොඩක් අඩුවෙන් නිසා ඒකත් ඉක්මනටම Expire වෙන නිසා.

    TS: Windows 7, Configuring - Exam 70-680
    මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.
    මේ Exam එක කරනවනම් ගොඩක් හොදයි. මොකද දැනට තියෙන අලුත්ම Client OS එක තමයි Windows 7.


    TS: Configuring Windows Vista Client - Exam 70-620
    මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.


    Installing, Configuring, and Administering Windows XP Professional - Exam 70-270
    මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.


    Installing, Configuring, and Administering Microsoft Windows 2000 Professional - Exam 70-210
    මේ exam එක දැනටමත් retired, ඒක නිසා අපිට ඒක කරන්න බැහැ. නමුත් ඔයා ඒක කලින් සමත් වෙලා තියෙනවනම් වල එක කරන්න ඕන වෙන්නේ නැහැ.
    මේ එක ගනන් ගන්නේ client operating systems requirement හෝ elective requirement යන දෙකෙන් එකකට විතරයි. දෙකටම ගනන් ගන්න බෑ හොදේ.

    MCSA kiyanne "Microsoft Certified Systems Administrator" nemei bn Microsoft Certified Solutions Associate (MCSA). anith eke thama bn danna tharamin MCSA ganna liyanna one exam 3i, e exam thama, 410,411 and 412.

    more info-http://www.microsoft.com/learning/en-us/mcsa-windows-server-certification.aspx
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    MCSA kiyanne "Microsoft Certified Systems Administrator" nemei bn Microsoft Certified Solutions Associate (MCSA). anith eke thama bn danna tharamin MCSA ganna liyanna one exam 3i, e exam thama, 410,411 and 412.

    more info-http://www.microsoft.com/learning/en-us/mcsa-windows-server-certification.aspx

    :yes::yes::yes::yes::yes:
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    MCSA kiyanne "Microsoft Certified Systems Administrator" nemei bn Microsoft Certified Solutions Associate (MCSA). anith eke thama bn danna tharamin MCSA ganna liyanna one exam 3i, e exam thama, 410,411 and 412.

    more info-http://www.microsoft.com/learning/en-us/mcsa-windows-server-certification.aspx

    Macho mama me thread eka patan gannakota windows 8 wath Windows server 2012 wath release wela thibunewath ne. E parana thibuna ewagen thama me thread eka patan gaththe.

    Ethakota MCSA kiuwe Microsoft Certified Systems Administrator & MCSE kiuwe Microsoft Certified Systems Engineer..

    Dan eka wenas wela MCSA = Microsoft Certified Solutions Associate & MCSE = Microsoft Certified Solutions Expert wela :)
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    Machanla mage laptop eka ukas thiyala thiyenne salli hadissiyak wela. dan mama internet yanne cyber cafe ekakin. eken karanna amarui machan. machine ekak gaththa gaman mama aluth syllabus (2012 server & windows 8) eken me thread eka update karannam...

    Lap eka wikinuweth karagannama deyak nethi nisa. Mage ammata cancer ekak machanla. Mata awurudu 7di mage thaththa nethi una dawase indan mata dukak nodee mawa loku mahath karala balagaththa ammage Jeewithe mata watinawa machanla Lap ekata wediya.. Hadissiyata Nayata illagannawath kawuruwath nethi nisa lap eka ukas thiyala thama salli hoyagaththe. Me friday wenna kalin eka beraganna 24,000k hoyaganna ona mama monawa karala hari. nethnam eka sinna wenawa...

    Mage private dewal ubalaa wedak ne kiyala mama dannawa machanla. mama mehema aththama kiyanna hethuwa samahara aya mata me thread eka update karanne ne kiyala, Aluth syllabus eka (Server 2012 & Windows 8) gena liyanne ne kiyala benala PM dala thibuna. Samaweyan machanla mata meka update karanna beri unata..

    Mama lap eka beragaththa gamanm mama aluth syllabus eken me thread eka update karanawa kiyala mama ubalata porondu wenawa...

    Eth ekkama puluwan kawuruhari innawanam mata Lap eka beraganna sup ekak denna kiyalath mama illanawa. Mokada mama sehenna naya wela inne ammage asaneepe nisa. mehema sup ekak illanna hethuwath ekamai.. ehema udawwak karanna puluwan kawuruhari innawanam mata call ekak denna machanla.. (0710993089 mage number eka) Ada wenakal kagenwath kisima deyak illuwe nethi mama ada mehema lejjawa peththakata dala illuwe mage hemadekatama wada mata mage ammage Jeewithe watina nisa. Mokada mata inna ekama kena mage amma witharamai machanla...
     

    kwsupun

    Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    මම MCSA Server කරන්න කියලා හදන්නේ, මේ ත්‍රෙඩ් එකේ හොද විස්තරයක් තියෙනවා, ගොඩක් ස්තූතියි,
    MCSA කරන්න basic Knowledge එකක් ඕනෙද නැත්තම් කරන්න අමාරු වෙයිද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම MCSA Server කරන්න කියලා හදන්නේ, මේ ත්‍රෙඩ් එකේ හොද විස්තරයක් තියෙනවා, ගොඩක් ස්තූතියි,
    MCSA කරන්න basic Knowledge එකක් ඕනෙද නැත්තම් කරන්න අමාරු වෙයිද?

    නෙට්වර්ක් ගැන බේසික් දැනුමක් තිබ්බොත් වැඩිය ලේසි...
    නැත්නම් නෙට්වර්ක් ගැන ටිකක් ඉගෙන ගෙනම MCSA කරන්න..

     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    මටත් ආසයි exam කරන්න
    මෙක අප්ඩේට් කරන්න යාලුවො