රට ඉදි වලින්...
ලෝකේම ඕනිම රටක් මහ බැංකුවකින් මුදල් ඒකකයක් නිකුත් කිරීම සිදු කරන්නේ ජනතාව ඒ ගැන තියන විශ්වාසය මත.ඒ විශ්වාසය නිසයි මහජනතාව ඒ මුදල් ඒකකය භාවිතා කරන්නේ.අපි ඩොලර් සංචිත එකකයක් විදිහට පාවිච්චි කරන්නෙත් අපි විශ්වාස කරනවා ඇමරිකාවේ ආර්ථිකය ගොඩක් ස්තායී විදිහට පවත්වා ගනී කියලා.ඒ විශ්වාස මහ බැංකුව විසින් රදාවාගන්න ඕනි.දැන් ලංකාවේ වෙලා තියෙන්නේ ඒ විශ්වාස බිද වැටෙන එක.විශ්වාස පවත්වාගන්න එක එක ක්‍රම තියෙනවා..ඒ ක්‍රම අනුව අපි මහ බැංකුව විශ්වාස කරලා මුදල් ඒකකට පිලිගන්නවා වගේම මහ බැංකුවත් තමන්ගේ මුදල් ඒකකය කිසිම හේතුවන් නිසා ප්‍රතික්ෂේප කරන්න බෑ.තමන්ම වටිනාකමක් නියම කරලා භාවිතයට නිකුත් කරන මුදල් ඒකකය,තමන්ටම ආපහු භාර ගන්න බෑ.මේකට වටිනාකමක් නෑ කියලා මහ බැංකුව කියනකොට විශ්වාස බිද වැටෙනවා.ලංකාව තුල දැන් සිදු වෙමින් යන්නේ ඒක.ඔයා රුපියල් කොටියක් අරන් ගිහින් මහ බැංකුවට ගිහින් දීලා මහ බැංකුවට කියනවා.මම ඔයාව විශ්වාස කරලා මේ කොල වලින් ගනුදෙනු කලා මට දැන් මේ වටිනාකම වෙනුවට ඩොලර් දෙන්න කියලා.මහ බැංකුවට මේකට බෑ කියන්න බෑ..දැන් ලංකාවේ මහ බැංකුව මේකට බෑ නොකියා බෑ කියනවා.කාටවත්ම ඩොලර් නිකුත් කරන්නේ නෑ රුපියල් දුන්නට.එහෙම දෙන්න ඩොලර් මහ බැංකුව ලග නෑ.
ඔය විදිහටම ඩිනාර්,රියාල්,පෙසෝ, මොනම හරි මුදල් ඒකකයක් අපි අරන් ගිහින් ආදාල මුදල නිකුත් කරපු මහ බැංකුවට දුන්නම ඒ වටිනාකමට සරිලන වෙනත විදේශ මුදලක් ඒ මහ බැංකුවෙන්.නිකුත් කරන්න ඕනි.ඩොලර් කියලා කියන්නේ මෙතනදී හැමෝම පිලිගන්න පොදු මාධ්‍යයක්.ඉතිං මැද පෙරදිග,උඩ පෙරදිග,යට පෙරදිග කොහේ වැඩකලත අවසානයේදී ඒවා ඩොලර් විදිහටම ගනන් ගන්න පුලුවන්..
මේක මමත කියවලා තේරුම් ගත්ත දෙයක