Military History - M4 Sherman

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,820
    197,999
    113
    Colombo, Sri Lanka
    ඇමෙරිකාවෙන් දෙවන ලෝක යුද්ධයේ දී සටන් බිමට හඳුන්වා දුන් පසුව බ්‍රිතාන්‍යය හමුදා, කැනඩා හමුදා ඇතුළු මිත්‍ර පාර්ශවය විසින් භාවිතා කරන ලද මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකියක් වන M4 ෂර්මන් යුධ ටැංකිය පිළිබඳව ඔබ අසා තිබෙනවා ද? අද ලිපියේ ඉඩ වෙන් වෙන්නේ දෙවන ලෝක යුද්ධ සමයේ ලෝක ප්‍රසිද්ධ වූ එක් යුධ ටැංකියක් වන M4 ෂර්මන් යුධ ටැංකිය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමට යි.

    Suyhl4C.jpg




    ඇමෙරිකානු නිෂ්පාදනයක්

    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 1942 වසරේ දෙවන ලෝක යුධ පිටියට එකතු කෙරෙන M4 ෂර්මන් යුධ ටැංකිය පළමුවෙන්ම භාවිතා කරන්නේ එරට හමුදාව යි. එය බොහෝ විට භාවිතා කරන්නේ එක්සත් ජනපද මැරීන් බලකාය විසින්. පසුව එය බ්‍රිතාන්‍ය යුධ ටැංකි ඩිවිෂණ මෙන්ම, ඉන් පසුව කැනඩාව හා රුසියාව වැනි මිත්‍ර පාර්ශවික රටවල යුධ ටැංකි ඩිවිෂණ ද භාවිතා කරනවා. එය දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර හමුදා අතර ඉතා ජනප්‍රිය ටැංකියක් ලෙස ද හඳුන්වා දිය හැකි යි.




    sZJ6Jxl.jpg

    M4 ෂර්මන් (The National WWII Museum)


    ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 1942 වසරේ දෙවන ලෝක යුධ පිටියට එකතු කෙරෙන M4 ෂර්මන් යුධ ටැංකිය පළමුවෙන්ම භාවිතා කරන්නේ එරට හමුදාව යි. එය බොහෝ විට භාවිතා කරන්නේ එක්සත් ජනපද මැරීන් බලකාය විසින්. පසුව එය බ්‍රිතාන්‍ය යුධ ටැංකි ඩිවිෂණ මෙන්ම, ඉන් පසුව කැනඩාව හා රුසියාව වැනි මිත්‍ර පාර්ශවික රටවල යුධ ටැංකි ඩිවිෂණ ද භාවිතා කරනවා. එය දෙවන ලෝක යුධ සමයේ මිත්‍ර හමුදා අතර ඉතා ජනප්‍රිය ටැංකියක් ලෙස ද හඳුන්වා දිය හැකි යි.

    දෙවන ලෝක යුද්ධ කාලය පුරා මෙම යුධ ටැංකි උතුරු අප්‍රිකා යුධ භූමිවල, ඉතාලියේ හා බටහිර යුරෝපයේ යුධ පිටිවල දැකගන්න ලැබෙනවා. 1942-1946 කාල සීමාව තුළ දී මෙම වර්ගයෙන් යුධ ටැංකි 49,324ක් නිෂ්පාදනය කළ අතර ඒ සඳහා කර්මාන්තශාලා 11ක් භාවිතා කර තිබෙනවා.




    දෙවන ලෝක යුද්ධයට ඇමෙරිකාව සම්බන්ධ වෙනවා නම් ඒ සඳහා මුහුණ දිය හැකි යුධ ටැංකියක අවශ්‍යතාවය


    දෙවන ලෝක යුද්ධය 1939 දී ආරම්භ වෙන අතර ජර්මානුවන් විසින් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් ආක්‍රමණය කිරීම ආරම්භ කෙරෙන්නේ 1940 වසරේ දී යි. මේ වන විට යුරෝපීය රටවලට සාපේක්ෂව යුධ ටැංකි තාක්ෂණය අතින් ඇමෙරිකාව පසු වෙන්නේ ඉතාමත් පහළ මට්ටමක යි. ජර්මානුවන් ඉතා වේගයෙන් යුරෝපය ආක්‍රමණය කරන අතර ඔවුන් ඒ සඳහා ප්‍රබල පාබල හමුදා බලයක් මෙන්ම වඩා දියුණු ගුවන් තාක්ෂණයක් ද භාවිතා කරනවා. තමන්ටත් ළඟ දීම යුද්ධයට ඇතුළත් වීමට සිදුවෙන බව දැන ගන්නා ඇමෙරිකානු රජය ඒ සඳහා වඩා ප්‍රබල තාක්ෂණයකින් හෙබි යුධ ටැංකියක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා.


    GGM6CXX.jpg

    M4 යුධ ටැංකිය සටන් බිමේ (MilitaryHistoryNow.com)

    මේ අතරවාරයේ එනම්, 1941 වසරේ දී ජපන් ගුවන් හමුදාව විසින් ඇමෙරිකාවට අයත් පර්ල් වරායට ප්‍රහාරයක් එල්ල කරනවා. මෙම ප්‍රහාරයත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය ද දෙවන ලෝක යුද්ධය සඳහා ඇතුළු වෙනවා. මේ වන විට ඔවුන් සතුව පවතින්නේ යුධ ටැංකි ඩිවිෂණ 5ක් පමණ යි.

    ඒ සමඟම ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යුද්ධය සඳහා ඔවුන් ඉදිරිපත් කරන පළමු නවීන යුධ ටැංකිය හඳුන්වා දෙනවා. මෙය නම් කරන්නේ M3 ජෙනරල් ග්‍රාන්ට් නමින්. ඒ ඔවුන්ගේ පැරණි ජෙනරාල්වරයෙක් සිහිවීම පිණිස යි. එය 1941 වසර තුළ දී දෙවන ලෝක යුද්ධයේ සටන් සඳහා යොදවනවා. නමුත් මීට වඩා වේගයෙන් ගමන් කරන එමෙන්ම මීට වඩා වෙඩි බලයෙන් ඉහළ යුධ ටැංකියක අවශ්‍යතාවය මිත්‍ර හමුදාවට තදින් දැනෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස යි M4 ෂර්මන් යුධ ටැංකිය නිර්මාණය වෙන්නේ.




    එම් 4 ෂර්මන් යුධ ටැංකිය නිර්මාණය වීම

    1940 වසරේ සිට සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස 1942 වසරේ දී එම් 4 ෂර්මන් යුධ ටැංකිය නිෂ්පාදනය කිරීමට ඇමෙරිකාව සමත් වෙනවා. යුධ ටැංකියට එම නම තබන්නේ ඇමෙරිකානු හිටපු යුධ නිලධාරියෙක් වන විලියම් ෂර්මන් සිහිවීම පිණිස යි. එය දෙවන ලෝක යුද්ධයේ මෙහෙයුම් සඳහා ප්‍රථමවරට සහභාගී වෙන්නේ බ්‍රිතාන්‍ය හමුදාව යටතේ උතුරු අප්‍රිකානු මෙහෙයුම්වලට යි. එහිදී මෙම යුධ ටැංකි සටන් කරන්නේ ජර්මානුවන්ගේ යුධ ටැංකියක් වන පැන්සාර් යුධ ටැංකි පෙළේ මුල් කාලීන ටැංකිවලට විරුද්ධව යි (පැන්සාර් 4).


    S43AbpU.jpg

    එම් 4 ෂර්මන් (ThoughtCo)

    එම් 4 ෂර්මන් යුධ ටැංකිය ටොන් 33ක බරකින් යුක්ත වූ අතර වේගය පැයට කි.මී 38ත් 46ත් අතර අගයක් ගන්නවා. ප්‍රධාන අවිය ලෙස සවි කරන්නේ මි.මී 75ක විශ්කම්භයක් සහිත දිගින් අඩු බැරලයක්. වරෙකට එහි 90ත් 104ත් අතර උන්ඩ ප්‍රමාණයක් රැගෙන යාමේ හැකියාව තිබුණා. ඊට අමතරව උප අවිය ලෙස එහි සවි කර තිබෙන්නේ 0.5 බ්‍රවුනින්ග් මැෂින් තුවක්කුවක්. M4 ෂර්මන් යුධ ටැංකියේ තව තවත් වෙනස් කිරීම්වලට ලක් කරමින් M4 A1, M4 A2, M4 A3, M4 A4, M4 A5 හා M4 A6 ලෙස යුධ ටැංකි සමූහයක් මෙම කාල සීමාව තුළ නිර්මාණය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත් වෙනවා.ඒ එක් එක් ටැංකිවල ප්‍රමාණ, සවි කරන ලද අවි හා වේගයන් එකිනෙකට මදක් වෙනස් වෙනවා.


    RQZ0JPK.jpg



    1944 දී පමණ ජර්මානු පැන්සාර් යුධ ටැංකි පෙළේ අවසන් හඳුන්වාදීම්වල දී නිකුත් කරන ලද පැන්තර් හා ටයිගර් නම් විශාල ප්‍රමාණයේ වෙඩි බලයක් අධික ශක්තියකින් යුක්ත යුධ ටැංකි හමුවේ M4 ෂර්මන් යනු යල්පැනගිය තාක්ෂණයකින් යුක්ත වූ ඒවා බව යුධ විශේෂඥයන්ගේ මතය යි.


    NJqR5ll.jpg

    1944 ජර්මානු පැන්සාර්


    නෝර්මැන්ඩි සටනට දැක්වූ දායකත්වය

    1944 දී මිත්‍ර හමුදා ජර්මානුවන්ගෙන් යුරෝපයේ බේරා ගැනීමේ පළමු මෙහෙයුම ආරම්භ කරන්නේ ප්‍රංශයේ නෝර්මැන්ඩි ගොඩ බැසීම හරහා යි. මෙහිදී M4 ෂර්මන් යුධ ටැංකිය විශේෂ කාර්යයභාරයක් ඉටු කරනවා.

    lkGoQ9r.jpg

    M4 ෂර්මන් යුධ ටැංකිය නෝර්මැන්ඩි සටනේ (Pinterest)

    සතුරන්ගේ බංකර් විනාශ කළ හැකි ගිනි විදින යුධ ටැංකි ලෙසත්, මාර්ගවල බාධක, හා බිම්බෝම්බ ඉවත් කරමින් ගමන් කරන බුල්ඩෝසර් යුධ ටැංකි ලෙසත් M4 ෂර්මන් යුධ ටැංකි භාවිතා වෙනවා. නාවික යාත්‍රාවල සිට ගොඩ බිමට පා වී යා හැකි DD (Duplex Drive) යුධ ටැංකි හා මෝටර් පෙති සහිතව සියලු බාධක විනාශ කරගෙන යන ආකාරයේ යුධ ටැංකි ද නිර්මාණය වන්නේ M4 ෂර්මන් යුධ ටැංකිවලට විවිධ උපකරණ සවි කිරීම මඟිනුයි.




    මූලාශ්‍රයයන් -
    MilitaryHistoryNow.com
    බ්ලොගර් - ලසන්ත කරුණාරත්න
    රෝර්මිඩියා
    Simple history.com
    britannica.com
    War history online.com
     
    Last edited: