| N O S T A L G I A |
මේ ජැම්සන්... මම දන්නෙ නැහැ ඔයාලත් මේවට කියන්නේ ජැම්සන් ද කියලා. ඒත් අපේ පැත්තේ කියන්නෙ එහෙමයි. නම අහලා පුරුදු නැත්නම් බලන්නකෝ අඳූරගන්න පුළුවන් ද කියලා...
මගේ මුල්ම ස්කෝලේ, ඒ කියන්නේ මහරගම ජනාධිපතියෙත් තිබුනා ජැම්සන් ගහක්. ටොයිලට් එක ලඟම තිබුන හින්ද ද කොහෙද ඒ ගහේ සෑහෙන පලදාවක් තිබුනා. ඉතින් අපේ කවුරුහරි එකෙක් පොත අත්සන් කරන්න ගියොත් අනිවාර්යෙන්ම ජැම්සන් ගෙඩියකුත් කටේ දාගෙන වැඩිපුර තිබුනොත් අනෙක් උන්ටත් අරගෙන තමා එන්නේ... ඔක්කොටම වැඩිය ලස්සන දේ තමා ඔය ක්ලාස් එකේ ඉන්න ටින් ටින් ටයිප් එකේ වුන්
"ඕවා කාලා ඔයාලට බඩේ අමාරුව හැදෙයි..."
කියලා කියනකොට තමා. හැබැයි ඇත්තම කියන්න ඒ කාලේ හිටිය "ටින් ටින්" ටයිප් වුන් දැන් අපිටත් වැඩිය "කොල්ලෝ" වෙලා. මට එක්කෙනෙක් මේ ලඟදි සෙට් වුනා තමන්ගේ අඹුවත් එක්ක CBR එකක යන ගමන්...
ඒ කාලේ කොච්චර සුන්දරද..? ශිෂ්‍යත්වය හින්දා අපේ ළමා කාලය ටිකක් සීමා වුනාට දැන් ළමයින්ට වැඩිය විහිදිච්චි පුළුල් ළමා ලෝකයක් අපිට තිබුනා. නමුත් අපි හැමෝම කොච්චර ආසා වුනත් කාලය නවත්තන්න බැහැ.
අනෙක් අතට අපි නිදහස් සෞඛ්‍යයෙන් ඉපදිලා, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තනම් අපෙනුත් මේ රටට යම් දෙයක් වෙන්න ඕනනේ.. හැමදාමත් පොඩි ළමයි වෙලා හිටියොත් ඒ දේ කරන්න අමාරුයි...
Last edited: