MindS Photography

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    මේවගේ අපට ඇස නොගැටෙන සුන්දර කලාත්මක දේවල් කොච්චර නම් ඇත්ද?
    ඒවගේ දේවල් නිර්මාණශීලිව කැමරාකාචය මත හසුකරගනිමින් අප සමග බෙදාගැනීම ගැන ඔබට අනේකවාරයක් ස්තූතියි සහෝ.:)
    තව තවත් මේවගේ අලුත් නිර්මාණ
    මතුවටත් ඔබගෙන් බලාපොරොත්තුවෙනවා.:yes:

    සහෝ කැළණියේ ෆොටෝ එක දකින්න ඇති නේද?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    කාලයකට පස්සෙ මින්දද ඇවිත් :):)
    අලුත් වැඩක්.නියමයි මචන්.
    මේ වැඩේටත් උඹට තියෙන්නෙ අපූරු හැකියාවක්
    මගෙන් සුභ පැතුම්.:D:D
    ඒක නෙමෙයි දිගටම මෙහෙ වරෙනනපි ආයෙම අපේ තැනක් හදමු.:yes::yes:;)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    | N O S T A L G I A |

    nostalgiao.jpg

    මේ ජැම්සන්... මම දන්නෙ නැහැ ඔයාලත් මේවට කියන්නේ ජැම්සන් ද කියලා. ඒත් අපේ පැත්තේ කියන්නෙ එහෙමයි. නම අහලා පුරුදු නැත්නම් බලන්නකෝ අඳූරගන්න පුළුවන් ද කියලා...

    මගේ මුල්ම ස්කෝලේ, ඒ කියන්නේ මහරගම ජනාධිපතියෙත් තිබුනා ජැම්සන් ගහක්. ටොයිලට් එක ලඟම තිබුන හින්ද ද කොහෙද ඒ ගහේ සෑහෙන පලදාවක් තිබුනා. ඉතින් අපේ කවුරුහරි එකෙක් පොත අත්සන් කරන්න ගියොත් අනිවාර්‍යෙන්ම ජැම්සන් ගෙඩියකුත් කටේ දාගෙන වැඩිපුර තිබුනොත් අනෙක් උන්ටත් අරගෙන තමා එන්නේ... ඔක්කොටම වැඩිය ලස්සන දේ තමා ඔය ක්ලාස් එකේ ඉන්න ටින් ටින් ටයිප් එකේ වුන්

    "ඕවා කාලා ඔයාලට බඩේ අමාරුව හැදෙයි..."

    කියලා කියනකොට තමා. හැබැයි ඇත්තම කියන්න ඒ කාලේ හිටිය "ටින් ටින්" ටයිප් වුන් දැන් අපිටත් වැඩිය "කොල්ලෝ" වෙලා. මට එක්කෙනෙක් මේ ලඟදි සෙට් වුනා තමන්ගේ අඹුවත් එක්ක CBR එකක යන ගමන්...

    ඒ කාලේ කොච්චර සුන්දරද..? ශිෂ්‍යත්වය හින්දා අපේ ළමා කාලය ටිකක් සීමා වුනාට දැන් ළමයින්ට වැඩිය විහිදිච්චි පුළුල් ළමා ලෝකයක් අපිට තිබුනා. නමුත් අපි හැමෝම කොච්චර ආසා වුනත් කාලය නවත්තන්න බැහැ.

    අනෙක් අතට අපි නිදහස් සෞඛ්‍යයෙන් ඉපදිලා, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තනම් අපෙනුත් මේ රටට යම් දෙයක් වෙන්න ඕනනේ.. හැමදාමත් පොඩි ළමයි වෙලා හිටියොත් ඒ දේ කරන්න අමාරුයි...
     
    Last edited:
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    මචන් උබ නවකතා ලියනවද ? උබේ අදහස් මාරයි බන්..........
    ඒ කතාවනම් ඇත්ත සහෝ :yes:

    නැහැ... කෙටිකතා දෙක තුනක්නම් ලියලා තියෙනවා...
    ස්තූතියි ඇගයීමට මචං...

    අපිටත් බලාගන්න ලස්සන කතා ටිකක් ලියල එලකිරි එකටත් දාන්න.
    ;):)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම