MINI COOPER CLASSIC

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකේ ෆොටෝ නැද්ද බං...
    2001 වගේ ගත්තේ, ෆොටෝ නම් නෑ.:sorry:
    ඉතින් කාර් එක ගැන විස්තර ටිකක් කියපන්කො මචන්

    පාර්ට්ස් හොයාගන්න තියෙනවද? ගත්තේ කොහෙන්ද ? ඒවා ගණන්ද? තෙල් කිරිල්ල කොහොමද? මොනාද නිතරම එන ලෙඩ? ඕවනේ බං අනිත් උන්ට කියලා දෙන්න ඕනේ.

    :yes:

    පාර්ට්ස් හොයන්න තරම් ලොකු කාලයක් මම තියාගත්තේ නැහැ. ඒකට හේතුව වුනේ මට ඔය නොම්බරේට නියම පොත ලැබුනේ නැහැ. මම 1.75/= කට ඒක ගත්තේ. එවෙලේ පොත මිනිහ ගාව තිබුනේ නැහ. ඌ කියුවේ උකස් කරල බේරලා දෙන්නම් කියල ආසාවට හා නොදන්න කමට මම හා කියල 1.25/= දුන්න පොත දුන්නම ඉතුරු 50 දෙන්නම් කියල. පස්සේ ඌ මයිනර් පොතක් උස්සන් ඇවිත් ඉතුරු සල්ලි ඉල්ලුවා. කාර් එකේ නොම්බරේට වෙනස්. මම ඉතුරු සල්ලි දුන්නේ නැහැ. පස්සේ වෙන කෙනෙක් කාර් එක විකුනනවද කියල මට නිතරම අහන්න ගත්තා. මම පොත නෑ කියල පොරට අඩුවට කාර් එක දුන්නා.
    ඒකේ රනින් නම් අවුලක් තිබුනේ නැහ. බ්‍රේක් හොඳටම අඩුයි දෙපාරක් විතර හැදුවට හරි ගියේ නැහැ.
    මට යාලුවෙක් කියුවා ඉස්සරහ වීල් දෙකයි ඇන්ජිමයි සෙට් එකම එකට අරන් තියමු කියල. පොතේ අවුල නිසා මම බයේ කරේ නැහැ.
    ඕකේ මෙට්‍රො එන්ජින් කියල එකක් එනවා. ඒක තමයි මාකට්.
     
    Last edited:

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    මමත් පට්ටම ආස වාහනයක් තමයි මිනි කූපර් එක. මටත් ගන්න ආසාවක්නං තියෙනව. අවුරුදු 3ක් 4ක් ඉස්සර 5ට අඩුවෙන් ගන්න තිබුණා.දැන්නම් 8ක් 9ක් වගේ ගනන් වලටත් යනව.සුපිරියටම මොඩිෆයි කරන්නත් පුලුවන්. අලුත්ම මිනි කූපර් එකත් පට්ට ලස්සනයි. පොඩ්ඩක් හොයල බලල මමත් එකක් ගන්නව.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    uba ganawanum mata kiyapan 8.75 ekak thiyenawa mun adunana vintage cars collect karana ekek gawa,hugak hoda condition ekata thiyenawa :yes:habi family ekata num oka gelapen ne A/L karapu kollanta hodai :confused:10 wada dila owa gana apa worth ne:rofl:HABAI KOCHARA OLD UNATH THAMA PATTA LOOKING CAR EKA:love:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,744
    11,374
    113
    අවසන් නිගමනය : අමතර කොටස් සුලබ නොවීම සහ ඒවා මිලෙන් වැඩි වීම , නඩත්තු වියදම් වැඩි වීම යන කරුණු හේතුවෙන් අතේ මුදල් නොමැති අයට මෙම වාහනය සුදුසු නැති බව අපි තේරුම් ගෙන අමාරුවේ නොවැටී සිටිමු.

    ප:ලි: එය ඉන්දියානු වාහනයක් මිලට ගැනීමට හේතුවක් නොවන බවද තරයේ මතක තබා ගත යුතුය
    :yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අවසන් නිගමනය : අමතර කොටස් සුලබ නොවීම සහ ඒවා මිලෙන් වැඩි වීම , නඩත්තු වියදම් වැඩි වීම යන කරුණු හේතුවෙන් අතේ මුදල් නොමැති අයට මෙම වාහනය සුදුසු නැති බව අපි තේරුම් ගෙන අමාරුවේ නොවැටී සිටිමු.

    ප:ලි: එය ඉන්දියානු වාහනයක් මිලට ගැනීමට හේතුවක් නොවන බවද තරයේ මතක තබා ගත යුතුය
    :yes:

    indian aluth ewath ubata oya price ekata ganna be bun:P:yes::yes: