Misary in the mother's womb

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබොක හෝ රන් කරඩුවක නොවේ. ඔහු පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතෙරහි වූ අතිශයින් අවහිරවූ ලෝකාන්තරික නරකය සේ අදුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතෙයන් පිරුනවූ මව් කුසැ, වැසිකිළි වෙළක උපදනා පණුවකු සේ උපදින්නේය.

ඉක්බිති ඔහු දසමසක් මුළුල්ලෙහි මව් කුස තුළම උෂ්ණෙයන් පැසෙමින් අත් පා හැකිලීම් දිගුකිරීම් වලින් තොරව මහත් දුකක් විදින්නේය.

ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද, අහිකුණ්ඪකෙයකුට අතට පත් සර්පෙයකු මෙන්ද පොඩි වන්නේය, තැළෙන්නේය.

ඔහු මව ඇල්දිය බී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු මෙන්ද, මව උණු පැන් බී කල්හි ගිනි කබලකට වැටුණකු මෙන්ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය.

දරුවා බිහිවන කල්හි මව් කුස තුලම හටගන්නා වූ කර්මජ වාතෙයන් ළදරුවෙග් ශරීරය හිස යටිකුරු කොට යෝනි මුඛයට වැටෙනෙසේ පෙරළන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබුවකුට මෙන් අතිමහත් දුකක් වන්නේය. අති සම්බාධ වූ යෝනි මුඛෙයන් නික්මෙන කල්හි සඪ්ඝාත නරකෙයහි පෙරෙළන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බදු මහත් දුකෙක් වන්නේය.