Miss Call එකක් දුර දිග ගිය හැටි

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
Miss Call එකක් දුර දිග ගිය හැටි

Miss Call එකක් දුර දිග ගිය හැටි​

attachment.php


මා සේවය කරන විවාහ අධිකරණයේදී මට හමුවූ එක්තරා සත්‍ය සිද්ධියකින් මෙම ලිපිය ආරම්භ කරන්නට සිතුවෙමි. ජංගම දුරකථනයට ( Mobile Phone ) ආ Miss call එකක් දුරදිග යෑම මේ කතාවේ පසුබිමයි. මෙහි සඳහන් නම් සියල්ලක්ම මනඃකල්පිතය.

නිහාල් හා සුසිලා විවාහ වූයේ යෝජනාවකිනි. ඔවුන් දෙදෙනාම ප‍්‍රදේශයේ ව්‍යාපාරික පවුල්වල දරුවන්ය. කලක සිට පැවති දෙමාපියන්ගේ දැන හැඳුනුම්කම නිසා මෙම විවාහ යෝජනාව ගෙනාවේය. දෙදෙනාම විවාහ වෙන වයස් සීමාවේ සිටි නිසා වැඩිහිටියන් විවාහය කල් නොදමා මාස කිහිපයක් ඇතුළත ජයට මඟුල් කා විවාහය සිදුකරන ලදී. ඔවුන් දෙදෙනාට කිසිම ආර්ථික අපහසුතාවයක් නොවූයේ දෙදෙනාටම උරුම වූ ව්‍යාපාර කටයුතු හොඳ ජයටම කෙරීගෙන ගිය නිසාය. මුලදී තරුණ සැමියා ව්‍යාපාරය පාලනය කරද්දී, බිරිඳ ගෘහණියක්ව සිටියත්, ක‍්‍රම ක‍්‍රමයෙන් සැමියා කාර්යබහුල වීමත් සමගම බිරිඳද ව්‍යාපාර කටයුතුවලට සහභාගි වූයේ ගෙදර පාලනය මෙහෙකරුවන්ට බාර දෙමිනි. ඔවුන් පැතූ ලෙසම දරු තිදෙනෙකුගේ දෙමාපියන් වීමේ භාග්‍යයද ලැබීය. දරුවෝ හැදුවේ මෙහෙකරුවන්ය. උදේම වැඩ කටයුතු සඳහා පිටත්ව යන මොවුන් දෙදෙනා නැවත ගෙදර එන්නේ බොහෝ රෑ බෝ වී බැවින් දරුවන්ට ඔවුන් ආගන්තුකයින් වූවා මෙන්ම, දරුවන්ද වැඩි සෙනෙහසක් පෑවේ තමන් හදාවඩාගත් මෙහෙකාර කාන්තාවටය.

කාලය මෙසේ ගෙවී ගියේය. දැන් වැඩිමහල් පිරිමි දරුවාගේ වයස අවුරුදු 18 කි. උසස් පෙළ විභාගයට පෙනී සිට දැන් ගෙදරය. දෙවැනි දියණිය හා තුන්වෙනි පුතා තාමත් පාසල් සිසුන්ය. තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙන වෙනම බෙදාගත්මේ සැමියා හා බිරිඳ, දැන් ස්වාධීනව තමන්ගේ ආයතන පවත්වාගෙන යයි. වෙන වෙනම වාහන පාවිච්චි කරනවා පමණක් නොව, බැංකු ගිණුම්ද පවත්වාගෙන යන්නේ වෙන වෙනමය. දවසේ වැඩ නිමාකර ප‍්‍රමාදවී ගෙදර පැමිණෙන ඔවුන් දෙදෙනාම නැවත වරක් පසුදින ව්‍යාපාර කටයුතු සඳහා සූදානම් වෙමින් එක්කෝ පොත පතෙහි වැඩ කටයුතු කරති. නැතහොත් දුරකථන සාකචා පවත්වති.



ටික දිනක් ගතවෙද්දී මහ රෑ යාමයේ සුසිලා ජංගම දුරකථනයෙන් පවත්නා දීර්ඝ සාකච්ඡ පිළිබඳ නිහාල්ට යම් සැකයක් ඇතිවිය. නමුත් හොඳින් හැදුන වැඩුන දරුවන් සිටින අම්මා කෙනෙක් හැටියට ඔහුට තම බිරියව සැක කිරීමට කිසිම හේතුවක් නොවූ නිසා ඔහු ඒ ගැන ඇගෙන් කිසිත් ප‍්‍රශ්නයක් ඇසුවේ නැත. ගතවූයේ තවත් මාස ගණනකි. නිහාල්ට ඇසෙන මානයේ සිට තම ජංගම දුරකථනයට ( Mobile Phone) පිළිතුරු දීම ඇය මග හැරියාය. එපමණක් නොව මේ දීර්ඝ දුරකථන ඇමතුම් කිසිසේත් ව්‍යාපාර කටයුතු සඳහා නොවන බව තේරුම් ගැනීමට නිහාල්ට වැඩි කාලයක් ගත නොවීය. ඔහු පමණක් නොව තම වැඩිමහල් පුත‍්‍රයාද මවගේ මේ අසාමාන්‍ය හැසිරීම ගැන සිටියේ සෝදිසියෙනි. ඔහුද හැමවිටම කල්පනා කළේ අම්මා මේ අමුතු විදියට කතා කරන්නේ කා සමගද යන්නයි. නමුත් මේ ගැන ඇගෙන් කෙලින්ම ඇසීමට තරම් ඔහු හා ඇය අතර මව් පුතු සබඳතාවයක්ද නැත. කෙසේ හෝ දිනෙක ඔහු හිතට හයිය ගෙන මේ ගැන තාත්තා සමග සාකච්ඡා කළේය. දෙදෙනාම එක මතයක සිටියහ. එනම් සුසිලා යම්කිසි සැක කටයුතු සාකච්ඡාවක යෙදෙන බවය. පසුව ඔවුන් දෙදෙනා රහසිගතව අදාල ජංගම දුරකථන සමාගමෙන් විස්තරාත්මක බිල්පතක් ලබාගත්තේය. ඔවුන්ට දැකගත හැකිවූයේ සුසිලා එකම අංකයට දිනපතාම පැය ගණන් දුරකථන සංවාද පවත්වා ඇති බවය.

මේ වන විට තම බිරිඳ විසින් පවත්වාගෙන ආ ව්‍යාපාර කටයුතුද දිනෙන් දින අඩාල වන බවත්, ඇය ඒ පිළිබඳ එතරම් උනන්දුවක් නොදක්වන බවද අවබෝධ කරගත්තේ තම විශ්වාසවන්ත සේවකයෙකු මගිනි. ඇගේ බැංකු ගිණුම්ද හිස්වන බව ප‍්‍රකාශ කළේ මෙම පරිපාලන නිළධාරියාමය.



මේ කරුණු සියල්ල එක්කරගත් විට තම බිරිඳ යම්කිසි අයථා සම්බන්ධයකට පැටලී ඇති බවට නිහාල් අනුමාන කළේය. නමුත් ඔහුට එසේ කිසිම සැක කටයුතු පුද්ගලයෙකු ගැන සිතා ගැනීමටවත් නොහැකි විය. අවසානයේ ඔහු තීරණය කළේ පෙර සඳහන්වූ දුරකථන අංකයට ඇමතුමක් ගෙන ඒකව්දැයි කියා විමසා බැලීමටය. ඒ උත්සාහයද අසාර්ථක වූයේ ඇමතුමක් ගත් හැම විටෙකම අනිත් කෙලවරින් එය විසංදි කළ නිසාය. අවසානයේ නිහාල් තම බිරිඳගෙන් මේ ගැන කෙලින්ම විමසා බැලීමට තීරණය කළේය. දිනක් හොඳ අවස්ථාවක් බලා ඔහු සුසිලාගෙන් මේ බව විමසූ විට, කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවූ ලෙස ඇය, ‘‘තමුසෙ මගෙ වැඩවලට ඇඟිලි ගහන්න එන්න එපා’’යි කීවේ තරහ මුසු තර්ජනාත්මක ස්වරයෙනි. එතැන් සිට ඈ තම නිවසේ උඩුමහලේ තමන්ටම කාමරයක් වෙන්කර ගත්තාය. තම සැමියා හෝ දරුවන් සමග කතාබහ කිරීම හෝ ආහාර ගැනීම තරයේම ප‍්‍රතික්ෂේප කළාය. දියණිය ඉතා කරුණාවන්තව තම අම්මාට සමීප වන්නට උත්සාහ කළත්, අඩුම වශයෙන් කිසිවෙකුට තම කාමරයට ඒම පවා තහනම් කළාය. සැමියා හා දරුවන් සමග කිසිම ගමනකට සහභාගිවීම මුළුමනින්ම අත්හැර දැමුවාය.

සිදුවන්නේ කුමක්දැයි නිරාකරණය කරගැනීම සඳහා, නිහාල් තම විශ්වාසවන්ත සේවකයින් දෙදෙනෙකු කැඳවා සියලූ විස්තර ඔවුනට පවසා, තම බිරිඳගේ ගමන් බිමන් ගැන සොයා බැලිම සඳහා ඔත්තුකරුවන් ලෙස යෙදවීය. මාස ගණනක් ඈ පසුපස්සේ හොර රහසින් ආගිය ඔවුන්ට කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූයේ කිසිදා ඇය තම ව්‍යාපාර ස්ථානවලින් එහාට නොගිය බැවිනි. පිටතට ගියා නම් ඒ තමන්ගේ කෑම වේල මිලදී ගැනීම සඳහා පමණි.

මේ වන විට මේ පවුල තුළ සුසිලා මුළුමනින්ම ආගන්තුක තැනැත්තියක වූවාය. මෙය නොරිස්සූ ලොකු පුතා දිනෙක තම පියාගේ තුවක්කුවට පතොරොම් දමාගෙන තම මවට වෙඩි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ හොඳ වෙලාවට දෙවැනි දුව එතැනට පැමිණි නිසාය.

දිනෙන් දින ගෙදර තත්ත්වය අවුල් වියවුල් වෙද්දී, තම මිතුරකු මාර්ගයෙන් නිහාල් මා සොයා පැමිණියේ මෙය විසඳා ගැනීමට යම් උපදේශනයක් බලාපොරොත්තුවෙනි සියල්ලට සාවධානව සවන්දුන් මා පැහැදිලිව කියා සිටියේ මේ ගැන යම් විසඳුමක් සඳහා යාහැක්කේ සුසිලාට සවන් දීමෙන් පමණක් බවය. නමුත් ඇයව මේ ගැන සාකච්ඡුා කිරීමට ගෙන්වා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවන බව අපි හැමෝම අවබෝධ කරගෙන සිටියෙමු.

කෙසේ හෝ උත්සාහය අත් නොහැර මා ඇයට දුරකථන ඇමතුමක් දුන්නේ තම සැමියා විසින් ඉදිරිපත් කළ ප‍්‍රශ්නය ගැන සාකච්කිරීමට මා මුණගැසෙන ලෙස ඉල්ලීමක් කරමිනි. කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙස හරියටම මා වෙන්කර දුන් වෙලාවට ඇය මගේ කාර්යාලයට පැමිණියාය. ඇය කෙසේවත් තිදරු මවක් යයි කීමට නොහැකි ලෙස නූතන විලාසිතාවන්ගෙන් සැරසී සිටියාය. මා කෙලින්ම ඈ සමග ප‍්‍රශ්නයට බැස්සෙමි. ඇයද ක්ෂණිකව සියල්ල නොවලහා මට පවසා සිටියාය. මේ ඇගේ කතාන්තරයයි.

දවසක් මගේ ටෙලිෆෝන එකේ මිස් කෝල් එකක් තිබුනා. මම කව්දැයි කියල දැනගන්නට කෝල් කළා. එයා හමුදාවෙ උසස් නිලධාරියෙක්. මාත් එක්ක බොහොම සුහදව කතා කළා. වැරදි නොම්මරයකට කතා කරල තියෙන්නෙ කියල අපේ කතා බහ එතනින් එදා ඉවර වුනා. ආයෙ පස්සෙ දවසක මට කතා කළා. මමත් කතා කර කර හිටියා. මේ විදියට අපි දෙන්න හැමදාම වගේ කතා කරන්න පටන් ගත්ත. එයා මට ආදරෙයි. මම මෙහෙම ආදරයක් කවදාවත් අත්විඳලා නැහැ. එයාව මම කවදාවත් දැකල නැහැ. නමුත් මට එයා නැතිව බැහැ. එයා වගේ කවදාවත් මට මගේ මහත්තය කතා කරල නැහැ. හැමදාම මගේ ගුණ ගැන අහනවා. මට අසනීපයක් කිව්වොත් බෙහෙත් ගන්න කියල දවසට කීප සැරයක් මතක් කරනව. එයාව හඳුනාගත්තට පස්සෙ තමයි මම ජීවිතේ සතුට කියන්නෙ මොකක්ද කියල දැනගත්තෙ. එයාට මගෙ මුළු සේසතම උනත් දෙන්න සූදානම්.. මේ විදියට දීර්ඝ විස්තරයක්. අන්තිමේදි ‘‘ඔබ වහන්සේට පුළුවන් නම් මේ විවාහය අවලංගු කරල එයත් එක්ක පවුල් කන්ඩ මට උදව් කරන්න’’ කියල ඉල්ලීමකුත් කළා.

මා පසුදිනම එකී හමුදා නිලධාරියාගේ දුරකතන අංකයට ඔහුට ඇමතුමක් දුන්නේ, මේ පැත්තෙන් සිදුවේගෙන යන දේ ගැන ඔහුට විස්තරයක් කරන්නයි. මේ ඔහුගේ කතාවයි. ‘‘මම හමුදාවෙ සාමාන්‍ය සෙබලෙක්. සෑහෙන කාලයක් සේවය කෙරුවෙ වන්නි ප‍්‍රදේශයේ. මම විවාහකයි. මට දරුවෙක් ඉන්නව. මගේ බිරිඳටයි දරුවටයි මම පණ වගේ ආදරෙයි. ඔය කියන ගෑනු කෙනා එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මහ කැලේ රාජකාරි කරන කොට අපි පාළුව මකාගන්න හිතට එන නොම්මරයකට කතා කරනව. ඔහොම තමයි ඔය පලහිලව්ව ඇති උනේ. මාත් ඔහෙ විනෝදයට වගේ කතා කළා.ඒ ගෑනිට පිස්සුද කොහෙද? බලෙන්ම වගේ මට සල්ලිත් එවනව. මම එයාව කවදාවත් දැකලත් නැහැ. දකින්න මට ඕනත් නැහැ. මම කොහෙහරි ඉන්න මරගාතයක් නිසා මගේ පවුල කඩා ගන්නෙ නැහැ..’’

මා මේ ගැන මීට වඩා විස්තර සපයන්න උත්සාහ කරන්නෙ නැහැ. මේ කලාපය සඳහා අහල තිබුන ප‍්‍රශ්නය තමයි, සාර්ථක පවුල් ජීවිතයක් සඳහා නවීන සන්නිවේදන තාක්ෂණය ( Mobile Phone, Internet, ) කොතෙක් දුරට හානිදායකවී ඇත්ද? එසේ නම් ඒ සඳහා කුමක් කළ යුතුද? යන්නයි. නවීන සන්නිවේදන තාක්ෂණය මිනිසාට ඉතා යහපත් හා ඵලදායි බොහෝ දේ ගෙන දෙන අතර එය අද මිනිසාගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. සෑම යහපත් දෙයක්ම, අයහපත සඳහා හරවාගත හැකිවා සේ නූතන තාක්ෂණයද මිනිසාට වින කරන මිනිසාව විනාශය කරා යොමු කරවන්නක් විය හැක. එය සිදුවන්නේ එය පරිහරණය කරන පුද්ගලයා අනුවය. සැම දෙයකම යහපත උකහා ගෙන අයහපත ප‍්‍රතික්ෂේප කිරීම සඳහා තීරණ ගැනීමට අවැසි ප‍්‍රඥව දෙවියන් වහන්සේ මිනිසාට දානය කර ඇත. මිනිසා එය ප‍්‍රයෝජනයට ගෙන වගකීමෙන් යුතුව කටයුතු කළහොත් කිසිදා දේව මැවිල්ල මිනිසාගේ අයහපතට හේතුවක් නොවනු ඇත.


source http://thewoman.lk/mobile-phone-internet/
 

Attachments

  • Mobile phone thewoman.lk 1.jpg
    Mobile phone thewoman.lk 1.jpg
    33.9 KB · Views: 682
  • Like
Reactions: hodakolla

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    කම්මැලියි කියවද්දී. ඈනුම් යනවා කෙළවරක් නෑ
    අල්ලලා දැම්ම. තාත්ත වත් හිටියනං පොඩි ජොලියක් යනවා :dull:
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කම්මැලියි කියවද්දී. ඈනුම් යනවා කෙළවරක් නෑ
    අල්ලලා දැම්ම. තාත්ත වත් හිටියනං පොඩි ජොලියක් යනවා :dull:

    තාත්තා බෑන් කරලා දාලා පුතා.පුතටත් බෑන් වෙන්න ආසද....?:rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කම්මැලියි කියවද්දී. ඈනුම් යනවා කෙළවරක් නෑ
    අල්ලලා දැම්ම. තාත්ත වත් හිටියනං පොඩි ජොලියක් යනවා :dull:


    කමෙන්ට් කියෙව්වා ඉස්සෙල්ල පස්සේ කතාව නොකියව ඉන්න තීරණය karaa
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මේ වන විට මේ පවුල තුළ සුසිලා මුළුමනින්ම ආගන්තුක තැනැත්තියක වූවාය. මෙය නොරිස්සූ ලොකු පුතා දිනෙක තම පියාගේ තුවක්කුවට පතොරොම් දමාගෙන තම මවට වෙඩි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ හොඳ වෙලාවට දෙවැනි දුව එතැනට පැමිණි නිසාය.:shocked::shocked::shocked:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    na malli. ada thamai meka dunne
    :lol::lol: මේකිගේ කතාව දෙකවසරේ ළමයෙක් ගේ වගේ. ඒ උනාට ටෝක් එක හැමෝටම මල්ලි ගාල :rofl::rofl::rofl: මෙලෝ රහක් නෑනේ උඹ "අක්කේ"
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    technology can be a dangerous thing when it goes to the hands of stupid people. we cant even imagine what will they do with it. this is like giving a knife to the monkey
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    නූතන තාක්ෂණයද මිනිසාට වින කරන මිනිසාව විනාශය කරා යොමු කරවන්නක් විය හැක.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse ma desana karala thiyenava,--Parihani darmayak vidyata----Sthri lol bava[pirimiyekta]-------Pirimi lol bava[ gahaniyekuta]----------Business[viaparki lokedi niyamayak thama]------Thamange hadiyavak[control] nathnam, Business karanna yanna epa kiyala. Meva sampurrna Attha.