Mobile Phone භාවිතයේ සැක සංකා
සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන් ගේ සංඛ්‍යාව දළ වශයෙන් මිලියන දහ තුනකට ආසන්න ය. ප්‍රතික්‍ෂේප කළ නොහැකි සමාජ සන්නිවේදන මෙවලමක් වූ ජංගම දුරකථනය මඟින් මානව සෞඛ්‍යය වෙත මුදාහැරෙන කම්පනයෙහි සවභාවය කුමක් විය හැකි ද? සබුද්ධික ලෙයින් ජංගම දුරකථන භාවිත කරන්නේ කෙලෙසින් ද?
BMJ (British Medical Journal) සහ NEJM (New England Medical Journal) යනු බටහිර වෛද්‍ය විද්‍යා ක්‍ෂෙත්‍රයේ ඉහළ ම පිළිගැනීමකට ලක් වන වෛද්‍ය පර්යේෂණ ප්‍රකාශන යුගලකි. වර්ෂ 2000 මැදභාගයේ දී මෙකී සඟරා යුගල ම විසින් එක ම සතියක් තුළ අතිශය වැදගත් වූ වෛද්‍ය පර්යේෂණ කිහිපයක් ම ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
මෙකී ලිපි සියල්ල මඟින් අවධානය යොමු කොට තිබුණේ ජංගම දුරකථන වෙතින් මානව වර්ගයා වෙත ඇති වන සෞඛ්‍යමය බලපෑම් කවරේ ද යන්න ය. සත්ත්ව නිදර්ශක ඇසුරු කරගනිමින් සිදු කළ ඇතැම් පර්යේෂණ සැකයකින් තොර ව ම පෙන්වා දී තිබුණේ ජංගම දුරකථන වෙතින් නික්‌මෙන තරංග මඟින් මොළයෙහි ස්‌නායු ක්‍රියාකාරිත්වය කෙරෙහි ඇති කරන අහිතකර බලපෑම ය.
එකී ලිපි මඟින් අවධානය යොමු කළ තවත් වැදගත් අමතර කරුණක් තිබිණි. එනම් ජංගම දුරකථන කුලුනුවලින් නික්‌මෙන අධි සංඛ්‍යාත තරංග උස් ගොඩනැඟිලිවල වැදී යළි "පොලා පැනීමේ දී" මානව සිරුරු වෙත සෞඛ්‍යමය බලපෑමක් එල්ල වීමේ අනතුර ද බැහැර කළ නොහැකි බව දක්‌වා තිබීම ය. (සාමානයෙන් ජංගම දුරකථන කුලුනුවල "සම්ප්‍රේෂණ තැටි" ඉහළ උසකින් සවි කරනු ලැබුව ද අවිධිමත් ලෙස ඉදි කරනු ලැබූ උස් ගොඩනැඟිලි සහිත නාගරික පරිසර තුළ දී මෙකී තරංග යළි මිනිස් සිරුරු හා ගැටීමේ අවදානමක් තිබේ).
මෙකී ලිපිවල අවසානයෙහි සටහන් ව තිබුණේ "තවදුරටත් මෙකී පර්යේෂණ සිදු වන" බවත් ස්‌ථිර නිගමනවලට එළැඹීම තවත් වසර කිහිපයකින් සිදු කළ හැකි බවත් ය. සිත්ගන්නාසුලු කරුණ වන්නේ වසර දහයක කාලයක් ඉක්‌ම ගිය ද "තවදුරටත් සිදු කරනු ලැබූ" බොහෝ පර්යේෂණ ප්‍රතිඵල පැහැදිලි ලෙසින් හෙළිදරව් නො වීම ය. කෙසේ වෙතත් විද්‍යාත්මක ප්‍රජාව අතර පැතිර යන පොදු "ඕපාදූපය" වන්නේ ජංගම දුරකථන ව්‍යාපාරික ප්‍රජාවන් විසින් සත්‍යමය කරුණු ජනතාව වෙතින් වසන් කරනු ලැබ ඇති බව ය. (කෙසේ වෙතත් ජංගම දුරකථන භාවිත කිරීම මඟින් මොළයෙහි පිළිකා ඇති වන බවට වූ පැරැනි මතවාදය මේ වන විට ප්‍රත්ක්‍ෂේප වී තිබේ.)
මේ ලිපිය මඟින් උත්සාහ කෙරෙන්නේ පසුගිය වසර කිහිපය ඇතුළත මෙකී ක්‌ෂේත්‍රය තුළ සිදු වූ පර්යේෂණ මඟින් අනාවරණය වූ පදනමක් ද සහිත කරුණු ගෙනහැර දැක්‌වීමකි.
ජංගම දුරකථනයක් භාවිත කිරීමේ දී එමඟින් කිසියම් ප්‍රමාණයක උෂ්ණත්වයක් මුදාහරිනු ලබයි. එහෙත් සිරුරට ඇති කරන අහිතකර බලපෑමට ප්‍රධානතම හේතුව වන්නේ උෂ්ණත්වයෙහි බලපෑමකින් තොර ව "රේඩියෝ තරංග" ඇති කරන කැළඹීම ය. (Non Thermal Effect).
අත්‍යවශ්‍ය හදිසි අවස්‌ථාවක දී හැරෙන්නට කුඩා දරුවන් ජංගම දුරකථන භාවිතය සඳහා දිරිමත් නො කරන්න
කුඩා දරුවන් ගේ හිස්‌කබලෙහි අස්‌ථිවල ඝනකම වැඩිහිටියන් හා සසඳන කල අඩු ය. එසේ ම කුඩා දරුවන් ගේ මොළය ආශ්‍රිතව පවතින තරල ප්‍රමාණය ද පටකමය කොටසට වඩා වැඩි ය. දියරමය සවභාවයක් සහිත මොළය හරහා විද්යුත් තරංග විනිවිද ගමන් කිරීමේ හැකියාව ද වැඩි වන හෙයින් ඉන් මොළයට ඇති වන බලපෑම ද අධික ය. ජංගම දුරකථන භාවිතය මඟින් මොළයෙහි පිළිකා ඇති කරවන බවට මෙයට පෙර තිබූ මතවාදය මේ වන විට ප්‍රතික්‍ෂේප වී තිබුණ ද වෛද්‍ය පර්යේෂණ මඟින් සැකයකින් තොර ව ම පෙන්වා දී තිබෙන්නේ ජංගම දුරකථන විද්යුත් තරංග මඟින් ඇති වන බලපෑම මොළයෙහි ජීව විද්‍යාත්මක හා විද්යුත් ක්‍රියාකාරීත්වයන් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරවන බව ය.
නිදාගැනීමේ දී වුව කිසිදු විටක දී ජංගම දුරකථනය හිසට සමීපව තබා ගැනීම හෝ කොට්‌ටය යටින් තබාගැනීම ද ආරක්‍ෂා සහිත නො වේ.
ගැබිනි මවුවරුන් ජංගම දුරකථන භාවිත කිරීමෙන් වැළකී සිටීම වඩාත් නැණවත් ක්‍රියාමාර්ගයක් වන්නේ එමඟින් නික්‌මෙන තරංග කුස තුළ වැඩෙන දරුවා ගේ වර්ධනය කෙරෙහි ද බලපෑමක් ඇති කිරීමට අවදානමක් පවතින හෙයිනි. කුඩා දරුවන් ඇකයෙහි රඳවාගන්නා අවස්‌ථාවල දී වුව වැඩිහිටියන් ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටීම වඩාත් හිතකර ය.
ජංගම දුරකථන සංවාද සඳහා ගත කරන කාලය සීමා කරන්න
විනාඩි දෙකක ජංගම දුරකථන ඇමතුමක් මඟින් මොළයෙහි සාමාන්‍ය විද්යුත් ක්‍රියාකාරීත්වය පැයක කාලයක් දක්‌වා වියවුල් කරනු ලබයි. ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ චින්ත ඒකාග්‍රතාව, මතකය වැනි තත්ත්වයන් කෙරෙහි එමඟින් බලපෑම් ඇති වන බවකි. දිගු සන්නිවේදන අවශ්‍යතාවන් සඳහා වඩාත් යෝග්‍ය වන්නේ සාමාන්‍ය ස්‌ථාවර දුරකථන විනා ජංගම දුරකථන නො වේ.
රැහැන් රහිත දුරකථන (Cordless phones) භාවිත නො කරන අවස්‌ථාවල දී පවා දැඩි විද්යුත් චුම්බක තරංග පරිසරය වෙත මුදාහරියි. ඇමතුමක් හා සම්බන්ධ වන සැම විට ම, සිරුරට ඈතින් පිහිටන පරිදි ජංගම දුරකථන පිහිටුවා ගැනීම හිතකර වේ. ජංගම දුරකථනය යටත් පිරිසෙයින් සිරුරට සෙන්ටිමීටර 5ක් (අඟල් 2ක්) ඈතින් වූ පිහිටීමක පවත්වාගන්නේ නම් එමඟින් නික්‌මෙන තරංග මඟින් සිරුරට ඇති වන බලපෑම 75%ක් දක්‌වා පමණ අඩු වෙයි. එය සෙමී 18ක් (අඟල් 7) ඈතින් තබාගැනීම මඟින්, ඇති වන බලපෑම 1% ප්‍රමාණයක් දක්‌වා අවම කරගත හැකි වෙයි.
ජංගම දුරකථනයේ අභ්‍යන්තර ඇන්ටනාව කිසිදු විටක දී හෝ සිරුර හා ස්‌පර්ශ නො වන පරිදි භාවිත කරන්න
ජංගම දුරකථනය රැගෙන යැමේ දී ඉන පටියෙහි හෝ ඉන ආශ්‍රිත සාක්‌කුවෙහි තබාගැනීමෙන් වළකින්න.
80% ක් තරම් වූ රතු රුධිර සෛල ප්‍රමාණයක් උකුළු ඇටය ආශ්‍රිත ව වූ ඇටමිදුළු තුළ නිපදෙවයි. ජංගම දුරකථන තරංග රතු රුධිර සෛල නිපදවීම මෙන්ම ජනන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය කෙරෙහි ද අහිතකර ලෙසින් බලපෑම් ඇති කරන බැව් විශ්වාස කෙරේ.
අත්බෑගය තුළ ජංගම දුරකථන රැගෙන යන විටක දී වුව එහි "අංකන පුවරුව" සහිත මුහුණත සිරුර දෙසට වන ලෙසින් තබාගන්න. මෙකී පිහිටීම මඟින් දුරකථනයේ තරංග මඟින් ඇති වන බලපෑම සිරුරෙන් ඉවතට දිශාත්මක වෙයි.
මෝටර් රථයක්, දුම්රියක්, විදුලි සෝපානයක් හෝ ගුවන් යානයක් වැනි "ලෝහමය ආවරණයකින්" වට වූ ප්‍රදේශයක් තුළ ගත කරන අවස්‌ථාවන්වල දී ජංගම දුරකථන භාවිත කිරීමෙන් වැළකී සිටීම වඩාත් ආරක්‍ෂාකාරී වන්නේ ඇති වන තරංග යළි යළිත් දුරකථනය භාවිත කරන්නා හා ඒ අවට සිටින සෙසු පිරිස් වෙත ද ළඟා වීමේ හැකියාවක් පවතින හෙයිනි. (ලෝහමය අවරණයන් ගෙන් වට වූ ප්‍රදේශ" "ෆැරඩේ කුටීරයක්" ලෙසින් ක්‍රියාත්මක වෙයි.)

Last edited: