MODA JOKES!!!(Contd...)

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    කියවල බලලා REP+ හෝ කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්නෙපා!!!









    Satisfied Times
    දිනක් සිය ඇඳ යටට අහම්බෙන් එබුන ස්වාමි පුරුසයෙකුට එහි වූ පෙට්ටියක් හමුවිය. එහි බිත්තර තුනක් සහ රුපියල් හත්දාහක් විය.

    ස්වාමියා - "මොනවද මේ බිත්තර ?"
    බිරිඳ - "ඔයාට මාව සතුටු කරන්න බැරිඋන හැම දවසකටම මම එක බිත්තරයක් මේ පෙට්ටියට දානවා.
    ස්වාමියා - "ඒ කියන්නේ ඔයාව සතුටු කරන්න බැරිවුනේ දවස් තුනයි". "එතකොට මේ සල්ලි ?"
    බිරිඳ - "බිත්තර දුසිමක් එකතු වෙච්ච ගමන් මම ඒව විකුණනවා. මේ ඒ බිත්තර විකුණල එකතුකරපු සල්ලි"
    ස්වාමියා - "?????
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Amdas-Nangi.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    A Sadest Story !
    යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආ මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.

    තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
    පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
    දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
    තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "

    හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.

    දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
    තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
    පළමුවැන්නා - "කියපං බං"
    තෙවැන්නා - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Golf Player......
    ඉතා වයස්ගත පුද්ගලයෙක් සහ තරුණ පුද්ගලයෙක් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. වයස් ගත තැනැත්තා තරුණයා අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.

    තරුණයා - "මේ මහත්තයා කොහොමද මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"
    වයස්ගත තැනැත්තා - "ඕව මොනවද, මම මේ ළමයගේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... ඔය ළමයට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"

    තරුණයා - "අම්මේ ............ ඒකේ උස.... ඔයානම් මාරයි"

    වයස්ගත තැනැත්තා - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... ළමයෝ...
     
    • Like
    Reactions: Mz Maxza

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    At the End of .......
    ආච්චි අම්මා - "මට මතකයි මම තරුණ කාලේ මාත් පෙම් හසුන් ලියනවා එතකොට මට අවුරුදු විස්සක් විතර ඇති. එතකොට මගේ පෙම්වතා යුද්දෙට ගිහින්. එයාත් මට හැමදාම ලියුම් ලියනවා. මාත් ලියනවා"

    මිණිබිරී - "හානේ...... ඒ කියන්නේ ආච්චියි ආතයිත් හොඳ ආදර වන්තයෝ... යුද්දේ ඉවර වෙලාද ආච්චී කසාද බැන්දේ ? "

    ආච්චි අම්මා - " නෑ බං..... අන්තිමට හැමදාම ලියුම් බෙදන්න එන ලියුම් කාරයත් එක්ක මම පැනල ගියා. එයා තමයි දැන් උඹේ ආතා."
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Pregnant !?
    අළුත විවාපත් යුවලක් පිළිසිඳ ගැනීමකට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවීමට ගියේ වැඩි හොඳටය.
    දෙදෙනාගේ තොරතුරු අසා දැනගත් වෛද්‍යවරයා... සිය ලාච්චුවෙන් මුද්‍රාවක් (සීල් එකක්) ගෙන ....

    තරුණියගේ උදර ප්‍රදේශයේ සීල් එකක් ගසා..
    "ඕක ලේසියෙන් මැකෙන්නෙ නෑ" ගිහින් එන්න යි කීය.

    දෙදෙනාටම මෙම සීල් එක ගැන ගැටළුවකි.

    ගෙදරගොස් ලොකුකර බලන කණ්නාඩියක් ගත් පුරුෂයා එය හොඳින් පරීක්ෂා කර බැලීය.

    ඉතා කුඩා අකුරින් එහි තිබුනේ "මෙය කියවන්න පුළුවන් වූ වහාම මා හමුවන්න" කියායි
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Real Sharering
    ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක්.... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ ‍මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.

    වේටර් වරයා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.

    මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි තරුණයෙක්.... වියපත් ස්වාමිපුරුෂයා අමතා..

    "මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"

    වියපත් තැනැත්තා - " අනේ එපා... "

    තරුණයා - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "

    වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ...."
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Hard Worker's
    නගරසභාවේ සේවකයන් දෙදෙනෙක් ඉතා මහන්සියෙන් පාර අයිනේ වැඩක යෙදෙමින් සිටී. එක් අයෙක් ගැඹුරු වලක් කපා ඉවත්ව යනතුරු සිට අනෙකා එම වල වසා දමයි. අනෙකා නැවත වලක් හෑරූ විගස අනෙකා නැවත වල වසා දමයි. අසල කාර්යාලයක ජනේලයෙන් මේ දෙස බලා සිටි පුද්ගලයෙක්......
    "මේ ඔහේල දෙන්න දිහා මම සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන හිටියේ... තමුසෙල දෙන්න පුදුම උනන්දුවක් තියෙන අවංකව වැඩ කරන මිනිස්සු දෙන්නෙක්. ඒ... එත් මට තේරෙන්නේ නැහ තමුසේ වලවල් කපන්නේ ඇයි ? අනෙකා ඒවා වහන්නේ ඇයි කියලා...."

    සේවකයා - "අයියෝ... ස..ර්. ඒකවත් තේරෙන්නේ නැද්ද? අපි මේ පැල හිටෝනවා."
    පැල හිටෝනවා! කෝ අයිසේ පැල ?
    සේවකයා - පැල හිටෝන එක්කෙනා අද නිවාඩු. ඉතිං අපි අපේ අපේ රාජකාරිය කරනවා.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Amdon’s Fire Machine
    ඇම්ඩාගේ තාත්තා වැඩ කරන්නේ ෆයර් බ්‍රිගේඩ් එකේය. ඇම්ඩා තාත්තා කරන රස්සාවට මාර කැමතිය. තාත්තා මෙන් රඟපාන්නද කැමතිය. ෆයර් එන්ජින් එකක් නැති හින්දා ඇම්ඩා ඒකට ගන්නේ ඔහුගේ බයිසිකලයයි. තාත්තාගේ හෙල්මට් එකක් දාගන්න ඇම්ඩා........ ගෙදර ඉන්න බල්ලාව ලණුවකින් බැඳ අනිත් ෙකාන බයිසිකලයේ ගැට ගසාගනී. ඊට පසු වෙර යොදා බයිසිකලය පදී. බල්ලා විඳින දුක දුටු අසල ගෙදර උන් අයෙක් ඇම්ඩාට කියා සිටියේ පුතේ.... බල්ලාගේ බෙල්ලෙන් බැඳගත්තනම් ඔයාට මීටත් වැඩිය හයියෙන් යන්න පුළුවන්නේ ගිනි නිවන්න.

    ඇම්ඩා - එතතොට මේතෙ සයිලන් නලාව වැඩ තලන්නේ නෑනේ මාමෙ. මුෙග් ඇත දෙතේ තමයි සයිලන් එකේ සුයිච් එක තියෙන්නෙ
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Where were You ?
    එක් කාන්තාවක් ගමනක් යද්දී හදිසියේම ....
    "තව එක අඩියක්වත් පෙරට යන්න එපා......" යි කව්දෝ කියනු ඇසිනි. කාන්තාව හුන්තැනම ගල්ගැසී සිටියාය. පුදුමයකි ! ඇයගේ ගමන් මගට ඉදිරියේ ඇති ගසක අත්තක් කඩා වැටිනි. කාන්තාව ඉදිරියට ගියානම් ඇය මරණයට පත් වන්නේය. විශ්මයට පත් කාන්තාව, දෑත් පාමින් "මා මරණින් බේරාගත් ඔබ කව්ද ?" කියමින් ආයාචනය කරන්නට විය.
    නැවතත් අර අද්භූත හඩින් ඇය අමතා ....
    "මා ඔබගේ ඉටු දෙවියා වෙමි. ඔබට යම් කිසි කරදරයක් නම් මම එහිවිත් ඔබ බේරා ගනිමි. ඔබට තව ප්‍රශ්ණයක් වෙත්ද ?" කියා විමසීය.

    කාන්තාව.... "මම බඳින දවසේ ඔබ කෙහේද දෙවියනේ.....හිටියේ "
     
    • Like
    Reactions: sachith19920726

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Father & Childern
    වීදියක් දිගේ ඇවිදගෙන යන ෆාදර් කෙනෙකු, කුඩා කොලුපැටව් දෙන්නෙක් ඉතා අමාරුවෙන් ගේට්ටුවක සවිකර ඇති සීනුව ගැසීමට වෙහෙසෙන අයුරු දැක... එය දෙස බලා සිටී. සීනුව සවිකර ඇති තැනට අත පෙවීමට දෙදෙනාටම නොහැකිය. එකෙකු අනෙකාගේ පිටට නැග සීනුව ගැසීමට යන අයුරු දුටු ෆාදර්ට සිනා පහල විය.

    “කෝ..... කෝ. ඉන්නවා.. මම ඕක ගහන්නම් හොඳ දඩුවම ගෙදරින් පැනල යනවට” කියූ ෆාදර් සීනුව තදකරගෙන සිට. “ඔහොම ඉන්නව අම්ම එනකල් එයාට මම කියල දෙන්නම් ළමයි පරිස්සම් කරගන්න හැටි”

    කොල්ලන් දෙදෙනා - මොන අම්මද ‍ෆාදර්? “අපි ගෙදර දුවනවා.... ෆාදරුත් දුවන්න. ඔය ගෙදර ගෑනි ඉස්සෙල්ල සැරේ කිව්වා, බොරුවට සීනුව ගහන එකා අහුවුනොත් හම ගහනවා කියලා ....”
     
    • Like
    Reactions: marley

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Human body & Blood Sirculation
    රුධිර සංසරණ පද්ධතිය ගැන ළමුන්ට විස්තර කරදුන් ගුරුතුමිය ....

    “මම දැන් ඕගොල්ලන්ට කියලා දුන්න අපේ ශරීරයේ රුධිරය ගමන්කරන විදිහ.” “මම ඔළුවෙන් හිටගත්තොත් මගේ මූණ, ඇස් රතුපාට වෙනවා..... ඒත් මම හිටගෙන ඉන්නකොට රතුපාට වෙන්නේ නෑ. ඇම්ඩන්ට මොකද හිතෙන්නේ ඒ ගැන ?”

    ඇම්ඩන් - “මට හිතෙන්නේ මිස්ට මොලයක් නැති හින්දා ඇ‍ඟේ තියෙන ඔක්කොම ලේ ඔළු කට්ට ඇතුලට පිරෙන හින්දයි එහෙම වෙන්නේ”
     
    • Like
    Reactions: ywicky

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Amdon's Report
    දිනක් ඇම්ඩන්ගේ තාත්තා සහ අම්මා ඇම්ඩන්ව රවටා බැල්කනියට යවා....

    “හොඳ පුතා වගේ ඔයා බැල්කණියට වෙලා හො.....ඳ......ට බලාගෙන ඉඳලා අපට කියන්න ඕනි අල්ලපු ෆ්ලැට් වල අය මොකද කරන්නේ කියලා. අපි දෙන්නා‍ මේ කාඹරේ පොඩී...... වැඩක ඉන්නේ ”

    එහෙම කියපු අම්මයි තාත්තයි ඇම්ඩන්ට රවටා අඹුසැමි ඇසුරේ යෙදුනේය.

    ඇම්ඩන් අම්මා කී පරිදි වාර්තා කරණයේ නිරතවිය. වාර්තාව මෙසේය.

    “සුජිත්ලගේ ගෙදරට කිරි කාරයා ආවා........... අල්ලපු ගෙදර ඇන්ටී රෙදි වනනවා............ සෑම් අංකල්ගේ කාර් එක කැඩිලා කට්ටියක් ඒක තල්ලු කරනවා............. කමලුත් බැල්කණිට වෙලා වටපිට බල බලා ඉන්නවා. කමල්ගේ තාත්තයි අම්මයි ත් හෙළුබැල්ලෙන් කාඹරේ දඟලනවා ඇති............
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Navy Learning ....
    දිනක් ඇම්ඩා යහළුවෙකු සමග වැසිකිලියට ගියාලු.

    යහළුවා - "තමුසෙට වැසිකිලයට ගියහම අත සෝදගන්නවත් කියල දීල නැද්ද ?"
    ඇම්ඩා - "නෑ අපිට කියල දීල තියෙන්නේ අතේ ගාගන්නේ නැතිව චූ කරන විදිහ විතරයි "
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    How It Correct ?
    ගුරුවරයා - "පිරිමි ළමයා තනිවී සිටියාය." ඇම්ඩන් ! මේකේ වැරැද්ද තියෙන්නේ කොතැනද ?ඇම්ඩන් - "දෙමාපියන්ගේ ..."
    ගුරුවරයා - "ඒ..... කොහොමද මිනිහෝ එහෙම වෙන්නේ ?"
    ඇම්ඩන් - "කෙල්ලෙක් ආශ්‍රය කරන්න දුන්නනම් තනියක් කොහෙද ස...ර්"
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Amdon's Poet
    ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
    ඇම්ඩන් -
    “කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
    නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
    මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
    අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
    ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”
    ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ෙඞන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ෙඞනවනේ...”
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Bad X-ray Glasses ....
    දිනක් ඇම්ඩන්ගේ තාත්තා කන්නාඩි කඩයකට ගොඩවිය. ඉතා අධික මිලකට විකිනීමට ඇති කන්නාඩියක් දැක මේකේ මොකක්ද තියෙන විශේෂත්වය යි කළමණාකරුගෙන් විමසීය.

    කළමණාකරු - "ආ... ඕක මහත්තයා එක්ස් -රේ ග්ලාස් එකක්. ඕක දාල බැලුවහම ඇඳුම් නැතිව තමයි පේන්නේ"

    ප්‍රීතියෙන් පිනාගිය ඇම්ඩන්ගේ තාත්තා ක්‍රෙඩිට් කාඩ් එකෙන් අදාල මුදල ගෙවා එය රැගෙන ගෙදර ගියේ එයින් ඉමහත් දේ දැක ගැනීමේ අටියෙන්. ගෙදර ගොස් එය පැළඳගෙන හොරෙන් හොරෙන් සිය බිරිඳ සොයා ගිය ඔහු........ නිදන කාමරයට එබිකම් කර බැලීය. පුදුමයකි අල්ලපු ගෙදර මිනිහා සහ සිය බිරිඳ නිරුවත්ව ඇඳ උඩ අල්ලාප සල්ලාපයේ යෙදී සිටී. ඔහු වහා කණ්නාඩිය ගලවා බැලීය. ඒත් ඔවුන් දෙදෙනා ඉන්නේ නිරුවත්වය.

    වහ වහා කඩයට දිව් ඇම්ඩන්ගේ තාත්තා....

    "අනේ තමුසෙල වගේ බො‍රු කාරයෝ ටිකක් මේ කන්නාඩිය හරියට වැඩ කරන්නේ නෑ... මට මගේ සල්ලි ආපහු දෙනවා " යි කීවාලු.
     
    • Like
    Reactions: dj gamaya

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    SMS
    දිනක් ඇම්ඩා සිය පෙම්වතියට SMS එකක් මෙසේ යැව්වේය....
    I MISS YOU

    ඊට පිලිතුරක් වශයෙන් පෙම්වතිය මෙසේ එව්වාය

    I Mr YOU
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    Change Coins?
    අත් බෑගය නැතිවී ඇති බව දැනගත් ඇය එය සොයමින් වීදිය පුරා සැරිසරන්නට විය.
    පුදුමයකි ! කුඩා දරුවෙකු ඇයගේ අත් බෑගය ඔසවාගෙන විත් ඇයට පිරිනැමීය.

    "ගොඩා...ක් ස්තූතියි., ඔයා නම් හො...ඳ... බබෙක්"
    බබා - "බෑග් එතේ ඔත්තොම තියෙනවද තියලා බලන්න"
    "ම්..... ඔව්, ඒත් තිබුනේ රුපියල් දෙදාහේ කොලයක්. දැන් තියෙන්නේ පන්සීයේ කොල හතරක්"
    බබා - "කලින් ඇන්ති වගේ ඔයත් මාලු නෑ කියලා කීයක් වත් නොදී මාලු උනොත් කියලයි එහෙම කලේ"