MODA JOKES!!!(Contd...)

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    මොකද කලේ...:shocked:.
    ගුරුතුමිය - ගීත, ඔයාගේ තාත්තා මොකද කරන්නේ ?
    ගීත - නීතීඥයෙක්
    ගුරුතුමිය - සීත, ඔයාගේ තාත්තා ?
    සීත - දොස්තර කෙනෙක්
    ගුරුතුමිය - ස්වර්ණ ගේ තාත්තා.
    ස්වර්ණා - මගේ තාත්තා මැරිලා මිස්.
    ගුරුතුමිය - අනේ සොරි ස්වර්ණා.... මම ඇහුවේ මැරෙන්න කලින් මොකද කලේ කියලා ?
    ස්වර්ණා - වමනේ කලා මිස්..
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    Amdon's fishing
    වියලී ගිය කානුවක බිලී පිත්තක් දමාගෙන සිටින කුඩා දරුවෙකු දුටු කාන්තාවකට දරුවා පිළිබඳ අනුකම්පා සිතී රුපියලක් ඔහු අතතබා

    කාන්තාව - බබා දැන් කී දෙනෙක් අහුවුනාද ?
    දරුවා - ඔයත් එක්ක දහ දෙනයි.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    හා එහෙනම් කියන්න ....
    ජීවිකාව පිණිස තාරාවන් මරා ගෙයින් ගෙට ගොස් අලෙවි කරන්නෙකු දිනක තම තාරාවන්ද රැගෙන නිවසකට ගොඩවුණි. ඒ නිවසෙහි වාසය කරන්නා විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. වෙළෙන්දා බියගන්වා තාරාවෙකු නොමිලේ ඩැහැ ගැනීමට සිතක් පහලවූ ඔහු ...

    පොලිස් නි. - "හා... තමුසෙට වෙළෙඳාම් කරන්න ලයිෂමක් එහෙම තියෙනව ?"
    වෙළෙන්දා - "ඔවි ස..ර්"

    කියමින් සිය ලයිෂම පෙන්වීය. පොලිස් නිලධාරියා වෙළෙන්දා අත හුන් එක් තා‍රාවෙක් රැගෙන තාරා‍වාගේ ගුදයේ ඇඟිල්ලක් ගසා මුවට ලංකර "මූ අහවල් පලාතේ... අහවල් කැලෙන් අල්ලගත්ත එකෙක්, උඹට ඒ කැලේ වෙඩිතියන්න ලයිෂන් තියෙනවද ?"

    වෙළෙන්දා - "ඔවි ස..ර්, ස..ර්. නම් මා ර යි"

    කෙසේ හෝ වෙළෙන්දාව හසුකරගැනීමට තාරාවන් සියළු දෙනාවම පෙර පරිදි පිරික්සූ නිලධාරියාගේ කාර්යය සාර්ථක නොවූයේ වෙළෙන්දා අත අදාල සියළු පලාත්හි දඩයම් කිරීමට බලපත්‍ර තිබූ නිසායි. වෑයම අසාර්ථකවූ පොලිස් නිලධාරියා

    පොලිස් නි. - "තමුසේ කොයි පලාතෙද ඕයි!"

    ඇඳසිටි සරම ඉස්සූ වෙළෙන්දා පොලිස් නිලධාරියා ට ගුදය පා....

    වෙළෙන්දා - "හරි එහෙනම් කියන්න බලන්න මම කොයි පලාතෙද කියලා...."
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    සද්ද නැතිව හිටු !
    දිනක් මිතුරෙකු සමග දඩයමේ ගිය ෂෙල්ටන් මිතුරා කිව් ආකාරයට නිශ්ෂබ්දව ඔහු පසු පසින් ගමන් ගනී. එක් වරම ලතෝනී ගසා කෑ ගැසූ ෂෙල්ටන්ව ඇමතූ මිතුරා ..[/align]

    "මොකද යකෝ කෑ ගහන්නේ ?? මම කීවනේ උඹට කෑ නොගහ හිටපන් කියලා...."

    ෂෙල්ටන් - අනේ මචං, ටිකකට කලින් මාව සර්පයෙක් කෑවා. ඒත් මම සද්ද කලේ නෑතිව හිටියා. ඊට පස්සේ නරියෙක් මාව කන්ඩ ආවා. ඒත් මම සද්ද කලේ නෑ. මේ දැන් මගේ කලිසම් කකුල් දෙක අස්සෙන් ලේන්නු දෙන්නෙක් ඇතුලට ගියා. උන් දෙන්නා කථාවෙනවා දැන් කමුද? ගෙදර ගෙනියමු
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    හොඳට බලනවා....
    අනාගතය පුරෝකථනය කරන්නෙකු හමුවීමට ගිය කාන්තාවක් අමතා..
    සාස්තරකරු : “මට කියන්න කණගාටුයි... ඔබගේ ස්වාමිපුරුෂයා නොබෝදිනකින් මිය යනවා”
    කාන්තාව : ඒක මම දන්නවා... මරණ පරීක්ෂණයේදී මාව මාට්ටු වෙයිද කියලා බලනවා.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    කලබල වෙන්න එපා...ප්ලේන් එකක් දැන්ම නෑ...:D:D:D:D.
    දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයාට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.

    පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”
     
    • Like
    Reactions: thilangr8

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    Husband & Wife
    හස්බන් : අපේ පැටිය ලස්සනයි නේද ? සාත්තර කාරය කියපු විදිහට අපි ගේ මාරු කළා විතරයි අපිට දරුවෙක් ලැබුණා. මම කිව්වේ අල්ලපු ගෙදර මිනිහ තමයි අපට හූනියම් කරලා තියෙන්නේ.
    වයිෆ් : ඔය ඔය ආයිත් කේන්ති ගන්නවා. මෙහෙදි වගේ අපි එහෙදිත් අල්ලපු ගෙදර එක්ක අයි හොඳයිකම් පැවැත්වුවනම් එහෙදිත් දරුවො හැදෙන්ඩ තිබුන.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    දෙකක් කන්ඩ අමාරුයි
    ඇම්ඩන් : මට පානුයි පරිප්පුයි ගේන්න.
    වේටර් : සර්.... පාන් ගෙඩිය දෙකට කපන්නද? හතරට කපන්නද ?
    ඇම්ඩන් : දෙකට කපනවා.... මට කෑලි හතරක් කන්න අමාරුයි.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    සැනසිල්ලේ ඉන්න .....
    මාමේ මේ අශ්වයා තියාගන්න පුළුවන්ද ?

    මමා : මේ නාකි අශ්වයාව මොකට පරිස්සම් කරනවද ?

    මාමට කිව්වට මොකද මගේ ගෑණි මැරුණේ මේ අශ්වයා පයිං ගහලා. ඊට පස්සේ මූව ඉල්ලලා මිනිස්සුන්ගෙන් බේරුමක් නෑ.

    මාමා : අනේ දීපං! දීපං! මම ගෙදර ගෙනියන්නම්. මැරෙන ටිකේවත් කරදරයක් නැතිව ඉන්ඩ පුළුවන්ද බලන්න.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    පලාතේ ඉන්ඩ බැහැ !
    දිනක් එක් මහලු ස්ත්‍රියක් වෛද්‍යවරයෙක් වෙත ගියේ සිය අපහසුතාවයට ප්‍රතිකාර ගැනීම පිණිසය.

    කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ....මට නොදැනීම නිතර වාගේ යනවා. හැබැයි මට අපහසුවක් නම් නැහැ. ගඳකුත් නැහැ, සද්දෙත් නැහැ. ඔය ඔය ආයිත් ... මේ දැනුත් ....

    වෛද්‍යවරයා - ආ.... ඉන්නකෝ අම්මේ.... මම මේ දෙන බේත් ටික බොන්න. බීල ආයිත් එන්නකෝ....

    දින කිහිපයකට පසු වෛද්‍යවරයා වෙත පැමිණි.

    කාන්තාව - අනේ දොස්තර මහත්තයෝ.... බෙහෙත්වලින් කිසි ගුණයක් නැහැ..... ලෙඩේ එන්න එන්නම වැඩියි. දැන් වාතෙ ගියහම පලාතේ ඉන්ඩ බැහැ ගඳයි. මේකට මොකක් හරි කරන්නකෝ. ......

    වෛද්‍යවරයා - ආ.... එක ලෙඩක් නම් හොඳවෙලා... දැන් මේ බේත් ටික බොන්න එතකොට කන් ඇහෙන එකත් හරියයි. බීල ආයිත් එන්නකෝ.....
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    වයිෆ්ගේ ආදරේ ....
    ඩල්සි - ඔයා නම් මාරයි තුල්සි ! මම බලාගෙන හිටියේ ට්‍රිප් එක ගිය වෙලාවේ. ඔයා හස්බන්ඩ්ට කථා කලේ එක එක ආදර වචන වලින්. වෙලාවකට පැටියෝ කියනවා. වෙලාවකට ඩාලිං කියනවා, වෙලාවකට බබා කියනවා. ඕගොල්ලෝ කොච්චර සංතෝසෙන් ඉන්නවද කියල මට හිතුනා..

    තුල්සි - ඔයාට වැරදිලා ඩල්සි !

    ඩල්සි - ඒ ඇයි ?

    තුල්සි - එයාගෙ නම මට මතක නැති වෙලා ගොඩක් කල් මෝඩියේ ..
     
    • Like
    Reactions: SaNDun

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    SMS
    දිනක් ඇම්ඩා සිය පෙම්වතියට SMS එකක් මෙසේ යැව්වේය....
    I MISS YOU

    ඊට පිලිතුරක් වශයෙන් පෙම්වතිය මෙසේ එව්වාය

    I Mr YOU
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek::eek:
    :eek::eek::eek::eek:
    :eek::eek::eek:
    :eek::eek:
    :eek::​
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    පිය උරුමය
    තම පියා සමග ජීවත්වූ ජැක් පියාගේ අවෑමෙන් තමන්ට උරුම වෙන වස්තුව ලැබුන පසු ලස්සන බිරිඳක් සමග සිය ජීවතය ගතකරන අයුරු සිහින මවමින් කාලය ගෙව්වේය. දිනක් ඔහුට ඉතා පියකරු ලඳක් මුණ ගැසුනි. ව්‍යංගයෙන් ඇයට තම අදහස පලකරන්නට සිතූ ජැක්..

    ජැක් - මේ බලන්න, මම මේ වාගේ හිටියට තව අවුරුදු දහයකින් පහලවකින් කෝටි පතියෙක්

    ලඳ - ඒ කොහොමද ?

    ජැක් - මගෙ අම්ම නැතිවෙලා. මගේ තාත්තා මැරුන පසු ඔහුගේ කෝටි ගානක වස්තුව අයිති වෙන එකම පුතා මම. ඔයාට ඒ වස්තුවෙන් කොටසක් අයිති කරගන්න පුළුවන්.

    ලඳ - ඒ කොහොමද?

    ජැක් - හිතන්නකෝ..... කියමින් ඔහුගේ විස්තර සහිත කාඩ් පතක් ඇයට දුනි

    සති කීපයකට පසු ජැක්ට ඇයගෙක් ලිපියක් ලැබුණි

    “ කරුනාවන්ත ජැක්...

    ඔයා මේ ලියුම දැකලා හුඟක් සතුටුවෙයි. මම ඔයා කිව් කාරනාව ගැන සෑහෙන්න හිතුවා. තාත්තත් නැති මට ඔයාගේ වස්තුවෙන් කොටසක් අයිති කර ගන්නේ කොහොමද කියලා. අන්තිමට මම ‍මගේ අම්මත් එක්ක කථා කල ඒ ගැන. ඔයාගේ තාත්තත් එක්කත් කථා කලා ඒ ගැන. දෙයියෝ මගේ මූන බැලුවා ජැක්. ඔයාගේ වස්තුවෙන් මට කොටසක් අයිති වෙන්නයි යන්නේ. ලබන සතියේ අපේ අම්මා ඔයාගේ තාත්තව කසාද බඳිනවා.”
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    Amdon's Dog
    ගුණපාල : උඹේ බල්ලා හපනවද ඇම්ඩො! ?
    ඇම්ඩන් : අපෝ නෑ....
    බල්ලාව අතගෑමට සැරසුන ගුණපාලව බල්ලා හපා කයි
    ගුණපාල : තමුසේ කිව්වේ බල්ලා හපන්නෑ කියලා.
    ඇම්ඩන් : ඔක මගේ බල්ලා නෙවෙයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Amdas-Nangi.jpg



    :lol::lol:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    +රෙප් හා කොමෙන්ටු වලට ස්තූතියි!!!!!!තව තියනවා...මොකෝ කියන්නෙ දාන්නද????