MODA JOKES!!!(Contd...)

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,820
    1,240
    113
    Mars
    සමනලීගේ ගෙදරට කෝල් එකක් ආවොත් ඒකට පිළිතුරු දෙන්නේ සමනලීගේ තාත්තා තමයි. මොන වැඩක නිරත වෙලා උන්නත් තාත්තා අතපය පිහිදගෙන දුවගෙන එනවා ටෙලිෆෝනය නද දෙද්දී. ඉතින් සමනලීත් අම්මාත් දෙන්නම ඕක නද දුන්නට ඒ දිහා බලන්නේවත් නෑ… ඇයි තාත්තා ඉන්නවනේ…. තාත්තා නැති වෙලාවට ඉතින් කරදරේ තමයි. ගෙදර තියෙන ඔය ක්‍රමය නිසාම සමනලී වගේම අම්මාත් ටෙලිෆෝන් කෝල් වලට දුවන් එන්න හරිම කම්මැලියි.



    තාත්තා රිසිවරේ ගත්තාම තමයි අහන් ඉන්න ආසා…. දන්න අදුරන කෙනෙක් නම් අවුලක් නෑ ඒත් වෙන පණිවිඩේකට නොදන්නා කෙනෙක් සමනලීට හරි සමනලීගේ අම්මාට හරි කතා කලොත් එයාට පණිවිඩේ කියන්න කලින් තාත්තාගේ ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු දෙන්න වෙනවා……

    “කවුද නම කීවේ?“

    “කොහෙන්ද?“

    “මොකටද කතා කරන්නේ?“

    “ආ… පණිවිඩේකටද? ම්…. මට කියන්නකෝ මම එයාට කියන්නම්…..“

    ඔන්න ඔහොම සෑහෙන ඒවට උත්තර දීලා තමයි ඒ කෙනාට අපිට කතා කරන්න වෙන්නේ…

    ඉතින් ඔන්න සමනලී ඉස්කෝලේ යන කාලේ දවසක් සමනලීගේ ඉස්කෝලේ යාලුවෙක් බොහොම හදිසි වැඩකට රාත්තිරියේ සමනලීට කෝල් එකක් දුන්නා. ඒ ළමයත් සමනලිගේ ගෙදර දුරකතන අංකය බොහොම අමාරුවෙන් හොයාගෙන තමයි කතා කලේ. එයා සමනලීගේ පංතියේ නෙවී ඉතින් තාත්තා ඒ ළමයා ගැන වැඩිය දන්නෙත් නෑ. ඔන්න දැන් ටෙලිෆෝනය නාද වෙනවා…..

    ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං……

    තාත්තා: හලෝ

    යාලුවා: අන්කල් සමනලී ඉන්නවද?

    තාත්තා: කවුද මේ කතා කරන්නේ?

    යාලුවා: මම මේ එයාගේ යාලුවෙක් අන්කල්

    තාත්තා: කොහේ යාලුවෙක්ද?

    යාලුවා: මම එයාගේ ඉස්කෝලේ යාලුවෙක් අන්කල්

    තාත්තා: මොකද්ද ඔය ළමයගේ නම?

    යාලුවා: අන්කල් මම අශානි

    තාත්තා: අශානි….. ඔයා එයාගේ පන්තියේද?

    යාලුවා: නෑ නෑ අන්කල් මම එයාගේ අල්ලපු පන්තියේ….. අන්කල් එයා ඉන්නවද?

    තාත්තා: කොහෙන්ද මේ ළමයා කතා කරන්නේ?

    යාලුවා: මම මේ ගෙදර ඉදන් කතා කරන්නේ අන්කල්

    තාත්තා: කොහේද ගෙවල්?

    යාලුවා: අපේ ගෙවල්ද අන්කල්? මොරටුවේ…

    තාත්තා: හරි හරි…. මොකද්ද පණිවිඩේ?

    යාලුවා: අන්කල් එයා ගෙදර නැද්ද?

    තාත්තා: නෑ නෑ ඉන්නව…. මට කියන්නකෝ ඔය පණිවිඩේ….. ආ….. පොඩ්ඩක් ඉන්න……දුව මෙන්න කෝල් එකක්……

    ඔන්න තාත්තාගේ කඩඉම් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීලා, තාත්තටත් පණිවිඩේ කියල එහෙම යාන්තම් ඒ යාලුවට පුලුවන් උනා සමනලීගේ කටහඩ අහන්න…….

    ඒ යාලුවටම ඊට මාසෙකට විතර පස්සේ ආයේ සමනලීට හදිසි වැඩකට කතා කරන්න ඕනා උනා….. ඔන්න එදාත් තාත්තා තමයි මුලින්ම කතා කලේ…. ඒත් මෙන්න බොලේ එදා හලෝ කීවා විතරයි තාත්තා වැඩි ප්‍රශ්න කිරීමක් නැතිවම සමනලීට කෝල් එක දුන්නා!!!!! පස්සේ දවසක ඒ යාලුවා තමයි සමනලීට කීවේ එදා කෝල් එකේදි වෙච්චි දේ…… මෙන්න මෙහෙමලු උනේ….

    තාත්තා: හෙලෝ

    යාලුවා: හෙලෝ අන්කල් මම මේ අශානි කතා කරන්නේ. අපේ ගෙදරින් මේ කෝල් එක ගත්තේ…. ආ මේ අපේ ගෙවල් මොරටුවේ තියෙන්නේ… මම සමනලීගේ ඉස්කෝලේ යාලුවෙක් හැබැයි එයාගේ පන්තියේ නෙවී එයාගේ අල්ලපු පන්තියේ….. මම මේ කතා කලේ එයාට පණිවිඩයක් දෙන්න….. අන්කල් මෙන්න මේකයි පණිවිඩේ, ……… ……….. …….. .. ………………………….. …… ……………………………… ………………………….. අන්කල් සමනලී ඉන්නවද? ආහ් අන්කල් තව මුකුත් දැනගන්න තියේ නම් අහන්නකෝ…. !!!!!!!!



    එදායින් පස්සේ සමනලීගේ තාත්තා සමනලීගේ යාලුවෝ කතා කලාම වැඩි ප්‍රශ්න කිරීම් නැතිවම සමනලීට ෆෝන් එක දෙනවා.



    හෝව් හෝව්……………………….

    හී හී…. දැන් කට්ටිය හිතුවද තාත්තාගේ ප්‍රශ්න කිරීම සදහටම නැති උනා කියලා???? අපෝ නෑ…. ඒක පොඩ්ඩක් ප්‍රති සංවිධානය උන එකයි සිද්ධ උනේ…. එදා ඉදන් සමනලී කෝල් එකක් කතා කරලා තියපු ගමන්…..

    කවුද ඒ කතා කලේ?

    කොහේ කෙනෙක්ද?

    ක්ලාස් එකේ? කොයි ක්ලාස් එකේද?

    කොහේද ඉස්කෝලේ? (මෙය අදාල වන්නේ ටියුෂන් පංතියක යාලුවෙක් කතා කල විටදීය)

    කොහෙද ඒ ළමයා ඉන්නේ?

    ඇයි දැන් එයා කතා කලේ?

    මොකද්ද පණිවිඩේ?

    ඇයි ඒ?….. මොකද ඒ?……. ඉතින්?……. වෙන?………….


    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!