Mona Lisa Was Stolen! Who stole the Mona Lisa?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    “මොනාලිසා” උස්සා වීරයෙකු වු පෙරුගියා....

    පහුගිය සති දෙක තුනේ ලංකාවේ කතා වුන මාතෘකාවක් තිබුනා...:oo:
    තාමත් කතා වෙනවා! :rofl:
    ඒ තමයි කොළඹ කෞතුකාගාරයේ තිබු භාණ්ඩ වගයක් නැතිවුන එක... :)
    හැබැයි මේ කියන්න යන්නේ ඒ ගැන නම් නෙවේ.. :P

    කෞතුකාගාරයකින් සොරකම් කරලා වීරයෙක් විදිහට පිළිගැනුනු පුද්ගලයෙක් ගැන...:baffled:
    ඒකත් නියමයි නේද?? :P
    පුද්ගලයා ගැන දන්නේ නැති වුනාට උස්සපු ‍දේ ගැන නම් ඔය හැමෝම අනිවාර්යයෙන්ම දන්නවා... :nerd::nerd:

    වෙනදා වගේම තොරතුරු සොයා ගත්තේ
    අන්තර්ජාලයෙන්ම තමා... :P
    ඉතින් කියවලා බලලා අදහසක් ‍ලියලාම යන්න අමතක කරන්න එපා!

    1911 අගෝස්තු 21 සදුදා දිනයේ 16 සියවසේ තෙල් සායම් චිත්‍රයක් වු ලියනාඩෝ ඩාවින්චි (Leonardo da Vinci) අඳින ලද ජනප්‍රියම චිත්‍රය වු “LaGioconda” එහෙමත් නැතිනම් අපි දන්න “මෝනාලිසා” (Mona Lisa) ලුවර් කෞතුකා‍ගාරයෙන් සොරකම් කරන ලදි.
    :oo::oo:

    Chamikawpblogspotcom1-34.jpg


    ලියනාඩෝ ඩාවින්චි තවත් චිත්‍ර කිහිපයක් හා ඔහු ගැන විස්තර බලන්න මෙතනින් පුළුවන්... :)

    Madonna Elisabetta Gherardini ලෙස හදුනාගෙන ඇති ඇය ඉතාලි වෙලෙන්දකු වු Francesco del Giocondo තැනැත්තා ගේ බිරිඳ බවට පැවසේ.. :)

    ලියනාඩෝ ඩාවින්චි (Leonardo da Vinci)
    Chamikawpblogspotcom6-22.jpg


    කෞතුකාගාරයේ නිල ජයාරූප ශිල්පියා එය රැගෙන ගොස් ඇතැයි සිතුවත් දින දෙකක් යන තුරු සිතුවම නැවත නොලැබුනු පසු එය සොරකම් කොට ඇතැයි බලධාරීන්ට වැටහුනු අතර,සෙන් ගඟ දිගේ අඩි 2,200 ක් දිගවු අක්කර 45 ක් පුරා පැතිරුනු ලුවර් කෞතුකාගාරය පුරා සොයා බැලුවත් සොයාගත හැකිවුයේ පින්තුරය ව‍ටා වු රාමුව පමණි. :lol::lol:

    ලුවර් කෞතුකාගාරය අද.... :eek:
    Chamikawpblogspotcom8-15.jpg


    ලුවර් කෞතුකාගාරයේ නිල වෙබ් අඩවිය බලන්න මෙතනින් යන්න....

    ප්‍රංශය පුරා මේ පුවත වේගයෙන් පුවත් පත් හා මාධ්‍ය තුලින් ගලා ගිය අතර බොහෝ දෙනාම කියා සි‍ටියේ එහි පිටපත් ‍ගැනීම සඳහා එය ගෙන ගොස්, නැවත ලබා දෙනු ඇති බවයි. :)
    මේ හොරකම වෙනුවෙන් ප්‍රංශ පොලීසිය පැබ්ලෝ පිකාසෝ සැකපිට අත්අඩංගුවට ගත්තේ ඊට පෙර ඔහුගේ මිතුරකු වු පියරේ “Pieret” ඊට පෙර සොරාගෙන ගිය කුඩා ප්‍රතිමා දෙකක් පැබ්ලෝ පිකාසෝ නැවත භාර දීම නිසායි. :)
    නමුත් අවසානයේ ඔහු නිදහස් කොට හැරියේ ඒ පිළිබඳ ඔහු කිසි දෙයක් නොදැන සිටි නිසායි. :no:

    රාත්තල් 18 ක් බර වු මොනාලිසා චිත්‍රය නැතිවි 1913 දෙසැම්බර් මස 18 වැනිදා එනම් චිත්‍රය නැතිවී මාස 28 පසු එය ඉතාලියෙන් සොයා ගත්තේ අවුරුදු 25 ක් වු අඩි 5 අගල් 3 උසවු වින්සෙන්සෝ පෙරුගියා නැමැත්තෙකු එය ඉතාලියේ ප්ලෝරන්ස් නගරයේ
    Uffizi චිත්‍ර ගැලරියට විකිණීමට සුදානම් කොට තිබුණු අතරයි.
    චිත්‍රය සොරකම් ‍කොට තිබුනේ ඔහු විසිනි. :oo:

    ප්‍රංශයේ පළමු වන ප්‍රැන්සිස් රජුට 1516 දි එහි සංචාරයකට පැමිණී ලියනාඩෝ ඩාවින්චි මෙම චිත්‍රය රන්කාසි 4000 කට විකුණා තිබු
    “ මොනාලිසා” ඔහු සොරකම් කොට තිබුනේ ඉතාලියේ ප්ලෝරන්ස් නගරයෙන් නැපෝලියන් අධිරාජ්‍යයා මෙම චිත්‍රය සොරකම් කොට බලෙන්ම ප්‍රංශයට රැගෙන ගොස් ඇතැයි යන බොරු මතයක් ඔහු සිතා සිටි නිසායි. :P:P

    නැපෝලියන් අධිරාජ්‍යයා

    20503034.jpg


    එබැවින්
    “එය තම රටට අයිති දෙයක් බවත්,එය තම
    රටේ ඉතාලියේ පැවැතිය යුතුය”
    යන දේශ අභිමානයත් නිසායි.:nerd::nerd:
    එහෙත් ඔහු එය ලීරා 500,000 විකිණිමට සුදානම් කොට තිබුනි. :P

    ඔහු එය සොරකම් කොට තිබුනේ ඉරිදා රාත්‍රිය ලුවර් කෞතුකා‍ගා‍රයේ කුඩා ‍ගබඩා කාමරයක හැංගී සිට කෞතුකාගාරයට නිවාඩු දිනයක් වු සඳුදා දින උදෑසන චිත්‍රය සොරකම් කොට ගෙන කෞතුකාගාරයෙන් පිටව ගොස් ඇත්තේ දොරටුවේ දොර බෝලයද සාක්කුවේ දමා ගෙනයි.:rolleyes::rolleyes:

    චිත්‍රය සොරකමට පෙර ඔහු කෞතුකාගාරය තුල වු සියලු දේවල්
    වීදුරු කුටිවල දමන හා කෞතුකාගාරය පිරිසුදු කරන
    කාර්ය මණ්ඩලයේ සිටි 04 දෙනකුගෙන් කෙනෙකු විය. :)
    1908 දි ප්‍රංශයට පැමින තිබු පෙරුගියාට ගොඩාක් කාලයකට පෙර මෙම චිත්‍රය ගෙන ගොස් තිබුනේ නැපෝලියන් අධීරාජ්‍යයා විසිනි.
    එය ඔහු ඔහුගේ කාම‍රයේ එල්ලා ගෙන සිට ඇත.:P

    ලීරා 500,000 කට පෝලෝරන්ස් නගරයේ ඇපේඩිරෝ ග්‍රේරී වෙත චිත්‍රය විකිණීමට පෙරුගියා සුදානම් කොට තිබු අතර වරක් පැමිණ චිත්‍රය අධ්‍යනය කල ඔහු 1913 දෙසැම්බර් 10 දා ගණුදෙනුව සිදුකීරිමට පැමිනියේ පොලීසියත් සමඟයි. :baffled:

    එහිදී පොලිසියට කොටු වු පෙරුගියා අධිකරණයේදී සියලු තොරතුරු හෙලිකල අතර ඔහුව ඒ සඳහා පෙළඹ වුයේ ආර්ජන්ටිනා ජාතික මාර්කුයිස් එඩුවාඩෝඩි වැල්පියර්නෝ නැමැත්තා විසිනි.:dull:
    ඔහුගේ රැකියාව වී තිබුනේ කලා කෘති විකිණීම වු අතර පෙරුගියාගෙන් මොනාලිසා ගැන හොද හැටි අධ්‍යයනක් ගත් ඔහු මොනාලිසා නැතිවී තිබු කාලයේ නියම මොනාලිසා බව පවසමින් චිත්‍ර රාශියක් ඒවන විටත් ලොව පුරා පුද්ගලයින්ට
    අධීක මිලට අලෙවි කර ඇත. :lol::lol:
    1931 දී ඔහු මිය යනතුරුත් කිසිවකු ව්‍යාජ චිත්‍ර ගැන පැමිණිලි නොකලේ ලැජ්ජාව නිසා විය හැකිය.
    7.gif


    ඉතාලි ජාතිකයන් පෙරුගියා වීරයකු ලෙස දුටු අතර ඔහු නිදහස් කරන ලෙස අධිකරණයට බල කරමින් උද්ඝෝෂණ පැවැත් වු අතර උසාවිය ඔහුට මාස 7 සිර දඩුවමක් නියම කලේය.:)

    පෙරුගියා පොලිස් අත්අඩංගුවට පත්ව ඔහුගේ ජායාරෑප හා ඇගිලි සලකුණු.... :)
    Chamikawpblogspotcom2-31.jpg


    1925 ඔක්තෝම්බරයේදී අවුරුදු 44 වෙද්දී පෙරුගියා මියගියේ හෘදයාබාදයකිනි.

    දෙරට අතර මිත්‍රත්වය ඉහලින්ම සලකමින් ඉතාලි රජය චිත්‍රය නැවත ප්‍රංශයට භාර දුන්නේය. :)
    Chamikawpblogspotcom4-29.jpg

    ඊට පෙර චිත්‍රය දින 02 ක් පෝලෝරන්ස් හා මිලාන් යන නගර වලදී ප්‍රදර්ශණය කල අතර ලක්ෂයකට වැඩි පිරිසක් එය නරඹා තිබුනි.
    3.gif



    වර්තමානයේ දැඩි රැකවල් මැද වෙඩි නොවදින වීදුරුවකින් ද ආරක්ෂා කොට ඇති “මොනාලිසා” ලුවර් කෞතුකා‍ගාරයේදී වර්ෂයකට
    මිලියන 08 කට වැඩි පිරිසක් නරඹනු ලබයි. :baffled:


    ආරක්ෂා කොට ඇති “මොනාලිසා” ලුවර් කෞතුකා‍ගාරයේදී ජනතාව නරඹන අයුරු...:eek:
    Chamikawpblogspotcom7-19.jpg


    Chamikawpblogspotcom9-11.jpg


    පෙරුගියාට පසුව කිසිවකුට තවමත් “මොනාලිසා” සොරකම් කර නැත.. :)

    උත්සහයක් දැරුවොත් ලොව ප්‍රසිද්ධ චරිතයක් වීමට අනිවාර්යයෙන් ම හැකියාව ඇත.
    11.gif

    විහිලුවක් හොදේ!!
    7.gif



    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! :yes:
    චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]


     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    elaz :)

    :sorry:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    දැනුමට යමක් අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුත්යි.
    +Rep