Moody’s, Fitch, S&P දර්ශක තුනම ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටට දමයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Moody’s, Fitch, S&P දර්ශක තුනම ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටට දමයි…

    ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ‍්‍රී ලංකාව CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.

    ඔවුන් දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වාදී ඇති ශ්‍රී ලංකාවේ විදේශීය ණය ගෙවීමේ අවදානම පැහැර හැරීම අවදානම ඉතා වැඩි බවයි.

    ශ්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් ඉදිරි කාල සීමාවේදී බැඳුම්කර ණය කල් පිරීම මත විදේශ විනිමය මත තවදුරටත් පීඩනය එල්ල වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

    ශ‍්‍රී ලංකාව දිගුකාලීන ශ්‍රේණි ගත කිරීමේදී තවදුරටත් සෘණාත්මක බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

    මීට පෙර මූඩිස් හා ෆිච් රේටින් විසින්ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම මේ හා සමාන කාණ්ඩවලට පහත දමා තිබේ.

    කෙසේ වෙතත් මෙම ශ්‍රෙණිගත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ජනවාරි 18 වනදා කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීමට කටයුතු සූදානම් කර තිබියදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය බවයි.

    එම වාර්තාව මෙතනින්…
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    ඕවා විදෙස් කුමන්ත්‍රණ........අපේ මිතුරෝ තමා චීනේ.....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අරවින්ද ස ඇහුවා ගැට්ට කවද වගේ කැඩෙයිද කියල ?