Moratorium loan එක ගන්නවාද... ??

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Moratorium loan එක ගන්නවාද... ??

    :baffled:
    Salary එක ලැබෙනවා නම් ණය ඒ විදියටම ගෙවන්න... පස්සේ හිර වෙන්න එපා.. ඒ ඇයි...? කියවලා බලන්න..
    මොකක්ද මේ MORATORIUM කියන්නෙ.??
    =================================
    වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව.
    උදාහරණ යක් බලමු ද ??
    =====================
    ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක ණයක්.13% ක වාර්ෂික පොළියකට අවුරුදු 10 කින් සමාන වාරික වලින් ගෙවන්න. ඔබේ වාරිකය වෙන්නෙ රු.29 862.15 ක් වාරික 120 ක් සමානව ගෙවන්න. ඔබ පළවෙනි වාරිකය ගෙවනව. ඒ ගෙවන මුදලින් 8195.48 ක් ලබාගත් මුල් මුදලින් අඩු වෙනව. ඉතිරි 21,666.67 පොලිය විධියට අයවෙනව.
    CAP 8195.48 + INT 21,666.67=29862.15
    ඔන්න ඊළග මාසෙ ඔබේ ණය මුදල ලක්ෂ 20 නෙවේ මොකද ඒකෙන් 8195.48 ක් අඩු වුණා දැන් පොළී හැදෙන්නෙ 1,991,804 ට.එහෙම වාරික ගෙවන් යනව.ඔබ වාරික 12 ක් ම ගෙවනව 13 වාරිකය ගෙවන්න තියෙන්නෙ ඔබට අපහසුතාවක් ඇති වෙනව .
    ඔබේ 13 වාරිකය හැදිල තියෙන්නෙ මෙහෙමයි.
    CA:9326.80+IN:20535.35 = 29 862.15
    ඔන්න ඔබ MORATORIUM එකක් ඉල්ලනව ඒ කියන්නෙ ණය ගෙවීම පමා කරන සහනයක්.
    එතකොට මොකද වෙන්නෙ.??
    ========================
    ඔබ ඉල්ලනව මාස 3 ක සහනයක්. මේකෙදි වෙන්නෙ ඔබ යතා තත්වයට පත් වෙනකන් ගෙවීම පමා කිරීමක් විතරයි.
    සහනය ඔබට ලැබෙනව.ඒ මාසතුනට අදාල පොළිය 20535.35 * 3 ක් ඒ කියන්නෙ 61 606.05 ක් ඔබේ ණය ගිණුමට එකතු වෙනව.
    මේ පොළිය ඔබ ඉදිරියේ දි ගෙවන්න වෙනව.ඒක තමා ණය පමා සහනයක් කියන්නෙ.නැතිව ණය කපා හැරීමක් නෙවේ.
    දැන් අපි හිතමු ඉහත උදාහරණ ය අනුව මේ ණය සහනය ලබාගත් කෙනාට බැංකුව කියනව සහනය ඉවර වුණාම අර එකතු වුණ පොළිය සමාන වාරික 6 න් ගෙවන්න කියල.(උපකල්පනය කි. කාලය වෙනස් විය හැක.)
    එතකොට
    61606.05 / 6 = 10 267.67 යි.
    ඔබේ සාමාන්‍ය වාරිකය 29 862.15 යි.
    සහන කාලය ඉවර වෙලා ගෙවන්න වෙන පළවෙනි මාසෙ ඔබේ වාරිකය
    29862.15 + 10 267.67 = 40 129.82 ක ගානෙ මාස 6 ක් ගෙවන්න වෙනව. ඊට අමතරව නොගෙවා හිටිය මාස 3 කාලයට අදාල අයවිය යුතු ප්‍රාග්ධන මුදල ණය ගෙවීම් කාලයට එකතු වෙනව වාරික 120 ණය මුදල වාරික 123 ක් වෙනව.
    ඉතින් මොකක්ද ඕකෙ තියන සහනෙ..??
    ================================
    මේ ණය පමා සහනය වැදගත් වෙන්නෙ ව්‍යාපාරික හා නිෂ්පාදන අංශ වලට. මේ වෙලාවෙ ඒ සියලු දේ බිද වැටිල. ඒත් ඒ අය තව ටික කාලෙකින් ආයෙ ව්‍යාපාර පටන් ගන්නව.ඒ අය ලබන්නෙ ස්ථාවර ආදායමක් නෙවේ .
    විචල්‍ය ලාභයක් . ඔවුන්ට පුළුවන් එය කළමණාකරණය කර ගන්න.
    එතකොට මාසික පඩි ගන්න අය..??
    =============================
    ඔබේ පඩිය මේ මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවද ??? ඔබේ වියදම් මේ මාස තුනෙන් පස්සෙ අඩුවෙනවද ?? ඒ දෙකම නොවෙනවනම් ඔබ කොහොමද මේ නොගෙවන පොළිය ත් එක්ක වෙනදට වැඩි වාරිකයක් ඉස්සරහට ගෙවන්නෙ.??
    පඩි ගන්න අයට සහනෙ වැඩක් නැද්ද.??
    =================================
    සහනෙ වැදගත් වෙන පඩි ගන්න පිරිසක් ඉන්නව.
    උදාහරණ 1
    ගුරුවරයෙක් පඩිය ගන්නව.ඔහු අමතර පංති ආදායමක් ලබනව.එම අමතර ආදායමින් ලීසිං වාරික ගෙවන්න මෝටර් රථයක් අරන් තියනව.
    ඔහුට දැන් අමතර ආදායම නෑ.එවිට ඔහු පඩි ගන්නව කියල මේක නොදී ඉදල බෑ.මොකද ඔහු වාරික ගෙවන්නෙ අමතර ආදායමින් බව අපි දන්නව.අමතර ආදායම ලැබෙන තෙක් ඔහුට මේ පමා සහනය වැදගත් වෙනව.
    උදාහරණ 2
    පුද්ගලික ආයතන වල කඩා වැටීම නිසා සේවක වැටුප 30% න් අඩු කරනව.එතකොට ඒ සේවකයින් පඩි ගත්තට ඒකෙන් ණය වාරික ගෙව්වොත් ජීවත් වෙන්න බෑ.ඒ අය පඩි ලබනව කියල මේක නොදී ඉදල හරියනවද ??
    නෑ..මාස 6 න් විතර මේ තත්ව නිවැරදි වුණාම ඔවුන්ට නැවත වැටුප් සාමාන්‍ය පරිදි ලැබෙයි.
    එවිට ඔවුන්ට පුලුවන් නැවත ණය ගෙවන්න.
    මතක තියාගන්න මේ වෙලාවෙ සියළු මූල්‍ය ආයතනවලට මහබැංකුව නිර්දේශ කරල තියෙන්නෙ ණය පමා සහනයක් බව.
    වෙනද වගේම පඩි ලැබෙන අය මේ සහනෙ අරන් අනාගතේ දවසක තමන්ට ලැබෙන සාමාන්‍ය පඩියෙන්ම මේ කාලෙට අදාල පොලී මුදලත් එක්ක ආයෙම ගෙවන්න වෙනවමයි.
    එදාට ඔබට ඔබේ වියදම් කළමණාකරණය කරගන්න පුළුවන්නම් ඇති තරම් පමා සහන භුක්ති විදින්න.
    දැන් මූල්‍ය ආයතනවලට බැණ බැණ යන්න එපා.ඒ අය ට දීල තියන උපදෙස් නෙ එයාල ක්‍රියාත්මක කරන්නෙ.ණය දීල තියෙන්නෙ එයාල ගෙදරින් ගෙනාව සල්ලි නෙවේනෙ.
    දැනුවත්ව බුද්ධිමත්ව තීරණ ගමු. රැල්ලට යාම ලොකු විනාශයක මුලක්.
    (((ඉහත දක්වා ඇත්තේ උපකල්පිත උදාහරණ යකි.මේ මොහොතේ එක් එක් ආයතන වල විවිධ කාල සීමා යටතේ විවිධ ආකාරයෙන් සහන කාලය තුල එක් රැස් වන පොළිය නැවත අය කර ගැනීමේ ක්‍රම හදුන්වා දී තිබිය හැක.
    කරුණාකර එම අභ්‍යන්තර චක්‍රලේඛ උපදෙස් මේ හා ගලපන්නට ගොස් ව්‍යාකූලතා ඇතිකර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.)))
    උපුටා ගැනීම ජනක දිසානායක ගෙනි
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    There are both interest+ capital moratorium. Interest wont be added and just continue paying the installments after moratorium.
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    එල මාත් නය කල් දාන්න හිතන් හිටියෙ .

    මෙහෙම කේස් එකක් නම් කල් දාන එක තෙරුමක් නැ....
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    There are both interest+ capital moratorium. Interest wont be added and just continue paying the installments after moratorium.

    This concession has been granted only for the facilities below Rs. 1 Mn.

    (As per the Circular No.05 of 2020) issued by the Central Bank of SL
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,517
    766
    113
    near my sudu
    :baffled:
    Salary එක ලැබෙනවා නම් ණය ඒ විදියටම ගෙවන්න... පස්සේ හිර වෙන්න එපා.. ඒ ඇයි...? කියවලා බලන්න..
    මොකක්ද මේ MORATORIUM කියන්නෙ.??
    =================================
    වචනයක් විධියට නම් යම් ක්‍රියාවක් තාවකාලිකව අත් හිටුවීමක් නීතිමය විධියට නම් ණයලබාගත් කෙනාට ණය ගෙවීම කල් දැමීමට දෙන නීතිමය අවසරයක් මොරටෝරියම් එකක් කියනව.
    උදාහරණ යක් බලමු ද ??
    =====================
    ඔබ ලබා ගන්නව රුපියල් ලක්ෂ 20 ක ණයක්.13% ක වාර්ෂික පොළියකට අවුරුදු 10 කින් සමාන වාරික වලින් ගෙවන්න. ඔබේ වාරිකය වෙන්නෙ රු.29 862.15 ක් වාරික 120 ක් සමානව ගෙවන්න. ඔබ පළවෙනි වාරිකය ගෙවනව. ඒ ගෙවන මුදලින් 8195.48 ක් ලබාගත් මුල් මුදලින් අඩු වෙනව. ඉතිරි 21,666.67 පොලිය විධියට අයවෙනව.
    CAP 8195.48 + INT 21,666.67=29862.15
    ඔන්න ඊළග මාසෙ ඔබේ ණය මුදල ලක්ෂ 20 නෙවේ මොකද ඒකෙන් 8195.48 ක් අඩු වුණා දැන් පොළී හැදෙන්නෙ 1,991,804 ට.එහෙම වාරික ගෙවන් යනව.ඔබ වාරික 12 ක් ම ගෙවනව 13 වාරිකය ගෙවන්න තියෙන්නෙ ඔබට අපහසුතාවක් ඇති වෙනව .
    ඔබේ 13 වාරිකය හැදිල තියෙන්නෙ මෙහෙමයි.
    CA:9326.80+IN:20535.35 = 29 862.15
    ඔන්න ඔබ MORATORIUM එකක් ඉල්ලනව ඒ කියන්නෙ ණය ගෙවීම පමා කරන සහනයක්.
    එතකොට මොකද වෙන්නෙ.??
    ========================
    ඔබ ඉල්ලනව මාස 3 ක සහනයක්. මේකෙදි වෙන්නෙ ඔබ යතා තත්වයට පත් වෙනකන් ගෙවීම පමා කිරීමක් විතරයි.
    සහනය ඔබට ලැබෙනව.ඒ මාසතුනට අදාල පොළිය 20535.35 * 3 ක් ඒ කියන්නෙ 61 606.05 ක් ඔබේ ණය ගිණුමට එකතු වෙනව.
    මේ පොළිය ඔබ ඉදිරියේ දි ගෙවන්න වෙනව.ඒක තමා ණය පමා සහනයක් කියන්නෙ.නැතිව ණය කපා හැරීමක් නෙවේ.
    දැන් අපි හිතමු ඉහත උදාහරණ ය අනුව මේ ණය සහනය ලබාගත් කෙනාට බැංකුව කියනව සහනය ඉවර වුණාම අර එකතු වුණ පොළිය සමාන වාරික 6 න් ගෙවන්න කියල.(උපකල්පනය කි. කාලය වෙනස් විය හැක.)
    එතකොට
    61606.05 / 6 = 10 267.67 යි.
    ඔබේ සාමාන්‍ය වාරිකය 29 862.15 යි.
    සහන කාලය ඉවර වෙලා ගෙවන්න වෙන පළවෙනි මාසෙ ඔබේ වාරිකය
    29862.15 + 10 267.67 = 40 129.82 ක ගානෙ මාස 6 ක් ගෙවන්න වෙනව. ඊට අමතරව නොගෙවා හිටිය මාස 3 කාලයට අදාල අයවිය යුතු ප්‍රාග්ධන මුදල ණය ගෙවීම් කාලයට එකතු වෙනව වාරික 120 ණය මුදල වාරික 123 ක් වෙනව.
    ඉතින් මොකක්ද ඕකෙ තියන සහනෙ..??
    ================================
    මේ ණය පමා සහනය වැදගත් වෙන්නෙ ව්‍යාපාරික හා නිෂ්පාදන අංශ වලට. මේ වෙලාවෙ ඒ සියලු දේ බිද වැටිල. ඒත් ඒ අය තව ටික කාලෙකින් ආයෙ ව්‍යාපාර පටන් ගන්නව.ඒ අය ලබන්නෙ ස්ථාවර ආදායමක් නෙවේ .
    විචල්‍ය ලාභයක් . ඔවුන්ට පුළුවන් එය කළමණාකරණය කර ගන්න.
    එතකොට මාසික පඩි ගන්න අය..??
    =============================
    ඔබේ පඩිය මේ මාස තුනෙන් පස්සෙ වැඩි වෙනවද ??? ඔබේ වියදම් මේ මාස තුනෙන් පස්සෙ අඩුවෙනවද ?? ඒ දෙකම නොවෙනවනම් ඔබ කොහොමද මේ නොගෙවන පොළිය ත් එක්ක වෙනදට වැඩි වාරිකයක් ඉස්සරහට ගෙවන්නෙ.??
    පඩි ගන්න අයට සහනෙ වැඩක් නැද්ද.??
    =================================
    සහනෙ වැදගත් වෙන පඩි ගන්න පිරිසක් ඉන්නව.
    උදාහරණ 1
    ගුරුවරයෙක් පඩිය ගන්නව.ඔහු අමතර පංති ආදායමක් ලබනව.එම අමතර ආදායමින් ලීසිං වාරික ගෙවන්න මෝටර් රථයක් අරන් තියනව.
    ඔහුට දැන් අමතර ආදායම නෑ.එවිට ඔහු පඩි ගන්නව කියල මේක නොදී ඉදල බෑ.මොකද ඔහු වාරික ගෙවන්නෙ අමතර ආදායමින් බව අපි දන්නව.අමතර ආදායම ලැබෙන තෙක් ඔහුට මේ පමා සහනය වැදගත් වෙනව.
    උදාහරණ 2
    පුද්ගලික ආයතන වල කඩා වැටීම නිසා සේවක වැටුප 30% න් අඩු කරනව.එතකොට ඒ සේවකයින් පඩි ගත්තට ඒකෙන් ණය වාරික ගෙව්වොත් ජීවත් වෙන්න බෑ.ඒ අය පඩි ලබනව කියල මේක නොදී ඉදල හරියනවද ??
    නෑ..මාස 6 න් විතර මේ තත්ව නිවැරදි වුණාම ඔවුන්ට නැවත වැටුප් සාමාන්‍ය පරිදි ලැබෙයි.
    එවිට ඔවුන්ට පුලුවන් නැවත ණය ගෙවන්න.
    මතක තියාගන්න මේ වෙලාවෙ සියළු මූල්‍ය ආයතනවලට මහබැංකුව නිර්දේශ කරල තියෙන්නෙ ණය පමා සහනයක් බව.
    වෙනද වගේම පඩි ලැබෙන අය මේ සහනෙ අරන් අනාගතේ දවසක තමන්ට ලැබෙන සාමාන්‍ය පඩියෙන්ම මේ කාලෙට අදාල පොලී මුදලත් එක්ක ආයෙම ගෙවන්න වෙනවමයි.
    එදාට ඔබට ඔබේ වියදම් කළමණාකරණය කරගන්න පුළුවන්නම් ඇති තරම් පමා සහන භුක්ති විදින්න.
    දැන් මූල්‍ය ආයතනවලට බැණ බැණ යන්න එපා.ඒ අය ට දීල තියන උපදෙස් නෙ එයාල ක්‍රියාත්මක කරන්නෙ.ණය දීල තියෙන්නෙ එයාල ගෙදරින් ගෙනාව සල්ලි නෙවේනෙ.
    දැනුවත්ව බුද්ධිමත්ව තීරණ ගමු. රැල්ලට යාම ලොකු විනාශයක මුලක්.
    (((ඉහත දක්වා ඇත්තේ උපකල්පිත උදාහරණ යකි.මේ මොහොතේ එක් එක් ආයතන වල විවිධ කාල සීමා යටතේ විවිධ ආකාරයෙන් සහන කාලය තුල එක් රැස් වන පොළිය නැවත අය කර ගැනීමේ ක්‍රම හදුන්වා දී තිබිය හැක.
    කරුණාකර එම අභ්‍යන්තර චක්‍රලේඛ උපදෙස් මේ හා ගලපන්නට ගොස් ව්‍යාකූලතා ඇතිකර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.)))
    උපුටා ගැනීම ජනක දිසානායක ගෙනි

    මට කිව්වෙ මෙහෙම කතාවක් බන්, මගෙ Lease එක ඉවර වෙන්න තියෙන්නෙ December 2022, මාස 6ක සහන කාලයක් දෙනව කිව්ව, හෑබෑයි එ මාස 6 lease එකෙ අගට Add වෙලා lease එක ඉවර වෙන දවස June2023 වෙනව කිව්වා, එතකොට මෙ කියන්නෙ වෙන seen එකක්ද? පොඩ්ඩක් පෑහදිලි කරපන්කො.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මට කිව්වෙ මෙහෙම කතාවක් බන්, මගෙ Lease එක ඉවර වෙන්න තියෙන්නෙ December 2022, මාස 6ක සහන කාලයක් දෙනව කිව්ව, හෑබෑයි එ මාස 6 lease එකෙ අගට Add වෙලා lease එක ඉවර වෙන දවස June2023 වෙනව කිව්වා, එතකොට මෙ කියන්නෙ වෙන seen එකක්ද? පොඩ්ඩක් පෑහදිලි කරපන්කො.

    mata hitenneth mehemay.natiwa warike wadi wenna vidiyak neha
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Meka waradiy. Wenama poliyak add wenne naha. Masa 3n passe supurudu lesa gewagena yanna thiyenne. Loan eka gewala awasan wena dawasa masa 3kin issarahata yana eka witharai wenne.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    Meka waradiy. Wenama poliyak add wenne naha. Masa 3n passe supurudu lesa gewagena yanna thiyenne. Loan eka gewala awasan wena dawasa masa 3kin issarahata yana eka witharai wenne.

    I am not so sure about what you say. BTW I am not a financial expert.
    Usually a moratorium of a loan allows you not to pay the usual monthly loan component. However , the lender adds the interest. So the interest for that period gets accrued. It is not an interest free period.

    Some lenders might give you a Grace period for a loan. In this case there is NO interest added.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    I am not so sure about what you say. BTW I am not a financial expert.
    Usually a moratorium of a loan allows you not to pay the usual monthly loan component. However , the lender adds the interest. So the interest for that period gets accrued. It is not an interest free period.

    Some lenders might give you a Grace period for a loan. In this case there is NO interest added.

    Interest will be added during the Grace period too machn