more ඇම්ඩන්

Aug 29, 2010
299
111
0
colombo
කොහොම කොහොම හරි ඉබ්බත් සුදු කලිසං අඳින්න පටං ගත්තා. ඉබ්බලගේ 10, 11 වසර භාරව හිටපු සර් හරිම හොඳයි. සිංහල සාහිත්‍ය උගන්වන්න අති දක්ෂයි. පරණතාලෙ සර් කෙනෙක්. සර්ට කවුරුත් කිව්වෙ කේවට්ටයා කියලා(මතකනේ, ඒ දවස් වල සාහිත්‍ය පොතේ තිබුන උම්මග්ග ජාතකේ කේවට්ටයා). ඉතිං ඉබ්බන්ගේ ජ්‍යේෂ්ඨ සහෝදරයෝ සර්ට ගැළපෙන්න ඒ නම දාලා තිබ්බා. ඉබ්බ මේ කියන කතා සමහරක් ඉබ්බට වුන ඒවා, අනික් ඒවා ඉබ්බගේ යාළුවන්ට වෙච්ච දේවල්. මොනවා වුනත් හරිම රසවත්.
ඉබ්බලගේ පන්ති වල හිටියා ගයියෑන් කියලා යාළුවෙක්. ගයියෑන්ට පිස්සු හොඳම එක. ගයියෑන්ගේ විනෝදේ තමා උදේ ඉඳං ඉස්කෝලේ අරිනකම්ම සර්ව වාත කරන එක. 11 වසර බිල්ඩින් එකේ දෙපැත්තෙ පඩි පෙළවල් 2ක් තියනවා. සර් කොරිඩෝ එක දිගේ එනකොට ගයියෑන් පඩි පෙළට මුවා වෙලා කටහඩ වෙනස් කරලා කොවුලෙක් වගේ ‘කේවෝ’ කියලා මහ හයියෙන් කෑ ගහනවා. සර් අඩිය ඉක්මන් කරලා ඒ පැත්තට එනකොට ගයියෑන් පඩිපෙළ බැහැලා දුවලා යනවා පහළ තට්ටුවේ අනෙක් කෙළවරට.සර් පහළට බහිනවාත් එක්කම ගයියෑන් ආයිත් කෑගහනවා ‘කේවෝ’ කියලා. ගයියෑන්ව අල්ලගන්න බැරුව සර් යනවා. ගයියෑන්ගේ අවධානය වෙන පැත්තකට ගිය ගමන් සර් ටක්ගාලා කඩා පැනලා ගයියෑන්ව අල්ලගන්නවා.
සර්: ඈ ගයියෑන්. තමුං මොකක් කියලද කෑගැහුවෙ?
ගයියෑන්: සර්… කේවෝ කියලා
සර්: තමුසෙ කාටද කේවෝ කියන්නෙ?
ගයියෑන්: ඇයි සර්… සර්ටනෙ
(පටාස්) ගයියෑන් කම්මුල බදාගෙන සිනාසෙයි.
සර්: දුවනව පන්තියට
ගයියෑන් හිකි හිකි ගාමින් පන්තියට යයි.
අනු කේවට්ටයා
ගුරුවරයකු නැති විටකදී සිසුන් කෑ ගසමින් හිටපු පහළ බණ්ඩිරාළ සර්ගේ පන්තියට සර් පැමිණෙයි.
සර්: මොකද කෑගහන්නේ…ඒ…? දැං මොනාද තියෙන්නෙ…ඒ…?
ඉදිරිපස පේළියේ සිටින සිසුවා නැගිටියි.
සිසුවා: සර් සිංහල
සර්: සිංහල මොනාද…අ…?
සිසුවා: සාහිත්‍ය
සර්: සාහිත්‍ය මොන පාඩමද…අ…?
සිසුවා: සර් අනුකේවට්ටයා
ටෝර්…
සිසුවා කම්මුල බදාගෙන සිදුවූ දෙය වටහාගන්නට තැත් කරයි. සර් හිතලා තියෙන්නේ සර්ට බයිට් එකට ගෝලයා අනුකේවට්ටයා කිව්වුවා කියලයි
icon_razz.gif
.
සීනි කූරා
දවසක් සීනි කූරා පන්තියේ දඟල දඟල ඉන්නකොට කොරිඩෝ එකෙං ගිය සර්ට අහු වුනා.
සර්: තමුං යනවා සටාෆ් රූම් එකට. මම එනකං මගේ මේසෙ ගාව හිටගෙන ඉන්නවා…ආ…
සීනි කූරා කරබාගෙන ස්ටාෆ් රූම් එකට යයි. විනාඩි 10කින් පමණ ස්ටාෆ් රූම් එකට පැමිණෙන සර්ට මේ බව මතක නැත.
සර්: තමුන් මොකද ඔතන කරන්නෙ…ඒ…?
සීනි කූරා: නෑ සර් මේ නිකං ආවේ
සර්: දුවනවා පන්තියට
සීනි කූරා කිසිවක් නොවූ පරිදි පන්තියට පැමිණ වාඩි වෙයි.
ගලගොඩ
ගුරුවරයකු නොපැමිණීම නිසා කෑ ගසන සිසුන් සිටින ගලගොඩලගේ පන්තියට එන සර්
සර්: ගලගොඩ නැගිටිනවා
ගලගොඩ නැගිටියි.
සර්: තමුංගෙ නම මොකක්ද?
ගලගොඩ: සර්, ගලගොඩනෙ…
සර්: ආ…හොඳයි. වාඩිවෙනවා.
සිනහව යටපත් කරගෙන තොල විකාගෙන ගලගොඩ වාඩි වෙයි
icon_razz.gif
.
එමිනෙම්
මේ සිද්ධිය නම් වුනේ ඉබ්බගේ යළුවා මීයගේ මල්ලි, පොඩි මීයගේ පන්තියේ. කට්ටිය චුවින්ගම් කාලා ටැටූස් අලවලා තිබුනා පිටිපස්සේ බිත්තියේ. ඉබ්බත් ඒක දැක්කා. ඔය අතර කීප දෙනෙක් නම් බිත්තියේ කැටයම් දාලා ලියලා. සර් පැමිණෙයි. බිත්තිය අසලට ලං වන ඔහු.
සර්: මොකක්ද මේ ලියලා තියෙන්නේ? ආ…ගයාන්…කෝ ගයාන් නැගිටිනවා.
ගයාන් නැගිටියි. ගයාන්ගේ නමට එහායින් එමිනෙම් කියා ලියා ඇත. සර් දැං එමිනෙම් කියා කියවන්නට උත්සාහ කරයි. ඒත් මැද තියන ඊ අකුර නොපිටට ලියා ඇති නිසා සර්ට එය කියවීම අපහසු වග පෙනෙයි. කීප වරක් උත්සාහ කර
සර්: මේ මොකක්ද මේ?
ගයාන්: සර් ඒ එමිනෙම් කියලා ලියලා තියෙන්නෙ.
සර්: එමිනෙම්. ඒ මොකාද? ඌත් මේ පන්තියෙද?
කට්ටිය තොල විකාගෙන සිනාසෙයි
icon_smile.gif
.
 
Aug 29, 2010
299
111
0
colombo
ඔන්න එක දවසක් දෙන්නෙක් තැබෑරුමකට වෙලා හොදටම බිව්ව එදා ඔවුන් දෙන්නම බිලා තියෙන්නෙ පහුවදාට රටේම අරක්කු තහනම් කරනව කියල හිතාගෙන..කන සාක්කුවේ.. තැබෑරුම වහන්න හදන කොට දෙන්නටම නැගිටින්න සිද්ද වුණා.ඒදෙන්න ම පාරට බැහැට යන්න පිටත් වුණා..මෙන්න මෙහෙම කිය කිය..


1 පුද්ගලයා- බලපං මචන් මුන් නිදහසේ බොන්නවත් දෙන්නෙ නෑ
2පුද්ගලයා- ඔව් බං චාටර්...

දෙන්නම මිතුරු වී ටික දුරක් ගමන් කළේ කයිවාරු ගහ ගහ...අපි සන්තෝසෙන් ඉන්නේ දුක සොකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී..!!

1 පුද්ගලයා- එහෙනම් මචන් අපි බැස්සා..සුභ රාත්‍රියක් මං යනවා
2 පුද්ගලයා- ආ...ඔ..ඔය කොහොහෙද උඹ යන්නෙ?

1 පුද්ගලයා- මං ගෙදරනේ යන්නෙ!
2 පුද්ගලයා- පිස්සුද මචන්? ඔ..ඔය ම..මගේ ගෙදර නේ...

1 පුද්ගලයා- පිස්සුද උඹට වැඩි වෙලා...මේ මගේ ගෙදර
2 පුද්ගලයා- මටනෙවෙයි යකෝ උඹට නේ පිස්සු..! හරි එහෙනම් මේක උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නෙ?

1 පුද්ගලයා- ඔප්පු කරන්න දෙයක් නෑ මේ ගේ ඉන්නෙ මගේ වයිෆ්,ඊ ලඟට පුතා අපි තුන්දෙනා තමයි ඉන්නෙ.
2 පුද්ගලයා- මොනව! මේකෙ ඉන්නෙ අපේ අම්මයි,තාත්තයි මමයි නේ

1 පුද්ගලයා- හරි එහෙනම් මම ද මෙහේ ඉන්නෙ උඹ ද කියල බලන්න දොරට තට්ටු කරල බලමු...
2 පුද්ගලයා- හොදයි බලමු....පිස්සු පොරක්නේ මූ

ඔන්න ඉතින් දොරට තට්ටු කරපු ගමන් නෝනා කෙනෙක් දොර ඇරියා...ඒ නෝනා පුදුමයෙන් වගේ මෙන්න මෙහෙම කියපි..


"අනේ අනේ තියෙන ලැජ්ජනැති කම අද තාත්තයි පුතයි එකටම බීල නේද?"

 
Aug 29, 2010
299
111
0
colombo
අපි පුංචි කාලේ ඉගෙන ගත්ත ඉංග්‍රීසි හෝඩිය වෙනස් වෙලා දැං ළමයින්ට කියවන්න ඕන මෙන්න මේක කියලයි මගේ හිතවතෙක් කිව්වේ. බලන්නකෝ.
abc-modern1.jpg
 
Last edited by a moderator:
Aug 29, 2010
299
111
0
colombo
ඊයෙ කිවුවනේ උඩුරාවණ පබ් එකට ගිය හැකි..ඒක කියනකොට කොන්ෆරන්ස් කතා සෙට් එකම මතක් උනා. ටැබූ ත් එක කතාවක් දාල .. සසික මල්ලිත් දාල තිබුන උඩුරාවණ ගෙ ශොපිං සීරිස් එකේ කතාවක්. ඔන්න එහෙනං කාගෙත් දැන ගැනීම සඳහා උඩුරාවණගේ කොන්ෆරන්ස් කතා සීරිස් එක. කට්ටිය අහල ඇති මේව එක එක විදියට. ඒත් මේව එක සීරිස් එකක කතන්දර. ඔන්න එහෙනං පලවෙනි එක. මේකෙ අන්තිම හරියෙ කතාවල දෙබස් කඩ්ඩෙන් තියෙන්න. ගනන් ගන්නෙපා හොඳේ..පිටරටකට ගියාම ඉතින් කොහොමත් කඩ්ඩෙන් නෙව.
දැන් ඉතින් කොන්ෆරන්ස් එකට යන්න කට්ටිය රට යන්න ලෑස්තිය. ක‍ටුනායකින් ඉතින් කට්ටිය නගිනවලු ප්ලේන් එකට. මේ අර පඩිපෙලේ නගින කාලෙ.
පඩිපෙලේ උඩුරාවණට කලින් නගින කෙනා ගෙ පය පැටලුනා ලු. කොහොම හරි එයා සමබරතාවය ‍රැකගන්නට සමත්වෙලා අත්වැට අල්ලගත්තලු. එහෙම ඉඳල කියනවලු...
"ඔහ්.. මට බැලන්ස් නැතිඋනානෙ..."
උඩුරාවණ ඉතින් පලවෙනි සැරේ නෙව ප්ලේන් එකක යන්නෙ. පොර කෑගැහැවලු..
"අවුලක් නෑ.. මගේ ළඟ කාසි ඇතිවෙන්න තියෙනව, පස්සෙ දෙන්නං..."
තේරුනානං හිනාවෙන්න. හිනාවෙලා දෙවනි කතාවට යන්න.
වෙන රටකට ඇතුලුවෙනකොට තියනව ඇරයිවල් කාඩ් එකක් කියල එකක් පුරවන්න. ඒකෙ තියෙන්න තමන් ගැන, තමන් ඒ රටට ඇතුලුවෙන්න ඇයි, තියෙන වීස ටයිප් එක ඒවගේ විස්තර පුරවන්න. සමහර වෙලාවට මේ ඇර්යිවල් කාඩ් එක දෙනව ගුවන් සේවිකාවන්, හෝ එහෙම නැත්නං ට්‍රාන්සිට් එයාර්පෝට් එකෙන්. දුන්නෙ කවුද කියන එක වැදගත් නෑ කතාවට.
උඩුරාවණත් මේක පුරවන්න ගත්තලු.
Name: Heen Bandalage Udurawana
Sex (Male / Female) :
කල්පනා කරල කරල ලිව්වලු..
Female
පස්සෙ පොඩි නෝට් එකකුත් ගැහුවලු පහලින්..
Unlike these foreign white buggers, we always have sex with Females ! No Males for sex at all !
 
Last edited by a moderator:

Ravifeat

Member
Aug 14, 2010
321
18
0
43
General Hospital Mathara
මංත්‍රීබබා;8181252 said:

ඇම්ඩන් කතා – නඩුව

2009 දෙසැම්බර් 17 in Uncategorized | Tags: ඇම්ඩන් කතා, නඩුව

වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.
ඇම්ඩන් දැන් ඉන්නේ අධිකරණ ශාලාවේය. ඇම්ඩන් ගේ නීතිඥයා ඉදිරිපත් කල කරුණු සියල්ලම ගුරුතුමියුඅගේ නීතිඥය විසින් බිඳ හෙලන ලදි. නඩුව පරදින බව තේරුම් ගත් ඇම්ඩන් ගේ නීතිඥයා අවසන් තුරුම්පුව ගැසීය. ඔහු ඇම්ඩන් ගේ කලිසම ගලවා ලිංගය අධිකරණ ශාලාවට පෙන්වීය.
“මේ වගේ පොඩි එකකින් ඔහොම වැඩක් කරන්න පුලුවන්ද?” නීතිඥයා ඇසීය. නැවතත් ඔහුඉ ඇම්ඩා ගෙ ලිඟුවෙන් අල්ලා “ස්වාමීනි ඔබ හිතනවද මේ කොල්ලට එච්චර දෙයක් පුලුවන් කියල”
අනවශ්‍ය අතපත ගෑම් නිසා වැඩේ අප්සට් වන බව ඇම්ඩන් ට වැටහුනි. හෙමින්ම නීතිඥයාට ලං කළ ඔහු “හා හා නීතිඥ මහත්තය වැඩිපුර අල්ලන්න එපා, නඩුව පරදියි”




Elakiri kathawa macho hik...hik...hik..
3.gif
3.gif
:yes::shocked:
 
Last edited by a moderator:

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මංත්‍රීබබා;8182251 said:
    පොඩි කාලේ
    නොතේරුන හන්දා
    නිකන් හිටියා....


    O/L කරනකොට
    අම්මා කිව්වා...
    උඹ
    ‍කෙල්ලෙක් එක්ක
    යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
    ඒක අහලා O/L කොරගත්තා.....


    A/L කරද්දි
    තාත්තා කිව්වා...
    උඹ
    කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
    විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
    ඒක අහලා A/L ගොඩදාගත්තා.....


    ඊට පස්සේ
    අයියා කිව්වා.....
    උඹ
    රස්සාවක් නැතිව මේ ගෙදරට
    කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
    ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍.....


    මෙන්න දැන්
    අක්කා කියනවා.....
    උඹට
    දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ කියලා....


    හ්ම්......දැන් හොයපන්කෝ කෙල්ලෙක් .....


    කෝ යකෝ කෙල්ලෝ........????

    :lol::lol::lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    එක්තරා මානසික රොහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා මානසික රොගියෙක් දිනක් පෑපොල් ගසක් මුදුනටම නෑග සිටුනු දුටු සේවකයෝ ඔහුට ගහෙන් බසින ලෙස කියාසිටියෙලු..... එය ගනනකට නොගත් රොගියා ගහ මුදුනටම වි සින්දුවක් කියමින් සිටියේය.. වාට්ටුව බාර දොස්තර මහතා ද ගහෙන් බසින ලෙස කිවත් ඔහු ගසෙන් බෑස්සේ නෑත....
    එවිට එක් සෙවකයෙක් පොරවක් රෑගෙනවිත් "ඉක්මනට ගහෙන් බහින්න නෑත්නම් ගහ කපනවා" යෑයි පෑවසිය... එත් ඔහු ගසෙන් බෑස්සේ නෑත... එය බලා සිටි තවත් මානසික රොගියෙක් "කෝ පොරව දෙන්න මට මම ගහ කපන්නම්" කියමින් පොරව අතට ගත්තේය...එය දුටු ගහ මුදුනේ සිටි පිස්සා "ඕකා නම් පිස්සේක්" කියමින් ඉක්මනින්ම ගහෙන් බිමට බෑස්සේය....
     
    • Like
    Reactions: marley
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    කෙසඟ මිනිසකු වූ සුමිත් තම බයිසිකලය රියගාලේ නවතා තබා බාර් එකට ගොඩ වූයේ හීන් අඩියක් ගැසීමේ අපේක්‍ෂාවෙනි. ඔහු බාර් එකේ සිට නිවෙස බලා යාම සඳහා ආපසු විත් බයිසිකලට නැඟීමට සැරසෙන විට කිසිවකු තම බයිසිකලයේ වාඩිවෙන අසුනේ රතු තීන්ත තවරා ඇති බැව් හදිසියේම දුටුවේය.
    ඉමහත් කෝපයට පත් ඔහු බයිසිකලය එතැනම තබා ආපසු බාර් එකට ගොඩ වී, එහි තැන තැන අසුන් ගෙන සිටි අය දෙස බලා මෙසේ කෑගසා කීය.
    ”කවුද යකෝ, මගෙ බයිසිකලේ සීට් එකේ තීන්ත අතුල්ලපු පාහරයා?”
    එවිටම එක් මේසයක අසුන් ගෙන සිටි හැඩිදැඩි සද්දන්ත මිනිසෙක් නැඟිට මෙසේ ඇසීය.
    ”මමයි තීන්ත ගෑවේ. ඇයි තමුසෙ මොනවා කරන්නද?”
    ”නෑ ඒකට කමක් නැහැ. ඒත් ඔහේ දන්නෙ කොහොමද මම රතු පාටට ගොඩක් ආසයි කියල.”
    සුමිත් බයාදු ලෙස තට්ටය අතගාමින් ඇසී


     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඔය ගලපිටමඩ පැත්තෙ ලොකු මුදලාලි කෙනෙක් හිටිය. මිනිහ හොඳ සල්ලි කාරයා. ලියන්නෙකුත් තියා ගෙන පරන සැම්පලයටම තමයි බිස්නස් කළේ. මිනිහගෙ පුතාට මේ ක්‍රමය ඇල්ලුවෙ නෑ. පුතගෙ නම එරික් කියමුකො. මෑන්ස් මිඩ්ල් ඊස්ට් ගිහින් සල්ලි ටිකක් හොයා ගෙන ඇවිත් අලුත් තාලෙට බිස්නස් එක්ක පටන් ගන්න් හිතුවා. ගෙනාව පිට රටින් ෆුල් කවර්ඩ් ඇලුමිනියම් ලොරි බොඩියක් ඩිලිවරි සර්විස් එකක් පටන් ගන්න
    ටික දවසක් බැලුවා. ලOකාවේ බිස්නස් වලට අපල කාලයක් ඒ. එරික් ආපහු රට ගියා. ලොරි බොඩිය ගෙදර මිදුලේ.
    තාත්ත හිතුව මේක නිකන් තියා ගෙන වැඩක් නැහැ. විකුනන්න ඕන කියල.පුතාගෙනුත් අහල, ලියන්නට කිව්ව ඉරිද පත්තරේ ඇඩ් එක්ක දාන්න කියල. ඊළඟ ඉරිද පත්තරේට ඇඩ් එකක් යැව්ව මෙහෙම ” රටින් ගෙනා ලොරි බොඩියක් විකිණීමට තිබේ”කියල.
    සඳුදා උදේ මුදලාලි ගෙදර දොර අරින කොට ගෑනු 500 ක් විතර පෝලිමේ ඉන්නවලු. මොකද ? මුද්‍රන දෝෂයක්.
    ඇඩ් එක වැටිලා තිබුනේ මෙහෙමයි.
    “රටින් ගෙනා බොඩි ලොරියක් විකිණීමට තිබේ” කියල.
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ.

    Posted on July 17, 2010 by beyondframe
    4









    i
    6 Votes​

    p-ab3gTb8xb3dLg.gif

    පොඩි එකෙක් දිවයින පත්තරයක් කියවමින් සිටියේ ය. මමත් ඔලුව දමා එය කියවන්නට හැදුවෙමි.
    මේ බලන්න අංකල් ප්‍රවෘත්තියක් තියෙනව ඩෙංගු මදුරුවන් ඇතිවන තැන් සොයා ගන්නා සිසුවෙකුට රු 1000 බැගින් තෑගි. බී ටී අයි බැක්ටීරියාව ‍තියෙන තැනක් හොයා ගන්න ඔත්තුවක් දෙන කෙනෙකුට කොච්චර දෙනවද දන්නෙ නැහැ නේ ද අංකල්.
    මෙන්න අංකල් තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. රතන හාමුදුරුවන්ගෙ අසපුවේ තිබුනු ඩොලර් දාහක් නැතිවී ඇත කියල. හාමුදුරුවො ඩොලර් තියන් ඉන්න ඇත්තේ රුපියල් සත තියාගෙන ඉන්න එක අකැප නිසා වෙන්නැති නේද?
    බලන්න අංකල් මේ ප්‍රවෘත්තිය – අධ්‍යාපන ඇමතිගේ එන් ලකුණ ජනපති කපයි. මට නම් පේන්නේ කැබිනට් මණ්ඩලයත් අපේ ස්කොලෙ වගෙ. අපි ලියාගෙන යනව. ඒව ටීචර් කපනව.
    අද ඔක්කොම නැගල යන ප්‍රවෘත්තිනෙ මේ බලන්නකො – අධ්‍යාපන ඇමති අධ්‍යාපන පරිපාලන ලොක්කන්ට ඉවත් වෙන්න කියයි. කොහේ යන්න ද පරිපාලන නිලධාරීහු අසති. මං කල්පනා කළේ අංකල් අපේ ගුරුවරු වගේම නේද කියල. පන්තියෙන් එලියට දානව යන්න තැනක්වත් කියන්නෙ නැහැ.
    දැන් බලන්නකො මේ ප්‍රවෘත්තිය. පිළියන්දල පොලිස් නිලධාරියෙක් ව්‍යාපාරිකයකුගෙන් රීලෝඩ් ඉල්ලයි. අපේ ඉස්කොලෙ චණ්ඩි පාට් දාන ලොකු අයියල වගේමයි.
    අනේ මන්ද ලොකු වෙනකොට මූත් ‍බ්ලොග් ලියන්න ගනීද දන්නෙ නැහැ. ජූලි 16 දිවයින කියවන ගමන් මේ කොල්ල කී දේ තමයි මං ඕන් ලිවුවෙ.
    මූ නම් මෝහීණියටවත් රැවටිය නොහැකි දිවයින පාඨකයෙක් වගේ.
    මටත් අලුත් ආරංචියක් මේ කොලුවාට කියන්න ඇත්නම් හොදයයි හිතුනේ ඊ‍ට මේ මරුමුස් කොල්ලා මොකක් කියා දැයි දැන ගනු රිසියෙනි.
    මං දැක්ක ළමයො මාලදිවයින් විපක්ෂ නායකයා හමුදා අත්අඩංගුවේ කියල ආරංචියක්.
    මෙන්න ඌ ‍ඒක අහල මෙහෙම කියාපි. අපේ ලොක්ක ඊයේ පෙරේදා ගිහිල්ල ඇවිල්ල එහෙනම් විසදුවයි කියල කිව්වෙ ඇත්ත. බලාගෙන ගියහම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයො ඇත්තත් කියනවනෙ.
    මේකා කියන හැම එකක්ම ලියන්න ගියොත් මාත් පත්වෙන්නේ හමුදා අත්අඩංගුවට ය. ඒ නිසා ඔය ඇති ය.
    මා ඌට පිටුපස හරහා යන්නට සූදානම් වන විට ඌ නැවතත් කතා කළේ ය. රටරටවල ජනාධිපතිවරු අපේ ජනාධිපතිතුමාගෙ අඩිපාරෙ යන කොට කාට ද ආඩම්බර අංකල්.
    මං ඇහෙන්නෙ නෑ වගේ දිගටම ගියෙමි. රජ්ජුරුවෝ අමුහෙලුවෙන් ඉන්නා ගමන් තමන් සීතාම්බර පටසලු පැළද ඉන්නා විට හූ කියන්නට ‍ඇත්තේ මෙහෙම කොල්ලෙක් විය යුතු ය.කෝකටත් ඉක්මණින් මෙතනින් පැන ගන්නා එක සෞඛ්‍යයට ගුණ ය. ස්පිරිතාලවල සේලයින්වත් ෂුවර් නැති කාලේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් වීම අපේ ආරක්ෂාව අප විසින්ම සළසා ගත යුතු රටක කෙනෙක් හැටියට අතිශයින් අවශ්‍ය ය.
    ඇත්තටම මේ රටේ ආචාර්ය මහාචාර්යවරුන්ට කොල්ලන්ට තේරෙන දේවල්වත් තේරෙන්නේ නැත. ඉස්සර රජකාලේ විතරක් නොවේ ය. දැන් රජකාලේත් එසේමය.


     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ශ‍්‍රී ලංකාවට ත‍්‍රස්තවාදය අතුගා දැමීම සදහා කරන ලද ව්‍යායාම් පිළිබද ඉතිහාසයක් ඇත. මෙවැනි අත්දැකීම් සමුදායක්ම ඇති රටවල් ඇත්නම් ඒ අතලොස්සකි. බොහෝ රටවල ඇත්තේ දිග්ගැස්සුණු අරගල පමණකි. අපට මෙන් තාවකාලික වුව අවසන් කරන ලද නැගිටීම් ඇත්තේ අතලොස්සකට ය.
    මෙම සුවිශේෂී තත්වයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීමට අප කල්පනා කළ යුතු ය. ඇත්තටම අප ගත් පාඩම් ලෝකයට කියා දී කීයක් හරි උපයා ගත හැකි ය.
    මුලින් ම 1971 ය. ඊළගට 1989 ය. ඊටත් පසුව 2009 ය.
    මුල් ව්‍යායාම් දෙක අතර පරතරය අවු 18 කි. දෙවැන්න හා තුන්වැන්න අතර අවු 20 කි.
    ත‍්‍රස්තවාදය විනාශ කිරීම සදහා පාඩම් ගැනීමට ලෝකයේ ඹ්නෑම කෙනෙක් ආයුතු ස්ථානය ශ‍්‍රීලංකාව ය. බොහෝ රටවල හමුදා නායකයින්ගෙන් පමණක් නොව දේශපාලන නායකයින්ගෙනුත් ඒ සදහා විශාල ඉල්ලුමක් ලැබෙනු ඇත.
    2006-2009 කාලය සදහා කාන්තාවන් දූෂණ කරන ලදැයි කියන සිද්ධියක් ශ‍්‍රී ලංකාවෙන් වාර්ථා වී නැතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්ථමෙන්තුව විසින් මෑතකදී දුන් සහතිකය මෙහි දී අලෙවිකරණ උපක‍්‍රමයක් වශයෙන් වුව භාවිතා කළ හැකි ය.
    එක් අතකින් තුවක්කුවක් ද අනෙත් අතින් මානව හිමිකම් ප‍්‍රඥප්තිය ද හදවතේ පුරවාගත් සෙනෙහසින් ද යුතුව මානූෂීය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර මේසා විශාල ජයග‍්‍රහණයක් ලබා ගැනීම ගැන අලුත් ආකාරයේ දැන්වීමක් ඩලස් ලවා ලියවා ගත්තා නම් වැඩේ නැගලා යන එක ගැන අමතර කැට අවශ්‍ය නැත.
    ඒ ඔක්කොමටත් වඩා අපේ සෙන්පති තුමා මෙවැනි ත‍්‍රස්තවිරෝධි ඇකඩමියක් හදා එහි අධිපති ලෙස පත්කළ හැකි ය. ලේකම් කෙනෙක් හැටියට පත්කිරීමෙන් ජෝකරයෙක් කළ බලතල රහිත තනතුරක් දී රාජ්‍ය සේවය එපා කරවීමෙන් නොනැවතී තවත් එවැනි ගණනාවක් අවමානයන් නිසා විරසක ව සිටින ඒ නිසාම විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමට හිත හදාගෙන සිටින එතුමා එයින් මුදවා ගැනීමට ද මෙයින් වැඩිදුරටත් හැකි වනු ඇත.
    ත්‍රස්තවාදය පිටුදැකීම සදහා දේශපාලන නායකත්වය සැපයිය යුත්තේ කෙසේද යන්න පිළිබදව කෙළින්ම රජතුමාගෙන්ම දේශන මාලාවක් ලබා ගත හැකි අතර ඊට යුදමය දායකත්වය සැපයිය යුත්තේ කෙසේ ද කියා උපදෙස් සෙන්පති තුමාගෙන් ලබා ගත හැකි ය.
    යුද්ධයේ ක්‍රෙඩිට් එක කාට හිමිවිය යුතු ද යන ප්‍රශ්නය ද ඔවැනි වැඩපිළිවෙලකින් අවසන්කළ හැකි ය.
    ත‍්‍රස්තවාදය නැවත නැවතත් ඇති කිරීම සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට ද එසේ කැමති අයට මෙහිදී පුලුවන. ඒ සදහා වෙනම පාඨමාලාවක් එසේ ත‍්‍රස්තවාදය ඇතිකිරීමට වුවමනා අය සදහා ඉදිරිපත් කළ හැකි ය. ආයුධ වෙළෙන්දන්ගෙන් ඊට විශාල ඉල්ලුමක් ලැබෙතැයි අපේක්ෂිත ය. එහි සේවය සදහා ලක්ෂ තුනක් ජනතාව අවතැන් කදවුරු වල රදවන්නට තීරණය කළ අය උපදේශකයින් හැටියට බදවා ගත හැකි ය.
    ඇත්තටම හෝදා හෝදා මඩේ දැමීම කළ හැක්කේ කෙසේ ද යන්න පවා මෙහිදී අපූරුවට ඉගැන්විය හැකි ය. ඒ සදහා ඉතිහාසඥයින්ගෙන් ද සමාජ විද්‍යාඥයින්ගෙන් ද ඉල්ලුමක් තිබෙනු ඇත. ඒ සදහා කොයි ආණ්ඩුවෙත් හිටපු දේශපාලනඥයින්ගෙන් ආධාර ගත හැකි ය.
    ත්‍රස්තවාදය වැළැක්වීමේ ක්‍රියාදාමය ඔස්සේ අනවශ්‍ය ලෙස ශක්තිමත් විය හැකි හමුදාවක් පාලනය කර දෙකේ කොළයට බස්සවා ගැනීම කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබදව අතුරු පාඨමාලාවක් ද මෙහිදී පැවැත්විය හැකි ය. මෙවැනි පාඨමාලාවක් විවෘතව කිරීමේ ගැටලුවක් තිබිය හැකි නිසා මෙය කිසියම් ක්‍රමයකින් රහසේ ඉගැන්වීමට කටයුතු වුව සම්පාදනය කළ හැකි ය. ඇකඩමිය හරහා නොව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවනු ලබන විශේෂ ඒකකයකින් මේ පාඨමාලාව ලොවට ඉදිරිපත් කළ හැකි ය.
    මේ සියල්ල විකිණිය හැකි දේ ය. කරන ලද සුවිශාල ආයෝජනයෙන් මෙහෙම අමතර ආදායමක් ලැබිය හැකිව තිබියදී තවත් බලා සිටින්නේ මන්ද?
    කීයක් හරි අමතරෙන් සොයා ගත හැකි නම් එය රටේ දියුණුවට යොදා ගත හැකි ය.
    මේ දවස්වල මොළේ වැඩකරන්නේම බිස්නස් ලයින් එකක් සෙවීමට ය. රස්සාවෙන් අස්කරලා නිසා මොකක් හරි එකක් හරි යන තුරු අපගේ පාඨකයින්ට මේ අයිඩියාස් දිරවාගන්නට සිදුවනු ඇත.
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    දවසක් අපේ කොසොල් රජු ටිප් ටොප් එකට සැරසිලා වීදී සංචාරය කොරන වෙලාවෙ දැක්කා නෙව එක්තරා ඉස්තිරියක්..
    මෙක ටිකක් පිස්සු හැදිලා ආයෙත් හැදෙන අන්දමෙ රූපකායක් තිබුනු ඩයල් එකක්.
    පිස්සු පීකුදු.

    ඉතින් අපේ මෑන්ස් ඒ කිවුවෙ රජතුමාත් මෙ ඩයල් එක දැකලා හරියට නිකං අයිස්චරියා දැකපු රංජන් රාමනායක වගේ කොරවෙලා හිටියා.

    දැන් ලොක්කට ආසාවෙ බැහැ මෙ ඇත්තිව තමන්ගේ සිරියහන් ගබඩාවට කැන්ද ගන්න.
    ඔන්න ඉතින් අහන්න එපා ඒ මක්කටැයි කියලා...අර කොටු කොටු දාන දර්ශනයක් රගදක්වන්ට වෙන්න ඔන මයෙ හිතේ...

    ඉතින් මෙ ගැන හිතලා රජා මොකද කලේ...
    යැවුවා තමන්ගේ ළගම හිටිය ඇම්බැට්ටයෙක් විස්තර ටිකක් හොයං එන්ටය කියලා...
    දැන් ඉතින් මට ඔන්න තවත් කතා මතක් වෙනවා...

    මෙ වෙන වෙන ගෑනු ගැන හෙවුවට මොකද කොසොල් රජ්ජුරුවන්ටත් හරි අපූරු බිරින්දෑ පොඩ්ඩක් හිටියා නෙව.
    මල්ලිකා දේවී...

    ඔයාලා අහලා ඇති අර පන්සල හතර මායිමෙ යන්ට අකමැති දේවියව පන්සල් යවන්ට රජතුමා කවීන් ලවා පන්සලේ ලස්සන කියලා කවි ගොතවලා..ඒ කවි බිසවට ඇහෙන්ට ගායනා කරවපු නිසා ඒ කවි අහලා පන්සලේ සිරි බලන්ට ගිය දේවිය දන්නෙම නැතිව බුදු හාමුදුරුවෝ ළගට ගිහින් එතන ඉන්නකොට බුදු හාමුදුරුවෝ මවලා පෙන්නපු ලස්සන කාන්තාවෝ දෙන්නා ටික ටික වයසට ගිහින් අන්තිමට දිරලා යන ආකාරය දැකලා එච්චර කාලයක් තමන්ගේ රූපය ගැන ආඩම්බරයෙන් හිටිය බිසවගේ ගණන් බැහැලා පිනට දහමට යොමු වෙච්ච කතාව...

    අන්න ඒ කතාවෙ ඉන්න දේවියම තමයි මෙ මල්ලිකා දේවිය..
    ඔයාලා ඒ කතාව අහලා තිබුනට උන්දෑ අපායේ ගිය කථාව දන්නේ නැහැ නේද..

    එතකොට අද හුගාක් රූපවාහිනී නාලිකා වලින් පට්ට පතුරු ගහන ඇසි දිසි එහෙමත් නැත්තං අසදෘස කියන වචනයට අදාළ දානය දුන්න කාන්තාව ගැන..
    ඒ කියන්නේ අසදෘෂ මහා දානය පිළිබඳව කතාවත් ඒ දානය දුන්නේ කොහොමද..? ඇතුන් මදි වෙලා වෙච්ච කේස් එහෙම..?පස්සේ වෙලාවක අහන්ටකෝ මං කියා දෙන්නම්.

    හරි අපූරු කතා ටික..

    හා හා ආයෙත් කතාවට...

    ඉතින් අර රජ්ජුරුවන්ගේ ගේම් එකට ගිය ගොබිලා කරුණු කාරණා හොයාගෙන අපහු ආවා..
    ඒත් ගෙනත් තිබුණු නිව්ස් එක නම් එච්චර හොඳ නැහැ.

    ඒ ඇයි..?

    අර කාන්තාව දැනටමත් විවහා වෙලා නෙව..මළ කෙළියයි. දැන් මොකක්දෑ කොරන්නේ..?

    මොනවා කළත් දැන් රජාට මෙ ගෑනු පරාණේ එක දවසකට හරි තමන් ළගට ගන්න ඔනේ..

    ඒත් ඉතින් මනුස්සයෙක් ඉන්න ගෑනියෙක් බලෙන් ගන්න එක තත්වෙට හරි මදි.

    ඉතින් මෙයා තමන්ගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා විසදුමක් හොයා ගත්තා..
    ඒ තමයි මෙ කාන්තාවගේ පුරුෂයා රාජ උදහසට ලක් කරලා මරලා දාන්ට..ඊට පස්සේ බැරියෑ අර තනි උන කාන්තාවට පිහිටක් වෙන්න..

    ඉතින් දවසක් රජ්ජුරුවෝ අර කාන්තාවගේ ස්වාමි පුරුසයට රජ ගෙදරට එන්න කියලා පණිවිඩයක් ඇරියා.
    පොරත් බයේ ගැහි ගැහී ගියා බලන්ට මොකක්ද මෙ උවමනාව කියලා බලන්ට. මොකද මෙ වෙනකොටත් අර කාන්තාව තමන්ගේ ස්වාමි පුරුසයාට කියලා තිබුනේ රජ්ජුරුවෝ පාරෙ යන ගමන් තමන්ව දැකලා කෙළ හල හල ගිය විත්තිය.

    කොහොම හරි රජ ගෙදරට ආපු මනුස්සයට රජ්ජුරුවෝ වැඩක් පැවරුවා..ඒ වැඩෙ එදා හවස් වෙන්ට කලියෙන් කොරන්ට ඔනය කියලා...

    වැඩෙ කොළොත් තෑගි බෝග..
    බැරි උනොත් ඉතින් රාජ උදහස..
    කාලා වරෙංකෝ නේද..?

    ඉතින් මක්කද මෙ පැවරුව වැඩෙ..?

    හරි සිම්පල් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ..

    දැන්ම ගෙදරින් පිටත් වෙනවා..කෙළින්ම නුවර ප්‍රධාන දොරටුවෙන් පිටවෙලා..ගිහිල්ලා නුවරින් පිටත සතර ගවුවක් දුරින් තියෙන ජලාශයට ගිහින් හවස රජ්ජුරුවෝ නාන වෙලාවට කළින් කඩුපුල් මලූයි අරුණුවන් මැටියි අරගෙන එන්න ඔන..

    මෙ කඩුපුල් මල්නං මම දැකලත් නැහැ..අර අටපට්ටමෙ හසන්ත උන්නැහේනං කඩුපුල් මල් කියලා මොනවද එක පාරක් පෙන්නුවා..ඒත් ඒවා කඩුපුල් මල්ද කියන්ට මම දන්නේ නැහැ ඔං..
    අරුණුවන් මැටිද..?ඒවත් එහෙම තමයි ඒවා මම දැකලත් නැහැ.
    නොදන්න මගුල් ගැන කියන්ට මම දන්නේ නැහැනේ...

    ඉතින් අර මනුස්සයට තේරුනාළු මට ඉතින් බඩු බනිස්ම තමා කියලා මොකද මෙ කියපු ජාති දෙකම තියෙනවා කියන්නේ නාග ලෝකේ විතරයිලූ නෙව...

    මොනවා උනත් දැන් ඉතින් කරන්ට එපැයි කියලා හිතලා අර මනුස්පයා විගහට ගෙදර දුවලා තමන්ගේ බිරින්දෑටත් මෙ විත්තිය කියලා ගමන යන්ට පිටත් උනා..ආ ඒ යන්ට කළින් ගෙදර ලිපේ බාගෙට ඉදෙමින් තිබුණු බත් මුට්ටියෙන් බත් ටිකකුත් මුලක් බැදගෙන තමයි ගියේ..

    කොහොම හරි දැන් මෙ මනුස්සයා අර කියාපු පොට් එකට ගියා කියමුකෝ...
    පොරට දැන් හරි මහන්සියි.ඇයි යකඩෝ ගව් හතරක් කියන්නේ හැතැප්ම දාසයක්නෙව..

    ඉතින් අර අරගෙන ආපු බත් මුල ලිහලා පාරේ හිටිය දුගියෙක-ටත් බාගයක් දීලා තමනුත් කාලා, ඉතිරි ඇට ටික ජලාසේ හිටිය මාළුන්ට කන්න දුන්නා..ඒ දීලා කරලා අහක් වෙලා දැන් මෙයා ජලාසේ දිහා බලාගෙන අඩනවා..
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    මෙ ඇඩිල්ල අහගෙන හිටපු ජලාසෙට අධිපති දෙවියා එක පාරට මතු උනා..
    අනික දැන් අපේ බුවා පින්කම් දෙකක්ම කරගෙනනේ ඉන්නේ..
    ඉතින් දෙවියෝ අනත් බලන්න එපැයි.

    ඉතින් මෙ දෙවියා කිරියාත්මක වෙලා අර හොයාගෙන ආපු කඩුපුල් මල් සහ අරුණුවන් මැටි කියන ජාති දෙකම ගෙනත් දුන්නයි කියමුකෝ..

    දැන් අපේ මෑන්ස් එනවා හිටු කියලා ආපහු.
    ඇයි යකඩෝ හවස් වෙන්ටත් කළියෙන් මෙ අටමගල් දෙක අර රජාට දීලා දාන්ටත් එපැයි..
    කොච්චර ආවත් ගමනේ නිමක් නැහැ.
    අන්තිම ටික කියලා දන්නවා උනත් ඒ ටික දුරත් හෙන දිගයි වගේ දැනෙනවා.
    කොහොම හරි අමාරුවෙන් ආවා කියමුකෝ...

    ඒත් වැඩෙ හබක්..ඒ මොකදෑ..

    රජා මෙ වැඩෙ අර මෑන්ස්ට පැවරුවෙ කරන්ට බැරි බව දැන දැන උනත් මොන මළ දානෙකින් හරි මෙවා හොයාගෙන ආපහු ආවොත් වැඩෙ අප්සෙට් යන නිසා වෙලපහම නුවර දොරටු වස්සවලයි තිබුනේ.

    දැන් මක් කරන්නද අර මනුස්සයට කර කියාගන්න දෙයක් නැහැ..බුවා අඩ අඩ නුවරින් එපිට අම්බලමක රැය පහන් කොරන්ට පටන් ගත්තා.

    දැන් රජ්ජුරුවොත් පුල් හැපී එකේ දොයි..ඇයි හෙට උදේම අර මනුස්සයා අල්ලගෙන රාජ අණ ඉටුකොරන්ට බැරි උන වරදට ඒකා උල තියලා..ඊට පස්සේ අර ඇත්තිව රාජ සන්තක කොරලා..ඊට පස්සේ අර සිරියහන් ගබඩාවෙ කොටු කොටු කතන්දරේට අල්ල ගත්තහැකිනේ...

    ඒත් වැඩෙ කියන්නේ මහ රෑ රජාට මාර මගුලක් උනා.

    ඒ කිවුවෙ හීනෙන් බය වෙලා ඇහැරුනා.

    එකපාරට රජ්ජුරුවන්ට මහ භයානක හඩින් දු-ස-න-සෝ කියන අකුරු හතර මහ හඩින් අමනුස්සයින් විසින් කියනවා ඇහිලා තමයි නැගිට්ටෙ..ඒ අකුරු ඇවිල්ලා ගාථා හතරක මුලකුරු..මට ගාථා හතරනම් මතක නැහැ.
    පළවෙනි එක නම්
    දුජ්ජීවිතං අජීවිම්හ යේ සන්තේ න දදම්හසෙ
    විජ්ජමානෙසු භොගෙසූ දීපං නා කම්ම අත්තනො
    වගේ තමයි යන්තං මතක..

    කොහොම හරි දැන් රජා බය වෙච්ච පාර නිදි නැතිව ඉන්නවා..දැන් එළි වෙයි..දැන් එළිවෙයි...
    කිය කිය හිත හිතා. ඒත් එළි වෙන පාටක් නැහැ..
    අන්තිමට අමාරුවෙන් අමාරුවෙන් ඉදලා එළි වෙච්ච ගමන් දිවුවා ලකලෑස්ති වෙලා බුදු හාමුදුරුවෝ හොයාගෙන..

    ඒ මොකද මෑන්ස්ට මොකක් හරි බය හිතෙන දෙයක් උණ ගමන් ගිහින් බුදු හාමුදුරුවන්ගෙන් අහන්න පුරුදු උනා..
    ඒකත් උනේ අර ප්‍රසිද්ධ හීන දහසයේ කතාව නිසා. දන්නවනේ ඒ කතා ටික නේද..අනේ මටනම් කියන්ටයි කියන්න එපා ඔං මට ඒ ඔක්කෝම හීන ටික මතක නැහැ.

    ආයෙත් තව පොඩ්ඩෙන් පීළි පනිනවා...

    ඉතින් බුදු හාමුදුරුවෝ හම්බ වෙච්ච අපේ මහරජ කොසොල් තමන්ට වෙච්ච..එහෙමත් නැත්තං අහන්න වෙච්ච අර භයානක ශබ්දය පිළිබඳව විමසා සිටිය වෙලාවෙ..අපේ බුදු හාමුදුරුවෝ කියා දෙනවා වෙච්ච දේ...

    අර ශබ්දය නගලා තියෙන්නේ ඒ වෙනකොට අපාගත වෙලා හිටපු පෙර කල විසූ සිටුවරු හතර දෙනෙක් තමයි.
    ඒ හතරදෙනා තුන්වෙනි සිල්පදේ කඩලා. එහෙමත් නැත්තං හොඳට කොටු පැනලා ජීවත් වෙච්ච උදවිය..

    ඒ උදවිය ජීවත්ව හිටි කාලේ ධන සම්පත්,භවභෝග සම්පත් ඇති තරම් තිබියදීත් කිසිම පිනක් දහමක් නොකර..
    නිතරම තම තමන්ගේ ශරීරය පිනවන්න කටයුතු කොලා විනා කිසිම හොඳ වැඩක් කරලා නැහැ.
    ඉතින් පුළුවන් තරම් පවු වැඩ විතරක් කොරපු මෙ උන්දලා ටික මිය පරලොව ගිහින් අවීචි මහා නරකාදියේ මහ ගිනි හැළියක දැවෙමින් ජීවත් වෙනවා..
    එහෙම ජීවත් වෙන ගමන් ඒ ගිනි හැළියේ ඉහළ පහළ යනවා. ඉතින් උන්දලා තමයි මෙ තමන් විදින දුක ගැන ගාථා හතරකින් කියන්න ට්‍රයි කරලා තියෙන්නේ..
    ඒත් කරුමෙක මහත එක්කෙනාට එක අකුරකට වඩ කියන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ..අර ගිනි හැළියේ ගිලෙන්න පටන් ගන්නවා...අවුරුදු ගාණකට සැරයක් තමයි මෙහෙමවත් තත්පරයකට හැළියේ මුවවිට දක්වා එන්න ලැඛෙන්නේ.
    ඒ ඇවිල්ලත් එක අකුරක් විතරක් කියලා ආපහු ගිලෙන්න පටන් ගන්නවා.

    ඉතින් රජ්ජුරුවන්ට අර ප්‍රේතයෝ හතර දෙනා කියපු..කියන්න හදපු ගාථාවල මුල් අකුරු හතර තමයි අර විදියට ඇහිලා තිබුනේ...

    මෙන්න මෙ කාරණාව කියලා විතරක් බුදු හාමුදුරුවෝ නිකං හිටියේ නැහැ.
    පරදාර සේවනය, පර පුරුෂ සේවනය, වැරදි කාම මිත්‍යාචාරය, කියන කරුණු ගැන හොඳ විස්තරයකුත් ඒ වැනි දෙයින් ලැඛෙන අහිතකර විපාකත් පැහැදිලි කරලා දුන්නා අර පෙරේතයින් උපමාවට අරගනිමින්.

    දැන් රජ්ජුරුවන්ගේ මයිල් ඉස්මයිල් වෙලා..ඇයි යකඩෝ තව පොඩ්ඩෙන් තමාටත් වෙන්නේ අර වගේ අපායක පැහෙන්නනේ..

    ඊට පස්සේ රජ්ජුරුවෝ අර අදහස හිතෙන් අහක් කරලා අර පුරුෂයාට තමන්ගේ බාරිත් එක්ක හොඳින් ඉන්න ඉඩ සැලැසුවා.
     
    • Like
    Reactions: niluleo
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    මට මේ කතන්දරේ මත්ක් උනේ අපේ හා පැටික්කිව දැක්කාම.මේක මේ හා පැටික්කිගේ වරිගේ ඇත්තෙක්ට වෙච්චි දෙයක්....

    මෙන්න කතාව.නොදන්න අය කියවා දැනගත්වා... දන්නෝත් කියවා සියල්ලෝම අදහස් ලියලා යත්වා...
    සිද්ධියේ ඉන්නේ හාවෙකුයි හාඩිවෙයා ෂොප් එකක මුදලාලියෙකුයි. ඔන්න දෙබස.

    හාවා හාඩිවෙයා ෂොප් එකට ගිහින් අහනවා මුදලාලියා ගෙන් මෙන්න මෙහෙම....
    හාවා . මුදලාලී... මේ කැරට් තියනවද..?
    මුදලාලි. හාඩිවෙයා එකේ කොහෙද බන් හාවෝ කැරට්...?
    හාවා. ඒ කියනිනේ කැරටි නෑ....?
    මුදලාලි. නෑ...

    හාවා ගිහින් ඊළග දවසෙත් ඇවිත්
    හාවා .හා... මුදලාලී... අදවත් කැරට් තියනවද..?
    මුදලාලි. උබට අන්ද කයිප්පු ද..? හාඩිවෙයා එකේ කොහෙද බන් හාවෝ කැරට්...?


    හාවා ගිහින් ඊළග දවසෙත් එනවා මෙන්න
    හාවා . හා... මුදලාලී... අදවත් කැරට් අලයක් ගන්න පුලූවන් ද?
    මුදලාලියාටත් මල විකසිත වෙලා මෙහෙම කියාපි....
    මුදලාලි. මේ හාවෝ උඹ මාව බයිට් එකට ගත්තද? ආයෙත් ආවොත් මම උඹව ගස් බැදලා හොද වැඩක් කරනවා.


    මෙන්න බොලේ මේ ඇම්ඩන් හාවා ඊළග දවසෙත් එනවා...
    මුදලාලි. හා... හාවෝ... උඹ අදත් ආවද...?
    හාවා. ඔවි මුදලාලි... ඒක නෙමෙයි මුදලාලියෝ... මේ ලනු එහෙම තියනවද?
    මුදලාලි. නෑ බන්.
    හාවා. එහෙනම් මුදලාලි මේ... කැරට් තියනවද...

     
    • Like
    Reactions: Randir
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඔන්න දවසක් කකුලූවෝ පවුලක බඩපිස්සා ගෙදර එනකොට ගොඩක් රැ උනා.ඉතින් කකුලූ අම්මාට දැඩි මල... ඔන්න ඒ වෙලාවේ උනු කතන්දරය



    කකුලූ පුතා : අම්මේ දොර අරින්න....(කකුලූ පුතා දොරට තඩිබායි)


    කකලූ අමමා : උඹ අද බීලා නේද...? (දොර විවර කැරන අතර අම්මා අසයි)


    කකුලූ පුතා : අම්මාට පිස්සුද අම්මේ...?


    කකලූ අමමා : එහෙනම් උඹ කොහොමද අද කෙලින් යන්නේ...?






     
    • Like
    Reactions: IcedEarth