හිතවත් දීපාල් අයියා වෙත ආදරයෙන් ලියමි,
ඉතිං අයියේ , ඔයාගේ තොරතුරු කොහොමද ? එදා ඔයා අපේගෙදර ආපු දොහේ ඉඳං අපේ අප්පුච්චා මයෙත් එක්ක වැඩි මනාපයක් නෑ වාගේ මයෙ හිතේ.මූන දීලා කතාකොරන්නෙත් නෑ.මටනං ඔව්වයේ උලව්වක් නෑ ඉතිං. මයේ මොකොද? ඒ උනත් ඔයා ආයෙත් වතාවක් අපේ දිහා එන්ට හොඳ ද ?හැබැයි එදා වගේ කොස් දෙල් වැල මළු කද බැඳං එන්ට ඕන්නෑ. අපේ මුත්තම්ම ට නං ඔයැයි ව හොඳට හිතට අල්ල ලා ගෙහුං වාගේ. ඇස් හතරක් ඉතර තිඋනට අගේ ඇති කොලු පරානයක් කියලා අපේ අම්මණ්ඩි ( උන්දැගේ දුව ) එක්ක කියලා තියෙනවා.
අප්පුච්චාට ඔයා තව ටික දොහකිං ඉංජිනේරුවෙක් වෙනවා කියපුහාම උන්දැ අහපි ඒ මොකාද බොල ඒ කියලා.මං කිඋවා ලොකු ලොකු පාලං එහෙම හදන්නේ ඔය වගේ උන්නැහැල තමයි කියලා. ඒ විඩේ අප්පුච්චා කියනවා ඒ හුට්ටප්පරයා ට පාලමක් තියා වැටකඩුල්ලක් වත් බැඳගන්ට ඇහැක් ද කියලා.
අර වෙලේ මාමලයේ ලොකු කොලුවා අඹං ගඟේ පාලම හදද්දී ගෙහුං අත්වැඩ දුන්නෙ , උඹේ බකමූනු පැටියට වඩා ඌ කොච්චර පාලං හදල ඇද්ද කියලා උන්දැ කිඋවා. පහල ඇලේ ඒ දණ්ඩත් කැඩිලා තිබිලා පොල් ලී කොටං දාලා හැදුවේ ඌ නේ , තොට ඕන්නං ඌව බැඳගං කියලා .ඒකා ඔයාට වැඩිය පෙනුමයි තමයි. ඒ උනාට ඒකගෙ මහ සෙප්පඩ විගඩං වැඩී කියලා ගමේ ගැටිස්සියො ඌව මායිං කොරන්නෑ.
කොහොමිං කොහොමිං හරි රෑ බෝ වෙලා. අර අපේ වත්තේ බැ ඳලා හිටිය නාකි එළදෙන මඩුවෙ බඳින්ඩ වෙලාවත් හරි. අපේ අම්මා කිව්වා උඹ ඒ කොල්ල එක්ක පැනල යන්ඩ එහෙම එපා , අපේ මූනෙ දැලි ගෑවෙයි කියලා. මම අප්පුච්චව කැමති කොර ගන්නං , අර නාකි එළදෙන මැරෙන්ඩ කලිං ඒකිව දෑවැද්දට දීලා උඹව පිටත් කොරඤ්ඤං කියලා.
ඔය අපේ අම්මත් අලි දෙඤ්ඤං කොටි දෙඤ්ඤං කිය කියා නෙව හැමදාම ඉන්නේ. ඒ නිසා ඔයාට අර නාකි වැස්සිව වත් හම්බුවෙයි ද දන්නෑ. ඒත් කමක් නෑ කියලා ඔයා කියයි වැස්සියො දෙන්නෙක් මට ඕනෙ නෑ කියලා.
මේක දැක්ක ගමං ම හැරෙන තැපෑලෙං මට ලියුං කරදහියක් එවන්ඩ. මං ඒක දකිනකං කොයිතරං පපුවේ ගින්දරකින්ද ඉන්නේ. රෑ වෙලා විස්ස විජ්ජාලේ උනත් ඇවිදින්ඩ යන්ඩ නාකයි.විසකූරු සත්තු නැතත් මොක්කු මොක්කු ඉන්නවද කවුද දන්නේ.
ඔයාට වැස්ස වලාහක දෙයියංගෙ ම පිහිටයි.
මෙයට,
ආදරණීය මලී..
ප:ලි – ඔයාට විස්ස විජ්ජාලෙට කඋරුත් ලියුං එවන්නේ නෑ කියලා දුකෙං හිටිය නේ ද ? දැං මං ලියුං ලිය ලියා තැපැල් කොරඤ්ඤං.
නම තියෙන තැන ටිපෙක්ස් කරලා මේක උංගෙ ෆැකල්ටි එකේ මොකද්ද බිත්ති සඟරාවක ද කොහෙද දාලා තිබ්බා කියලා ආරංචි උනා පස්සේ …ඉතිං අයියේ , ඔයාගේ තොරතුරු කොහොමද ? එදා ඔයා අපේගෙදර ආපු දොහේ ඉඳං අපේ අප්පුච්චා මයෙත් එක්ක වැඩි මනාපයක් නෑ වාගේ මයෙ හිතේ.මූන දීලා කතාකොරන්නෙත් නෑ.මටනං ඔව්වයේ උලව්වක් නෑ ඉතිං. මයේ මොකොද? ඒ උනත් ඔයා ආයෙත් වතාවක් අපේ දිහා එන්ට හොඳ ද ?හැබැයි එදා වගේ කොස් දෙල් වැල මළු කද බැඳං එන්ට ඕන්නෑ. අපේ මුත්තම්ම ට නං ඔයැයි ව හොඳට හිතට අල්ල ලා ගෙහුං වාගේ. ඇස් හතරක් ඉතර තිඋනට අගේ ඇති කොලු පරානයක් කියලා අපේ අම්මණ්ඩි ( උන්දැගේ දුව ) එක්ක කියලා තියෙනවා.
අප්පුච්චාට ඔයා තව ටික දොහකිං ඉංජිනේරුවෙක් වෙනවා කියපුහාම උන්දැ අහපි ඒ මොකාද බොල ඒ කියලා.මං කිඋවා ලොකු ලොකු පාලං එහෙම හදන්නේ ඔය වගේ උන්නැහැල තමයි කියලා. ඒ විඩේ අප්පුච්චා කියනවා ඒ හුට්ටප්පරයා ට පාලමක් තියා වැටකඩුල්ලක් වත් බැඳගන්ට ඇහැක් ද කියලා.
අර වෙලේ මාමලයේ ලොකු කොලුවා අඹං ගඟේ පාලම හදද්දී ගෙහුං අත්වැඩ දුන්නෙ , උඹේ බකමූනු පැටියට වඩා ඌ කොච්චර පාලං හදල ඇද්ද කියලා උන්දැ කිඋවා. පහල ඇලේ ඒ දණ්ඩත් කැඩිලා තිබිලා පොල් ලී කොටං දාලා හැදුවේ ඌ නේ , තොට ඕන්නං ඌව බැඳගං කියලා .ඒකා ඔයාට වැඩිය පෙනුමයි තමයි. ඒ උනාට ඒකගෙ මහ සෙප්පඩ විගඩං වැඩී කියලා ගමේ ගැටිස්සියො ඌව මායිං කොරන්නෑ.
කොහොමිං කොහොමිං හරි රෑ බෝ වෙලා. අර අපේ වත්තේ බැ ඳලා හිටිය නාකි එළදෙන මඩුවෙ බඳින්ඩ වෙලාවත් හරි. අපේ අම්මා කිව්වා උඹ ඒ කොල්ල එක්ක පැනල යන්ඩ එහෙම එපා , අපේ මූනෙ දැලි ගෑවෙයි කියලා. මම අප්පුච්චව කැමති කොර ගන්නං , අර නාකි එළදෙන මැරෙන්ඩ කලිං ඒකිව දෑවැද්දට දීලා උඹව පිටත් කොරඤ්ඤං කියලා.
ඔය අපේ අම්මත් අලි දෙඤ්ඤං කොටි දෙඤ්ඤං කිය කියා නෙව හැමදාම ඉන්නේ. ඒ නිසා ඔයාට අර නාකි වැස්සිව වත් හම්බුවෙයි ද දන්නෑ. ඒත් කමක් නෑ කියලා ඔයා කියයි වැස්සියො දෙන්නෙක් මට ඕනෙ නෑ කියලා.
මේක දැක්ක ගමං ම හැරෙන තැපෑලෙං මට ලියුං කරදහියක් එවන්ඩ. මං ඒක දකිනකං කොයිතරං පපුවේ ගින්දරකින්ද ඉන්නේ. රෑ වෙලා විස්ස විජ්ජාලේ උනත් ඇවිදින්ඩ යන්ඩ නාකයි.විසකූරු සත්තු නැතත් මොක්කු මොක්කු ඉන්නවද කවුද දන්නේ.
ඔයාට වැස්ස වලාහක දෙයියංගෙ ම පිහිටයි.
මෙයට,
ආදරණීය මලී..
ප:ලි – ඔයාට විස්ස විජ්ජාලෙට කඋරුත් ලියුං එවන්නේ නෑ කියලා දුකෙං හිටිය නේ ද ? දැං මං ලියුං ලිය ලියා තැපැල් කොරඤ්ඤං.
අත් අකුරු වෙනස් කරලා ලියපු මේ ලියුම යෝගියා ආපහු ඉල්ලගත්තා. තාම තියෙනවා පරිස්සමිං යෝගියගේ පරණ එකතුවේ