ඒ කාලෙ මට මතකයි දවසක් මේකෙ ඇඩ්මින් කවුද කියලත් දන්නෙ නැතුව මගෙ මොකක් හරි වැඩකට උදව්වක් ගන්න සර්වබලධාරියා හෙව්වා..
ඉතිං ප්‍රෝ සෙක්ෂන් එකේ ඕෆ් ටොපික් යන එක වැරදියි කියල දන්නෙ නැතුව ඒකෙ හිටිය අයගෙන් ඇහුව කවුද ඇඩ්මින් කියල...

එදා මෙන්න ටිකකින් මම වෙන පොටක් ඕපන් කරනකොට එනව මැසේජ් එකක් තියනවා කියල වින්ඩෝ එකක්! මම එතකොටයි දන්නෙ මේකෙ PM කියල එකක් තියනව කියල

මට මතකයි Rapa කියල සිංහලත්වය වෙනුවෙන් හඬක් නගපු මෙම්බර් කෙනෙක් හිටියා. එයාගෙන් තමයි PM එක. "ඇඩ්මින් GTRZ කියල කෙනෙක්. ප්‍රෝ සෙක්ෂන් එකේ ඔව්ව අහන්න එපා බං"
ඔන්න ඉතිං ඉස් ඉස්සරලම යාලුවෙක් සෙට් වුනා මේකෙ. ඊට පස්සෙ මමත් ඉතින් උගෙ වැඩ වලට ෆුල් සප් එක දුන්නා. ඊට පස්සෙ ගොඩාක් යාලුවො හම්බුනා. මම එක දිගටම ඇක්ටිව් හිටියෙ නැති නිසා (මෙච්චර කල් ඉඳලත් පෝස්ට් ගාන බලපල්ලකො! මටම ලැජ්ජයි) කාලෙන් කාලෙට එනකොට ලොකු වෙනස්කම් වෙලා තිබුනා

කාලයක් බැහැලම හිටිය අය පේන්න වත් නැතුව යනව මේකෙ. ඒක මේ වගේ ලොකු සයිට්ස් කෝකටත් පොදු ඇති මම හිතන්නෙ.
යාලුවො කට්ටියක් කාලෙකට සෙට් වෙනවා... මොනව හරි දේකට දෙපැත්තකට බෙදිල ඇරගන්නවා... ඕක තමයි මේකෙ එදා ඉඳල අද වෙනකල් මම දැක්කෙ
එක වෙලාවකට පොලිටික්ස්... ඉතින් මුන් අම්මලා තාත්තලා කෙලින්ම අමතගන්නෙ නැති එක විතරයි ඒ කාලෙ නම්. අද නම් එව්වත් දකිනව මම මේකෙ.
හැබැයි ඒ කාලෙ පොඩි වෙනසක් තිබුනා. කට්ටිය ගහ මරාගත්තට අන්තිමට බලපුවහම වඩියම ඇරගන්න ආපු එවුන් තමයි උදව්වක් ඕනෙ වෙලාවට ඉන්නෙත්

nash_node මට අන්න ඒ වගේ සිරාම යාලුවෙක්. මම උට කිව්වෙ m_h (mee_harakaa) කියලා
sri_lion ල clerk_kent ල කාලයක් මේකෙ රජ කෙරුවා! clerk_kent ගෙ පෝස්ට් කවුන්ට් එක අල්ලන්න ඉතින් අනිත් එවුන්ට හිතාගන්න වත් බැරුව හිටිය මතකයි ඒ කාලෙ. මේ සමහරු අදටත් ඉන්නවා. ඒත් ඉතින් ඒ කාලෙ තරම් ඇක්ටිව් නෑ කියල තමයි පේන්නෙ
මාත් එක්ක වලියටම සෙට් වුන kalindu gayan නම් තවමත් ඒ වගේම ඇක්ටිව් ඉන්නවා...
මේකෙ ඉන්න ගොඩක් අයට ඉන්න කාලෙදි තේරෙන්නෙ නැති දෙයක් තමයි තමන් සැලකිය යුතු කාලයක් ඇක්ටිව් නොවී ඉඳල ආවොත් තමන්ගෙ යාලුවො ගොඩක් සීසීකඩ ගිහින් එක්කෙනෙක් දෙන්නෙක් හොයාගන්නත් අමාරු වෙනව කියල. දැං ඉතීන් මම ආයෙත් කාලෙකට මේකෙන් ඈත් වෙන්නෙ නැ
PS:
ඇත්තට බොලේ ඒ කාලෙ හිටිය මියුසික් ඇඩ්මි Lich ත් නෑ නෙ! මම දැනුයි ඒක දැක්කෙ