Mother is detoriating

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,502
    1
    15,178
    113
    Mekata solution ekak kiyapan sinhalu.man kiyalath athi kalin.ammata dan 59i.eyage podi maniac gathiyak tiyenawa.doc gawata yanna taram katawtah terenne ne ehema.e kale vitamin d check kara.poddak adui dan hari.but sihiyen newe inne dawasama.dementiath newe.but me kiyana eka me mataka ne.awulak tiyenawa kiyalath kiyanawa.doc gawata yanna taram kivvama ow neda owow hmm kiyala aye wena wedaka.mokadda mekata karanne.aye anith dawase ara katha karapu tike idea ekak ne.

    අම්මා සාමාන්‍යයෙන් respect කරන යාලුවෙක්, වැඩිහිටියෙක් වගේ නැද්ද? එ‍් වගේ කෙනෙක් ලව්වා කියවන්න try කරහන්. අනික එහෙම ගියත් එ‍්ක උඹල එයාට stick කරන්න යන්න එපා. (අපි කිව්වම අ‍ැහුවෙ නෑ අරයා කිව්වම අ‍ැහුවා වගේ hint කතා)

    වැඩිහිටියො කොහොමත් කැමතියි තමන් පොර, තමන්ට කිසිම අවුලක් නෑ වගේ ඉන්න. එ‍්ක තේරුම් අරගෙන කරන දේ කරහන්. අරක කරන්න මේක කරන්න මේ විදිහට ඉන්න කියන්න ගියාම නිකන් තමන් දැන් helpless, පොඩි උනුත් තමන්ව පාලනය කරන්න එනවා වගේ feeling එකක් එනවනෙ බං. ඔය ගොඩක් අය නොහිතන පැත්තක්.

    Pure logic වලින් විතරක් වැඩිහිටියො එක්ක ගණුදෙනු කරන්න හරිම අමාරුයි. යමක් කියද්දි වුණත් එයාල අපි ගැන තියෙන mentality එක ලොකුවට හිතන්න වෙනවා. උඹලා නිතර කියල කියල උඹලව එපා වෙලා නම් කොච්චර හොඳ දෙයක් කිව්වත් denial, resistance එන්න පුළුවන්. උඹ නිතර එයාල ගාව නැත්තම් දවසකට දෙකකට අ‍ැවිත් සේරම පාලනය කරන්න හදනවා වගේ හිතෙන්න පුළුවන්. කියන දේ logically හරි ගියාටම සමහර විට එ‍්ක පිළිගන් නැති වෙන්න පුළුවන් හිතේ තියෙන pride එකට අවුල් නිසා.

    කොටින්ම මම ගොඩක් වෙලාවට දැකල තියෙන දෙයක් තමයි ඔය වගේ ටිකක් හිතුවක්කාර අය වැඩට ඉන්න දෙමළ ළමයෙක් වගේ කියන දෙයක් මාර විදිහට අහනවා. මොකද එයාල එක්ක අර dependancy clash එකක් නෑනෙ. නෝනා මෙහෙම කරමු වගේ කිව්වම එ‍්ක වැඩිපුර හිතට වදිනවා.

    එ‍්ක නිසා තමන් කියනවා වෙනුවට කියන කෙනා සහ tone එක වෙනස් කරල try කරහන්. ගොඩක් වෙලාවට බෙහෙත් ගන්න කැමති කරගන්න පුළුවන් වෙයි. Good luck.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,085
    10,861
    113
    Stress ganna deyak ne ban.rest eke inne.but eyage parenstla gena worry wenawa.egolo taniyen inne.wena nan prashnayak ne eyata. Amataka wenawatath wada amuthu personality switch ekak wage wenawa idala hitala
    This?

    Dissociative Identity Disorder (DID), formerly known as multiple personality disorder, is a complex mental health condition where a person possesses two or more distinct identities or personality states ("alters"). It is typically a coping mechanism caused by severe, chronic childhood trauma. Key symptoms include memory gaps (amnesia), feeling detached from oneself, and abrupt "switching" between personalities.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    එ‍්ක නිසා තමන් කියනවා වෙනුවට කියන කෙනා සහ tone එක වෙනස් කරල try කරහන්. ගොඩක් වෙලාවට බෙහෙත් ගන්න කැමති කරගන්න පුළුවන් වෙයි. Good luck.
    eyage iskole parana yaluwo kiyana ona deyak ahanawa.ehemawath kiyala ballanda
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,502
    1
    15,178
    113
    eyage iskole parana yaluwo kiyana ona deyak ahanawa.ehemawath kiyala ballanda
    අන්න හරි. එ‍් වගේ කෙනෙක් ලවා natural විදිහට කිව්වා නම් හරි. කොටින්ම උඹල දන්නෙත් නැතිව (එ‍් වගේ පේන විදිහට) එ‍් කෙනෙක් එක්කම doctor ගාවට යන්න සෙට් කරා නම් හරි. Doctor වුණත් එයා respect කරන ජාතියෙ (වයස වැඩි, තව looks, පිරිමිද ගෑනුද, සිංහලද දෙමළද, religion එක etc) කෙනෙක් වෙනවා නම් තවත් හොඳයි. සමහරු ඉන්නවානෙ කොච්චර වුණත් doctor ෂුවර් නැත්තම්, තමන්ට අල්ලන් නැත්නම් කියන දෙයක් අහන් නැති අය.

    එ‍් වගේම බෙහෙත් ගන්න ගිහින් diagnosis එක ටිකක් බැරෑරුම් වුණත් එ‍්ක ලොකුවට ඔලුවට දාන්න එපා. අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ලෙඩක් අසනීපයක් කොච්චර දරුණු වුණත් එ‍්ක නිතරම කියන එකෙන් හරි මතක් කරන එකෙන් හරි ලෙඩේ හොඳ වෙන් නැති බව. අයියෝ ඕක ලොකු දෙයක් නෙවෙයි බෙහෙත් ටික වෙලාවට ගත්තම නිකන්ම හරි යයි වගේ දෙයක් කියල හිත සැහැල්ලු කරන එක ඊට වඩා හොඳයි.

    කොහොමත් ලෙඩේ හොඳ වෙනවා නම් වෙන්නෙ බෙහෙත් බොන එකෙන්නෙ. තමන් ලෙඩා ලෙඩා කියල 24x7 මතක් කරන එකෙන් සිද්ධ වෙන කිසිම හොඳක් නෑ. ඊට වඩා අ‍ැත්තටම මේක සුළු දෙයක් කියල හිතල වෙලාවට බෙහෙත් බොන්න සලස්වන එක අ‍ැත්තටම ප්‍රතිඵලදායකයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    310
    277
    63
    ගෙදර
    eyage iskole parana yaluwo kiyana ona deyak ahanawa.ehemawath kiyala ballanda
    Don't do this, bro. This will be more emotionally damaging than the actual issue. Keep it within your inner circle; women generally don't like their medical issues being exposed to others—and that likely applies to your mom too. It would hit her pride directly. The best thing to do is contact a psychiatrist. Explain her situation to them, and the doctor will give you the best advice on how to handle it.

    Don't do anything without consulting a professional first. These kinds of things are like an iceberg, you only see the tip of it
     
    • Wow
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,085
    10,861
    113
    බන අහන්න දෙන්න.
    ඉතින් එහෙනම් උඹ බෙහෙත් ගන්නෙ ඇයි? මෙතන වැලලුනා නෙද කලින් මානසික ඩෙප්‍රෙශන් ද මොකකටද fiona dabare
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,838
    13,499
    113
    uba kata hari pennuwada?
    Kenekta pennuwa machan godak kalin.
    Dan a kenage nama mathaka naha. Ape ammata a kaale deepu bone supplement ekakin ange calcium build wela thibuna. Ewa gihin deposit wela oluwe. Passe wenama beheth course ekak kara a calcium deposit eka diya karanna.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,400
    1
    6,201
    113
    උපදෙස් දෙන්න ඕනා පිළිගන්න එවුන්ට බං.
    සමහරුන්ට ඒ කාලේම කිව්වා වැරදි උපදෙස් රැලි හදලා මිනිස්සු නොමග අරින විදිහේ ජෝක්ස් ලියන්න එපා කියලා. රැලි තමන්ගේ අගේ පෙරලද්දි දෙවරක් ගානේ වදින්⁣නේ.
    @Emios ට PM එකක් දාන්න පුළුවන් නම් doc ...
    ඔව් ඔබ තුමාට ත් සාධාරණ හේතු ඇති 🤍
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,107
    1,732
    113
    ඉතින් එහෙනම් උඹ බෙහෙත් ගන්නෙ ඇයි? මෙතන වැලලුනා නෙද කලින් මානසික ඩෙප්‍රෙශන් ද මොකකටද fiona dabare

    ලෙඩේට පිළියමක් විදිහට නෙමෙයි බන අහන්න කිව්වේ. වයසක, ලෙඩ වෙලා ඉන්න මිනිස්සුන්ට බන අහන්න දෙන එක, පින් කරන්න යොදවන එක අපේ කල්චර් එකේ තියෙන දෙයක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යහපත් ආසන්න කර්මයක්, කාලයක් තිස්සේ කරගෙන ගියපු යහපත් කර්මයක් මැරෙන වෙලාවේ මතක් වෙලා ප්‍රතිසන්ධිය සුගතියක වෙයි කියලා.