Mountain Bike එකක් හොයන අයට මෙන්න උත්තරේ

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මම දැන් අවුරුදු තුන්ක හතරක ඉදලා Mountain Bike එකක් ගන්න බලාගෙන හිටියෙ සල්ලි ටිකක් අතට හම්බෙන ගත්තෙ අවුරුදු දෙකක විතර කලින් ඉදලා. ඉතින් මම පොඩ්ඩක් හොයල බැලුවා Aluminum Frame තියන Bike එකක් ගන්න ඕන අපි පොඩි කාලෙ ගන්නෙ යකඩ Frame ඒවා පදින්න පදින්න එපා වෙනවා Bike Frame Angle වලටවත් නෙමෙයි හදලා තියෙන්නෙ හොයල හොයලම ඕවා දැනගත්තෙ ඉතින් මම ඒ ගැන වැඩිය කියන්න යන්නෑ.

    මම ඉතින් හොද එකක් හොයන්න ගත්තා අවුරුදු දෙකකට කලින් වගේ ඉදන් 35-50 වගෙ ගියෙ Giant Trek ඒ වගෙ හොද Brand used bike. මම අවුරුදු දෙකක් විතර බලාගෙන හිටියා ඒ price වැඩි වෙන් විදිහ මේක හරි හරියන්නෙම නෑ එන්න එන්න වැඩි වෙනවා ොරෝනා ප්‍රශ්නෙත් එක්ක තවත් මිල වැඩි වුණා. පාවිච්චි කරපු බයික් එකක් ගන්නත් දැන් අසූවක් අනූවක් විතර යනවා.

    මම ෆේස්බුක් එකේ දැක්කා මේ Nishan Cycle Base කියන තැන් මම page එකට like එකක් දාල මැසේජ් එකක් දැම්මා. එයා කිව්ව ඒගොල්ලො ගාව Trinx and Polygon Brand Mountain තියනවා කියලා. මම Trinx කියන brand එක ගැන දැනගෙන හිටියා ඒ උනාට polygon කියන brand එක ගැනද දැනගෙන හිටියේ නෑ මම ඉතින් ගූගල් එකේ සර්ච් එකක් දැම්මා. Polygon කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක් බයික් එක හොඳයි. ඔයාලත් google search එකක් දාලා බලන්න Polygon Bike ගැන හොඳ Reviews තමයි තියෙන්නේ. අනිත් හොඳම දේ තමයි polygon කියන බ්‍රෑන්ඩ් එකේ ලංකාවේ Dealer Nishan Cycle Base කියන තැන Maharagama එයාලගෙ සයිට් එකෙත් තියෙනවා ම එකේ ස්ක්‍රීන්ෂොට් ඔයාලට මේකට දාන්න දාන්නම්.

    මම දවසක් ගිහින් බලලා ආවා බයික් මට නිකන් පිස්සු වගේ. එදා මේකෙ අයිති කෙනා හිටියෙ නෑ හැබයි බලපු බයික් එක ලක්ශ 1.80 වගෙ වෙනවා. ගාණ වැඩී හැබැ‍යි මේ පාවිච්චි කරපු බයික් වල ගණන් එක්ක බැලුවම ලාභයි Warranty තියනවා Agent කෙනෙකුත් ඉන්නවා ඕක ගන්නවා කියල හිතාගත්තා. මම ගියා ඊයෙ ආයෙ ඉන්න වෙලාවක් බලල විස්තර කතා කරා. ගන්නම ගියෙ Polygon එකක්. ඒ උනාට ඒ අන්කල් මට උපදෙස් ටිකක් දුන්න බැලුවම ඇත්ත කියපුවා. එක පාරට අර වගෙ බයික් එකකට යන්න එපා කිව්වා මුලින් පොඩි එකක් පැදලා ස්කිල් හදාගන්න කිව්වා ඔයා මුලින් Trinx එකකට යන්න කිව්වා ඒකත් ඇලුමිනියම් ෆ්‍රේම්. Maintenance අඩුයි. Polygon එකේ Air shock and Hydraulic Break ඒ වගෙ වෙනස්කම් ටිකක් තියෙන්නෙ.

    එයාට කිසි කතාවක් නැතුව මට ලක්ශ දෙකක බයික් එකක් දෙන්න තිබුනා ඒ උනාට එයා මට මේ වෙලාවෙ Beginner කෙනෙක්ට හරියන හොදම Bike එක දුන්නෙ. ඇත්තටම අපි ඔය පිටරට තියනව වගෙ Trail වල පදින්නෑනෙ එහෙම trail ඇත්තෙත් නෑනෙ. Trinx එක ගැනත් මම හොයල තිබුනෙ ඒක අවුලක් නෑ අනික ගාණත් 80 වගෙ. ඒ උනාට Discount එකක් හම්බුනා. මම ගත්තා Trinx එකක්. අනිත් හොදම වැඩේ කියන්නෙ Trinx Bike Ikman එකේ තියනවා පැදපුවා ඒවත් මේ ගණන් කට්ටිය දන්නෙ නැතුව ගන්නවා ඒවා. මෙතනින් ඒ ගානට Brand New එකක් ගන්න පුලුවන් with warranty.මම කියන්නෙ ඔයා beginner කෙනෙක් නම් මෙතනට එන්න කතා කරල බලන්න හොද බයික් එකක් තෝරගන්න.

    Pro කෙනෙක් නම් ඒත් මෙතනට එන්න පාවිච්චි කරපු Branded Hardtail Bike එකක් ලක්ශෙකට එකහමාරකට ගන්නවට වඩා ඒකට තව පොඩි ගාණක් දාලා මම නම් කියන්නෙ Polygon එකක් ගන්න කියලා Warranty එක්ක. Road Bike Hardtail and Full Suspension ඕන එකක් මෙතනින් ගන්න පුලුවන්.ඉතින් ඔන්න මගේ බයික් උණ හොදයි. මම හිතනවා මේකෙ බයික් උනෙන් හිටපු අයට ඉන්න අයට මේ නූල උදව්වක් වෙයි කියලා. මම
    ලොකේශන් එක දාල තියන්නම් එහෙනම්. ජය වේවා

    Update


    ගොඩක් අය හිතනවා මේක ඇඩ් එකක් කියලා මේක මගෙ පර්සනල් එක්ස්පීර්‍යන්ස් එකක් නිසා මෙතන දැම්මෙ මම 2021 මැයි වලත් බයික් හොයක පෝස්ට් දාල තියනවා මම ඒ ලින්ක් එක ශෙයා කරන්නම් ඒ නූලෙ සෑහෙන්න අය හිටියා ඉතින් කට්ටියටම උදව්වක් වෙන්නයි මේ නූල දැම්මෙ

    Nishan 1.jpg
    Nishan 2.jpg
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ''පාවිච්චි කරපු එකක් ලක්ශෙකට එකහමාරකට ගන්නවට වඩා,

    ඒකට තව පොඩි ගාණක් දාලා මම නම් කියන්නෙ Polygon එකක් ගන්න කියලා....''

    :( :( :( :( :(


    “මිනිසුන්ගේ අතේ බඩු ගන්න සල්ලි නෑ” - මාධ්‍යවේදියා.

    “ඒකට අපිට කරන්න දෙයක් නෑ” - ඇමති බන්දුල

     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,787
    15,065
    113
    Othanata mamath giya. Inne genuine minissu. .ama giyapu dawase hitiye lady kenek.
    Mata nam bike ekak ganna wune naha a kaale mata hithune a gaanata aparade kiyala. Habai dan nam hithenawa gaththa nam hodai kiyala.

    Overall kiyanna thiyenne me shop eka hodai. Inne hoda minissu. Nodanna kenekta boru kiyala salli kadaganna balanne naha. Always do your due diligence too.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    අර ලංකාවේ බයික් එකක් හදපු කොල්ලො සෙට් එක electric bicycle එකක් ගහල තියෙනවා. 110ක්ද කොහෙද

    Can you post a link or name of the e bike ? Thanks.