Oct-92 – පෙට‍්‍රල් මිල වැඩි කිරීමේ ඉඟියක්
January 5, 2014 at 1:14 pm | lanka C news
January 5, 2014 at 1:14 pm | lanka C news
ජනවාරි පළමුවනදා සිට ඛනිජ තෙල් සංස්ථාව අමතර අලාභයක් දරන බව කියමින් ඔක්ටේන් 92 පෙට‍්‍රල් වෙළද පොළට නිකුත් කලද ඉදිරියේදී පෙට්‍්‍රල් මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය අවධාරණය කරයි.
ඛනිජ තෙල් අමාත්‍යවරයා ඔක්ටේන් 92 පෙට‍්‍රල් පැරණි මිලටම පාරිභෝගිකයාට ලබා දීමෙන් තෙල් සංස්ථාවට පාඩු සිදු වන බවත් මේ වනවිට සංස්ථාව දරන පාඩුව දිනකට රුපියල් මිලියන 16ක් බවත් පැවසීම පෙට‍්‍රල් මිල ඉහළ දැමීමේ ලකුණුද පෙන්වන බව එම සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා කියයි.
සංස්ථාව 2010 සිට 2013 දක්වා සෑම වතාවකම ඉන්ධන මිල ඉහළ දැමුයේ සංස්ථාවේ පාඩු පියවා ගැනීම මිසක ලෝක වෙළද පොළේ තෙල් මිල ඉහළ පහළ යනු දැක නොවන බව හෙතෙම කීවේය.



