බේරුවල කුට්ටමලෙයි පල්ලිය අසල සිදුවීම ගැන දුර පලාත් වල අය වඩා උනන්දුවෙන් විමසන නිසා මේ සටහන තියන්න හිතුනා.
ඇඳිරි නීතිය නිසාත් පදිංචිය ගෙදර වත්තෙන් පිට සැරිසරා නැති නිසාත් (නිළ වශයෙන්) නැති නිසාත් මේහි සිදුවීම ගැන අටුවා ටීකා ටිප්පනි ලියන්න බෑ. නමුත් ඔබ දැකපු වීඩියෝවම දැකපු කෙනෙක් ලෙසත් ප්‍රදේශය ගැන තිබෙන අවබෝදය නිසාත් කිහිප දෙනෙක් අහපු නිසාත් මේ සටහන තබන්නම්.
පළමුවෙන්න මේ සිදුවීමට අදාල ස්තානය කෙච්චිමලේ පල්ලිය කෙස බොහෝ දෙනා වරදවා වටහගෙන තිබුනා. කෙච්චිමලේ පල්ලිය තියෙන්නෙ බේරුවල වරායට මායිම්ව මනරම් පරිසරයක. ඒ අවට ඉතා සුළු ජනාවාශ ප්‍රමාණයක් පමනයි තිබෙන්නෙ. එහිනුත් සියල්ලම පාහේ රාජ්‍යය ආයතන හා අනික්වා සිංහල. මුස්ලිම් ජනාවාසයකට තිබෙන්නෙ ඒ ආසනයෙ ඇති මද්‍රසා පාසල පමණයි.
මේ සිදුවීම වන්නෙ තිනි මුස්ලිම ජනාවාසයක් ඇති. මෙ වනවිට උග්‍ර ලෙස රෝගීන් හමුවූ. බේරුවල පන්නිල ප්‍රදේශයේ පිහිටි කුට්ටමලෙයි පල්ලිය භූමියේදියි. විශේශයෙන් ජාත්‍යන්තර මැණික් වෙළඳපල පිහිටි පත්තකඩේ පසුකරමින් අබෙපිටියට යන පරෙන් හැරී, මග්ගොන මුංහේන ප්‍රදේශයට සම්බන්ධ වෙන ධර්ගා පාර හී අවසාන හරියේ මෙම කුට්ටමලෙයි ජුම්මා දෙවස්ථානය පිහිටා තිබෙනවා.
විශේශයෙන් මැණික් මිළදීගැනීමට පැමිනෙන චීන ජාතිකයන් මෙකී ප්‍රදෙශයේ නිවාස වල පදිංචි වී දිනපතා මැණික් වෙළදාමට පත්තකඩේ රැස්වෙන අතර මෙ ප්‍රදේශයේ බොහෝ අයගේ ජීවිකාව වන්නෙ එම මැණික් උරච්චි කර දීම හෙවත් ඔපදැමීමයි.
පන්නිල ප්‍රදෙශයේ මෙවන් රෝගීන් හමු වූවත් චීන ජාතිකයන් මගින් මේ රෝගය සම්ප්‍රේෂණය වූ බවට හෝ, එසේ රොගය වැළඳුනු චීන ජාතියකයෙක් මෙතෙක් #නිළ වශයෙන් වාර්ථා වූවේ නැහැ.
කෙසේ නමුත් මේසේ රෝගීන් වාර්ථාවීම සමගම එම ප්‍රදේශයේ ජනතාව දැඩි තැති ගැන්වීමකින් සිටින අතර රෝගීන් වැළඳුනු ප්‍රදේශ සමග මුසු වීම. එහෙ අය මෙහෙ ඒම, මෙහෙ අය ඒහෙ යාම ඇඳිරි නීතිය නිසාත්, සුව කැමැත්තෙනුත් අතහැර දමා තිබෙනවා.
වීඩියෝවෙ දෙබස් හා එම දර්ශණ හොඳින් සවන් දීමේදී, එක ප්‍රදේශයකට මුහුණ ලා ඇති ගේට්ටුවෙන් ඇතුළු වූ නිළධාරින් අනිත් පස වෙනත් ප්‍රදේශයකට මුහුණලා ඇති ගේට්ටුවෙන් ඉවතට යෑමට උත්සහ කරද්දී එම ප්‍රදෙශයේ ජනතවා ඊට විරෝදය පාන ස්වරූපයක් ඉන් පෙනී යනවා. ජනතාව ඉල්ලා සිටින්නෙ අපේ ප්‍රද්ශයෙන් රෝගීන් වාර්ථානොවුනු නිසා අපිව චෙක් නොකර අදාල ප්‍රදේශයෙන් ම පිටවී යන ලෙසයි.
එය රාජ්‍ය නිළධාරීන් පිළිබඳ ඇතිකරගත් සැකය මත, කාගේ හෝ ඉගැන්වීමකට තමන්ටත් එම රෝගය බෝ වේවී යන සැකය මත ඇති වූ සිදුවීමක්.
" හරි අපි මේ ටික ක්ලොරීන් කරල දෙන්නම්" විශබීජ හරණය කර දෙන්නම් කියා PHI නිළධාරීන් පවසන්නේත් ඒ නිස බව සිතිය හැකියි.
කෙසේ නමිත් රාජකාරියට පැමිණි නිළධාරීන් හට එසේ අයුතු ජන රාශියක් මගින් බලපෑම් කිරීම ඉතා බරපතල අපරාධයක්. ඒ වගේම ඉදිරි කටයුතු වලදි වැරදි පුර්වාදර්ෂයක් සපයන සිදුවීමක්. මෙවන් ව්‍යසණයකදී සිංහල නිළධාරීන් යැයි කොනයන් නොබලා රාජකාරි කරන අයට උපරිම දායකත්වය ලබා දිය යුතු වුනත් මේ ප්‍රදෙශයේ ජනතව දන්නා එකම විශයනම් ආගම හා මැණික් පමණක් වීම රටේ අවාසනාවක්.
ඒ වගේම බුකියේ හූඟාක් තැන් වල කියවෙන පරිදි පල්ලියේ සලාතය සඳහා එක්වූවන් මෙම විරෝදය දැක්වූ බවට වන සඳහන හා අදහස බොරුවක් විය යුතුයි. මන්ද එසේ වීනම් සෙනඟ පාල්ලිය භුමියෙ මිස ඉන් පිටත සිටින්නට බෑහැ. වගේම එවන් යමක් වීඩියෝවෙන් පෙනෙන්නේ නැහැ.
ඔවුන් එසෙ සලාතයට එකතු වෙන හෝ නොවන බව මා නොදන්න නමුත් සිදුවීමට අදාල දෙබස් මගින් නිගමනයකට ඒමට හැකියි.
කෙසේ නමුත් මෙසේ සංවිධාණය වී සාධාරණ නොවන විරෝධය පෑම් මගින් මේම අර්බුධය උග්‍ර වන අතර, ජනතාව අතර නොසන්සුන් තාවයන් හා දුර්මත අති වීමට පුලුවන්. ඒ නිසා රාජකාරි කරන නිළදාරීන්ට පළමු අවස්තාවේ සිටම නිසි ආරක්ෂාව සැපයීම වගේම.
එවන් අඩු අධ්‍යාපණයක් සහිත ලෙහෙසියෙන් තව කෙනෙකුගේ බසකට පාළණය කල හැකි.
ඉතා දැඩි සමාජශීලි නොවන යල් පැණ ගිය ආගමික විශ්වාස ඇති එවන් පිරිස් සිටින ප්‍රදේශ වල රාජකාරි කිරීමේදී ඔවුන්ගේ විශ්වාසය දිනා ගත හැකි. එම භාශාව කතා කරන හා මුස්ලිම් උගත් අවබෝදය සහිත නිළධාරීන් සම්බන්ධ කර ගැනීම වඩා යහපත් හා ගුණදායක වන බව මාගේ හැඟීමයි.
ඒ වගෙම ලංකාවේ මාධ්‍යය නොබලන දවස පුරාම ආගම පමණක් අසන බලන, ආරාබි හෝ දකුණු ඉන්දියානු රුපවාහිනි මාද්‍යය නරඹන මෙ අය අතරට රටක් විදියට කරන දැනුවත් කිරීම් සම්ප්‍ර්ශණය නොවන අතර ඉන්දියාව පුරා මුස්ලිම් සමාජයේ ප්‍රචන්ඩ හැසිරීම වීරත්වයක් ලෙස සිතා හැසිරෙන එම පොලීසියත් සමග ඇති වෛරය ලංකාවෙ පොලීසියත් සමග විසඳා ගැනීමට මනොමූලික ආවෙගයන් ඔවුන් සතු විය හැකි අතර. එවන් චැනල් විකාශය වීම අත් හිටුවා මේ තීරණාත්මක මොහොතේදී දෙශමමකත්වය ජාත්‍යාලය හා රෝගයෙන් වැලකීමේ රාජ්‍යය උවමනාවන් සමග ඔවුන් සම්බන්ධ කර ගැනීමට විශෙශ වැඩසරටහනක්ද ක්‍රියාත්මක විය යුතුයි.
ඒ වගෙම ෆෙස්බුක් වැනි විවෘත සමජ මාද්‍යයන් වෙනුවට වට්සප් වැනි සංවෘත සමාජ මාද්‍යය ඇසුරු කිරීම ඔවුන්ගේ සාමන්‍යය ක්‍රමය වන අතර ඒවා මගින් බෝහෝ දුර්මත හා පෙළඹවීම සිදුවන බවද කිව යුතුය.
ඒ නිසා වීඩියෝව ක්ලිප් එකක් මගින් එක එල්ලේ ඔවුන් නිර්දය ලෙස විවේචනය කිරීම මගින් සමාජ දුරතබාවය කෙසේ වෙතත් සමාජ ආරවුලක් නිර්මාණය විය හැකි අතර ඔවුන්ගේ සැබෑ වරද හදුනා ගෙන ඉන් මිදී සැබෑ ශ්‍රී ලාංකිකයන් වීමට ඔවුනට අප අතදිය යුතුය.
සැ.යු.- රජය හෝ රජයේ නිළධාරීන් ගේ සුළු සුළු වැරදි විවේචනය කර නැති අතර, ජන්තාව අතර අන්‍යෝන්‍ය සහජිවනය හා අවබෝදය වැඩි කිරීමේ අරමුනින් ලිපිය ලියා තැබුවෙමි.
Yohan Fernando