Music Studio.......

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මං මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ, එළකිරියේ අපේ යාලුවෙක් අහල තිබුණ මියුසික් ස්ටුඩියෝ එකක් හදන්න මොන වගේ දේවල්ද ඕනෙ කියල. ඒ වගේ ස්ටුඩියෝ කරන අය එළකිරියේ ඇති. අපේ කලින් යාළුවා වගේ ප්‍රශ්න තියෙන අයත් ඇති මේ ෆීල්ඩ් ඒකට කැමති අය. ඒ කට්ටියට මේ ත්‍රෙඩ් එකෙන් මුලික අදහසක් ගන්න පුළුවන් වෙයි. මමත් ගොඩක් කැමති ෆීල්ඩ් එකක් තමයි මේක. කොයි තරම් වැඩ තිබුනත්, ජොබ් එකට ගියත් සතියකට එක පාරක් හරි යාළුවොත් එක්ක සින්දුවක් දෙකක් ප්ලේ කරනව. ස්ටුඩියෝ ගැන නම් ගොඩක් ලොකු දැනුමක් නෑ. දන්නේ නැති හැබැයි ආසාව තියෙන කෙනෙකුට නම් මේක ප්‍රයෝජනවත් වෙයි. එක දෙයක් කියන්න ඕනෙ. මේක ටිකක් වියදම් කරන්න වෙන වැඩක. දැන් උඹල මගෙ ඔලුව කන්න හදන්න එපා කන්නේ බොන්නේ අමාරුවෙන්, මේවට ලක්ෂගානක් වියදම් කරන්නෙ ඔලුව හොඳ නැද්ද කියල. මං මේක දාන්නෙ ආසාව තියෙන අයට දැනගන්න. සල්ලි තියෙන අය ස්ටුඩියෝ බැරිනම් ඕන මගුලක් දාගනිල්ල. මං එනවද නවත්තන්න...:no::no:

    සාමාන්‍ය ස්ටුඩියෝ එකකට ඕන වෙනව මෙන්න මේ දේවල්. මේ තියෙන්නෙ basic instruments විතරයි.

    1. A computer!!!"A fast computer. + good sound card.

    සාමාන්‍ය අපි පාවිච්චි කරන පරිගණකයකට වැඩිය ගොඩක් වේගවත් පරිගණකයක් ඕන වෙනව ස්ටුඩියෝ එකකට. එ වගේම හොඳ සවුන්ඩ් කාඩ් එකකුත් ඕන වෙනව. හොඳ සවුන්ඩ් කාඩ් එකක් මොකටද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මෙන්න මේ වගේ ඒව. මොනිටර් දෙක ගැන වැඩිය හිතන්න එපා. එක මොනිටරයක් උනත් අවුලක් නෑ. මොනිටර් දෙකක් දාන්නෙ recording software එක පාවිච්චි කරන්න ලේසි වෙන්න.

    niucms1.jpg


    audiophile2496.jpg


    2. Recording software.

    හොඳ recording software එකක් ඕනෙ. මොකටද??? මේකෙන් music record කරන්න, mix කරන්න, compose කරන්න, කපන්න කොටන්න ඕන මගුලක් පුළුවන්. ස්ටුඩියෝ එකක තියෙන වැදගත්ම දෙයක් තමයි මේක.

    250px-Pro-Tools-9.jpg


    metadata.jpg


    steinberg_Nuendo_5.gif


    nuendo-72289-1.jpeg


    3. Speakers.

    සුපිරිම Speakers සෙට් එකක් ඕනෙ. නැත්නං ඉතින් ස්ටුඩියෝ එකෙන් වැඩක නෑ. මේ පහල දාල තියෙන්නෙ Yamaha MSP3 කියන මොඩ්ල් එක. මේක නම් 19,000 විතර වෙනව. ඒ වගේ ගනන් තමා අඩුම යන්නෙ. අනිත් ඒවගේ ගාන හිතාගන්න පුළුවන්නේ.

    DV019_Jpg_Regular_600848_pair.jpg


    DV016_Jpg_Large_600848_web_comp.jpg


    4. Main workstation.

    work station කියපු ගමන් කට්ටියගේ ඔලුවට එන්නේ කම්පියුටර් work station. මේ මොන මගුලක්ද කියල බලන්න එපා. මේ කියන්නෙ keyboard එක, ඒ කියන්නෙ ඕගන් එක ගැන. හැබැයි අපි සාමාන්‍ය ප්ලේ කරන keyboard වලට වැඩිය මේවා ගොඩක් powerful. මේවයේ උයාගෙන කන්න විතරයි බැරි. අනික තමයි මේ keyboard වල ස්පිකර් නෑ. mixer එකකට හයිකරන්නම වෙනව. මේ keyboard තමයි workstation. ලංකාවේ ඉරාජ්, සෙන්ටිග්‍රේඩ්ස්, මේරියන්ස් වගේ කට්ටිය workstation පාවිච්චි කරනව. වෙන අය ගැන නම් කියන්න දන්නේ නෑ. මෙයාලනම් පාවිච්චි කරනව දැකල තියෙනව. workstation එකක් ලංකාවේ මුදලින් 2.5LK or 3LK විතර වෙනව.:sorry: මේකක් ඉතින් අමාරුම නම් හොඳ keyboard එකක් උනත් කමක් නෑ.

    8780_640.jpg


    28719.jpg


    oasys-angle.jpg


    5. Really good Headphone.

    studio එකේ වැඩ කරද්දී හොඳ කන්දෙකක් වගේම හොඳ Headphone එකකුත් ඕන වෙනව. පේමන්ට් එකේ රු 500 ට තියෙන ඒව හරියන්නේ නෑ. හැබැයි මේ පහල දාල තියෙන එකේ ගානනම් උඹල දැනගත්තේ නැති උනාට කමක් නෑ.

    monster%20beat%20headphone%20(17).jpg


    6. Condenser mic

    මයික් එකක් නැතුව උඹල ඔය හදන ස්ටුඩියෝ එකේ සින්දුවක් හරි රෙකෝඩ් කරන්නෙ අහවල් එකෙන්ද. මේකට කියන්න තියෙන්නෙත් Headphone එකට කියපු කතාවම තමයි. පේමන්ට් එකේ තියෙන ඒව හරියන්නේ නෑ. ස්ටුඩියෝ වලට ගන්නේ මෙන්න මේවා.

    DV019_Jpg_Regular_273158.jpg


    mic-studio.jpg


    studio_mic1.jpg


    7. Analog/Digital Mixer.

    mixer ගැන නම් හැමෝම දන්නව ඇති. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. දැන් තියෙනව සම්පුර්ණයෙන්ම digital ස්ටුඩියෝ. ඒවායේ මේ ඇනලොග් mixer පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි තාමත් මේ analog mixer සමහර ස්ටුඩියෝ වල පාවිච්චි කරනව.

    DIGITAL

    615_YAMAHA_PM5D.jpg


    ANALOG

    LargeAllenHeathStudioAnalogBoard.jpg



    අන්තිමට මෙන්න මෙහෙම තමයි ඔය ඔක්කොම කෑලි සෙට් වෙන විදිහ සරලව.

    firebox00.jpg



    ඔන්න ඕව තමයි මුලික දේවල්. තව ඉතින් උඹලට ඕනෙ නම් ගිටාර්, ඩ්‍රම්ස් තව තියෙන ලට්ට ලොට්ට ඔක්කොම දාපල්ල. උඹලටත් ස්ටුඩියෝ එකක් හදන්න අදහසක් තියෙනවනම් මං මෙතන දාල තියෙන price ඔලුවට දාගෙන ඔලුව කචල් කරගන්න එපා. මේ දාල තියෙන්නෙ හොඳම instrument වල price. මිට වඩා ගොඩක් අඩුවට ජොලියට වගේ ස්ටුඩියෝ එකක් හදන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. උඹල ඕකක් හැදුවත් බෑන්ඩ් එකක් ප්ලේ කරන්න වගේ පුළුවන්. හැබැයි ප්‍රධානම දේ music recording කරන්න බෑ. ඇයි ඒ... මගෙන් අහන්නේ නැතුව කල්පනා කරලා බලපල්ලා. උඹල ඔය ගන්න මයික් එක ගොඩක් powerful. පොඩි සද්දයක් උනත් ඔය මයික් වලට හොඳට record වෙනව. උඹල සින්දුවක් record කරලා බලද්දි කුරුල්ලෝ කෑගහන ඒවයි, අම්ම බනින ඒවයි, අල්ලපු ගෙදර මිනිහ ගෑනිට කෑගහන ඒවයි ඔක්කොම record වෙලා තියෙයි. එහෙනම් මොකද කරන්නෙ ඒකට... ඒ නිසා තමයි ස්ටුඩියෝ හදන්න sound proof rooms පාවිච්චි කරන්නෙ. උඹලට නම් sound proof තැනක් හදාගන්න ටිකක් අමාරුවෙයි. දැන් සල්ලිත් තියෙනව, ස්ටුඩියෝ එකකුත් හැදුව කියමුකෝ. උඹල දන්නවද ස්ටුඩියෝ එකක වැඩ කෙරෙන්නෙ කොහොමද කියල, ඔය mixer කන්ට්‍රෝල් කරන හැටි, software වැඩ කරන හැටි........ ඒ ගැන දන්න කට්ටියට තමයි කියන්නෙ ශබ්ද පරිපාලකයො කියල. ඒ නිසා ඔක්කොටම කලින් audio engineering ඉගෙනගනිල්ල. මට මතක විදිහට SLIT එකේ audio engineering තිබුණ. උඹලට බන කියන මමත් ට්‍රයි කළා ස්ටුඩියෝවක් දාන්න. තාම බැරි උනා. මං දන්න දේවල් තමයි මේ දැම්මේ. වැරදි තැන් තියෙනවනම් දන්න අය නිවැරදි කරන්න. තව ඉතින් මේ ෆීල්ඩ් එක ගැන තමන් දන්න දේවල් තියෙනවනම් දාපල්ල. තමන්ගේ දැනුම බෙදාගන්න. කාටහරි ප්‍රයෝජනයක් උනානම් එච්චරයි. දැන් 1.30 වෙලාව. නිදිමරාගෙන පුක ඉරාගෙන ටයිප් කලේ. ඒ නිසා බලල හොරෙන්ම යන්න එපා. තව එකෙක්ට බලන්න බම්පුවක් හරි දාල පලයල්ලා. බුදුසරණයි :):):)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    elzzzzzzzzzzz fatta machan mamanam owaa gana danne naah namuth
    ube mahansiyata bump ekak
    rep +9
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,466
    5,853
    113
    pissu hadenawa appuwo.. ado mey honda condesor mic ekak keeyak withara wei da.. :D :D mata nikan mey joliyata covers tikak karanna :D :D
     
    • Like
    Reactions: Appu Haami

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    rep nam denna barilu appuwo...:(

    eth faxxta thread eka... kiyala wadak na..:D

    mokadda ban workstation ekei 90000 kata withara ganna hoda keyboard ekakai wenasa??? :confused:

    90000 විතර keyboard එකක් කියන්නෙ ගොඩක් හොඳ keyboard එකක්. workstation ගන්න බැරි නම් ඒ වගේ keyboard උනත් අවුලක් නෑ. හැබැයි සාමාන්‍ය keyboard වල නැති දේවල් ගොඩක් තියෙනව workstation වල. ගොඩක් ලොකු memory එකක් එනව. තව onboard effects processors එකක් එනව හැම workstation එකකම. ඒ නිසා workstation එකෙන්ම sound mix කරන්න, edit කරන්න, effects add කරන්න ඒ වගේ වැඩ ගොඩක් පුළුවන්. තව drum sounds තියෙනව. සාමාන්‍ය keyboard වල තියෙන ඒව වගේ නෙමෙයි. ඇත්තම drum sounds වගේ. beats හදන්න පුළුවන් ඇත්තම බෑන්ඩ් එකක් ප්ලේ කරනව වගේ. ඉරාජ් වගේ කට්ටිය කරන්නෙ එහෙමයි. කිසිම music instrument එකක් පාවිච්චි කරන්නෙ නෑ. ඔක්කොම ගන්නෙ workstation එකෙන්. තව workstation වල එනව synthesizer කියල කොටසක්. ඒකෙන් මොකද්ද වෙන්නෙ කියල නම් මං දන්නේ නෑ. පහල තියෙන්නෙ. මේකනම් වෙනම එන synthesizer එකක්.

    arturia-minibrute-analog-synth.jpg
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ela ela, ubata studio ekak hadaganna lagadima wasanawa labewa kiya prarthana karanawa!!!!
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    සුපිරි මචන්, නියමෙටම විස්තර කරලා තියෙනවා! ගොඩක් වැදගත් !! ස්තූතියි !!!
    තව පුළුවන් නම් මේ විස්තරත් එකතු කරපන්

    sound card , Speakers, workstation, Headphone / mic, Mixer මේවාගේ හොඳ brands වර්ග හා models

    studio එකකදි වැඩ කරන පිළිවෙල (workflow එක. ඒ කියන්නේ recording, mixing, mastering වගේ දේවල් ගැන)

    films වල දී sound කරන ආකාරය (surrounds එහෙම )
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම නම් මචන් මුකුත් නැහැ....psr740 යක් midi කරලා තියෙන්නේ....
    workstation එක්ක ‍ඔනේමයි කියලා දෙයක් නැහැ..මොකද workstation එකක කාරිය pc එකෙන් ‍‍කෙරන නිසා........midi support කරන Key- Board එකක් තිබ්බානම් හරි...

    මම නම් FL studio and Reason තමයි පාවිච්චි කරන්නේ VST i pluings වගයක් හිනදා....

    ඉස්සරනම්.....‍cubase.

    anyway ! good post..machan
    !
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මෙක බලපන් Rank 1 (Netherlands) ස්ටුඩියෝ එක.....හැබයි හෙන පරණ synthesizer වලින් තමයි ඔක්කම වැඩ කරන්නනේ...

    rank1studio2.jpg


    rank1studio3.jpg


    මෙන්න මුන් පාවිච්චි කරන සමහරක් modules එහෙම පරණයි :eek:

    [FONT=Arial, Helvetica, sans-serif][SIZE=-1][FONT=Arial, Helvetica, sans-serif][SIZE=-1] Macintosh G5 dual 2.5Ghz 1 Gb
    • Logic 7.X
    • Ableton
    • Native Instruments Reaktor
    • Spectrasonics Atmosphere
    • Spectrasonics Stylus RMX
    • Korg Legacy Collection
    • Jacobi 3 way monitors
    • Mackie Big Knob
    • MOTU 828 MKII
    • Roland JP8000
    JP-8000.JPG

    • Roland TR 909
    • Roland TR 808
    • Roland TR 606
    • Roland TB 303
    • Korg MS20
    • Alesis Andromeda A6
    • Roland Jupiter 8
    • MOog Voyager
    • Roland MKS80
    • Roland JV1080
    JV-1080.jpg


    • Roland JX3-3P
    • Yamaha DX100
    • Doepfer A100 modular
    • Spirit Live 3 2
    • TC Fireworx
    • Lexicon Alex
    • Roland SDX330
    • Ensonique DP4
    • Yamaha G3 Grand Piano
    • Bass guitar
    • Electric guitar + Roland VG88
    • Acoustic guitar
    • Rode NTK Condensor Microphone
    [/SIZE][/FONT]
    [/SIZE][/FONT]

    RNTKXXXXX_ip.jpg

     
    Last edited:
    • Like
    Reactions: Appu Haami