mUST rEAD {Kellonta අවවාදයක්!}

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    රාගමින් දුම්රියට නඟින දූ‍වරුනි පරිස්සම් වන්න!

    ඒ පසුගිය අනෝරා වැසි වැටුණු දිනයකි. කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ගසක් කඩා වැටීම හේතුවෙන් කඳාන දුම්රිය ස්ථානයෙන් කොටුව බලා යන දුම්රිය ධාවනය ප්‍රමාද වීය. චමරී මෙනිසා සුපුරුදු ලෙසින් දුම්රියට ගොඩ වීමට කඳාන දුම්රිය ස්ථානයට නොපැමිණ රාගමට ගියාය. ඇය රාගම දුම්රිය ස්ථානයට පැමිණෙද්දී වෙලාව පෙරවරු 6.30ට පමණය. රාගම දුම්රිය ස්ථානයට ඒ මොහොතේ ළඟාවීමට නියමිත වූ දුම්රිය ඒ වෙද්දී ද ළඟා වී නොතිබිණි. දුම්රිය බලාපොරොත්තුවෙන් පන්සීයකට අධික මගී පිරිසක් එහි රැඳී සිටියහ. ඒ මැද්දේ චමරි ද සිට ගත්තේ කෙසේ හෝ දුම්රියට ගොඩ වැදීමේ අපේක්ෂාවෙනි.

    පානදුර බලා දිවෙන මන්දගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයට ළඟා වෙද්දී පෙරවරු 6.45 ද පසුවී තිබිණ. චමරී ද දුම්රියට පොරකන සෙනඟ අතරට මැදි වූවාය. එතැන වූයේ එකම තදබදයකි. කාගේත් අපේක්ෂාව කෙසේ හෝ දුම්රියට ගොඩවීමය. සෙනඟ අතරේ පොරකන අතරේ චමරිට දැනුණේ පසුපසින් ඇගේ සිරුරට කෙනකු තෙරපෙන බවකි. මගී තෙරපුම අතරේ එය නොතකා හැරීමට උත්සාහ ගත්ත ද මේ පුද්ගලයාගේ තෙරපුම අසාමාන්‍ය බවක් දැනුණෙන් චමරී ඔහු තල්ලු කරමින් ඔහුගෙන් ඉවත්ව වෙනත් පැත්තකින් දුම්රියේ පාපුවරුවට යන්තමින් පයක් තබා ගත්තාය. එහෙත් ඇය ගොඩ වීමට පෙර දුම්රිය පිටත් වීමට ආසන්න බව අඟවමින් නළාව නාද විය.

    කන්තෝරු යන්න පරක්කු වුණාට කමක් නෑ. අද්දන කෝච්චියට එහෙම නගින්න එපා මව හැමදාම පවසන වදන් චමරිගේ දෙසවන යළි ඇසෙන්නට විය.

    ‍‍තෙරපෙන සෙනඟ තමාත් ඇදගෙනම දුම්රියට නැගීමට පෙර ඇය දුම්රියට නැගීමේ සටනින් පරාජය බාරගෙන ‍පසෙකට වූවාය. ‍ඒ සමගම ඇයට දැනුණේ ඇගේ නිතඹ ප්‍රදේශයේ දැවිලලක් මුසු වේදනාවකි. චමරි ඇඳ සිටි බ්ලවුසයට යටින් නිතඹට අත තබා බැලුවාය. අතට දැනුණේ ඇලෙන සුලු බවකි. වේදනාව දරුණු වෙද්දී ඇය තමාගේ අත ඇලෙන්නේ මන්දැයි බැලුවාය.

    දෙවියනේ, ලේ ... ලේ කොහෙන්ද?

    ඇඳ සිටි කලිසමද ‍තෙමා ගෙන රුධිරය ගලා යද්දී චමරී බියෙන් මුසපත් වී පියාට දුරකථන ඇමතුමක් දුන්නාය.

    තාත්තේ, මගේ කකුල සීරිලා ද කොහෙද ලේ එනවා. මෙහෙම කන්තෝරු යන්න බැහැ. මාව එක්ක යන්න එන්න.සිදුව ඇත්තේ කුමක් දැයි කාටත් වැටහුණේ ඇය නිවෙසට විත් ඇඳුම් ගලවා බලද්දීය. ඇගේ කකුලේ නිතඹ ප්‍රදේශය හරහා කැපුම් තුවාලයකි. ඉන් වැගිරෙන ලෙයින් ගෙබිම තෙමී යයි. ලේ දැක චමරිත් ඇගේ මවත් විලාප නගද්දී පියා‍ වහාම නිවෙස අසල විසූ පෞද්ගලික වෛද්‍යවරයකු කරා දියණිය කැටුව ගියේ තුවාලයට බෙහෙත් දැමීමටය.

    මේක කැපුම් තුවාලයක් මට බෙහෙත් දාන්න බැහැ. ඉක්මනටම රෝහලකට අරන් යන්න.එතැනින් ඔවුහූ වහාම රාගම ලීසන්ස් රෝහල කරා ගියහ. එහිදී තුවාලයට මැහුම් දොළහක් යෙදිණි.

    මේක දැළි පිහි පහරක්. කපනකොට දැනුණේ නැත්තේ ඒකයි.නොයෙක් දෙනා නොයෙක් දේ කීහ.

    අපේ රටේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා ආරක්ෂිතය යන්න කාගේත් පොදු මතයයි. චමරි නව යොවුන් දැරියකි. ඇයට මේ දැළි පිහි පහරට ලක් වන්නට වූයේ ඇය කුමක් කළාටද?

    පාපතර නරුමයකුගේ විකෘති ආශාවකට අවනත නොවූ ඇයට වන්දි ගෙවීමට සිදු වූයේ දැළි පිහි පහරකිනි. දැන් ඇය නිවෙසට වී වේදනාවෙන් කල් ගත කරන්නීය. ගතේ වේදනාවටත් වඩා ඇගේ සිතේ වේදනාව බලවත්ය. දුම්රියේ යෑමට දැන් ඇගේ සිතේ ඇත්තේ බලවත් බියකි.

    අද අපේ රටේ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී විශේෂයෙන්ම දුම්රියේදී ඇතැම් පිරිමින්ගෙන් විඳින්නට සිදුවන අකටයුතුකම් ‍බො‍හෝය.

    තවත් පිරිමි ගැහැනියක එවන් අතවරයකට ලක්ව ඊට විරුද්ධ වෙද්දී නෑසූ කන්ව සිටිති. අවාසනාවක මහත‍. පිරිමිකමට නිගා දෙන මෙවන් සිද්ධි දැක දැක නිහඬවීමද නිවටකමකි.

    චමරිට වූ මේ අවාසනාවන්ත සිදුවීම හැරුණු කොට තවත් මෙවැන්නක් අපට අසන්නට ලැබිණ. ඒ ද රාගම දුම්රිය ස්ථානයේදීය. රාගමින් දුම්රියට ගොඩවූ තරුණියක සිය ඩෙනිම් කලිසමේ නිතඹ ප්‍රදේශය කැපී තිබෙනු දුටුවේ දුම්රියෙන් බැස යද්දීය. වාසනාවකට ඇගේ සිරුර තුවාලවී නොතිබිණ. මින් අපට හැඟී යන්නේ දැළි පිහියක් ගත් නරුමයකු රාගම දුම්රිය ස්ථානය අවට ගැවසෙන බවය. විශේෂයෙන්ම මගී තදබදය ඇති වෙලාවලය.

    වැඩිහිටියන් මේ පිළිබඳව රාගම දුම්රිය ස්ථානාධිපතිවරයා හෝ පොලිසිය දැනුම්වත් කිරීමට සැරසුණද චමරි ලජ්ජාව නිසා එයට විරුද්ධ වූවාය.

    මවුවරුනි, වැඩිහිටියනි, මේ සටහන තැබෙන්නේ ඔබ වෙනුවෙනි. මෙවන් නරුම පුරුෂයන් අප අතර සිටින බවට ඔබේ දියණියන් ද දැනුම්වත් කරන්න. හැකිතාක් දුරට අවධානයෙන් සිටින ලෙසට අවවාද කරන්න. පොදු ප්‍රවාහන සේවාවල යන එන ඔබ සැම මෙවන් සිද්ධි ගැන දැනුම්වත් වීම අගනේය. එසේම එවන් සිද්ධි ඇස ගැසුණහොත් එයට විරුද්ධව නොබියව හඬ නගන්න.

    උපුටාගැනීම සිළුමිණ පුවත්පත
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    ඕක කරන්නේ අර මේකේ මන්නයක් ගැන නිතරම කියවන පිස්සා වෙන්න බැරිද?:confused:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    bus එකේ, train එකේ, කෙල්ලන්ට ජැක් ගහන, සෙනගට මුවාවෙලා අහවල් ප්‍රදේශ අල්ලන පොන්සියෝ දැක්කොත් ගහපන් මුණ කුඩු වෙන්න.. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔිකට සෙට් වෙන්න ඔිනෙ අාර්යා ස්ටාක් වගේ කෙල්ලෙක්ව :dull: :dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,944
    46,220
    113
    bus එකේ, train එකේ, කෙල්ලන්ට ජැක් ගහන, සෙනගට මුවාවෙලා අහවල් ප්‍රදේශ අල්ලන පොන්සියෝ දැක්කොත් ගහපන් මුණ කුඩු වෙන්න.. :yes:

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ බන්...චාටර් නේ..මානසික රෝගියෝ වැහි වැහැල බන්...ශික්...දවසක් යාලු කෙල්ලෙක් ටත් සෙනග පිරිච්ච ට්‍රෙන් එකක එකක යද්දී වයසක මිනිහෙක් හේත්තු වෙලා..ටිකක් වෙලා යනකොට මේ යකා අහවල් එකත් එලියට අරන් අරකිගේ ඇගේ හේත්තු කරන...එතන ඉන්න උන් දැක්කේ නැහැ වගේ ඉන්නවලු දැක දැකත්...

    අද කාලේ කොල්ලොත් පොන්නයෝ වගේ බන්...ඒ වගේ දෙයක් දැක්කත් ඉන්නවා කට වහනවා....අඩු ගානේ සෙට් එකක් පිටින් ඉන්නවනම් සද්දයක් දාපන්...ඕකෙන් වෙන්නේ ගෑනුන්ටත් පිරිමි ගැන වැරදි හිතෙන එක...

    දන්නා කියන උන්ටත් කියන්න ඕනේ පරිස්සමෙන් යන්න කියල.....:sorry::sorry:
     
    • Like
    Reactions: DangerMan119

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජැක ගැසීම වෙනයි, කැපීම වෙනයි... මූ අර පරපීඩක් කාමුකත්වයෙන් ඉන්න එකෙක් වෙන්න ඕනේ...
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    අපෝ බන්...චාටර් නේ..මානසික රෝගියෝ වැහි වැහැල බන්...ශික්...දවසක් යාලු කෙල්ලෙක් ටත් සෙනග පිරිච්ච ට්‍රෙන් එකක එකක යද්දී වයසක මිනිහෙක් හේත්තු වෙලා..ටිකක් වෙලා යනකොට මේ යකා අහවල් එකත් එලියට අරන් අරකිගේ ඇගේ හේත්තු කරන...එතන ඉන්න උන් දැක්කේ නැහැ වගේ ඉන්නවලු දැක දැකත්...

    අද කාලේ කොල්ලොත් පොන්නයෝ වගේ බන්...ඒ වගේ දෙයක් දැක්කත් ඉන්නවා කට වහනවා....අඩු ගානේ සෙට් එකක් පිටින් ඉන්නවනම් සද්දයක් දාපන්...ඕකෙන් වෙන්නේ ගෑනුන්ටත් පිරිමි ගැන වැරදි හිතෙන එක...

    දන්නා කියන උන්ටත් කියන්න ඕනේ පරිස්සමෙන් යන්න කියල.....:sorry::sorry:

    ahaka yana nai rede assa daganne makkatai ban...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ahaka yana nai rede assa daganne makkatai ban...:yes::yes:

    උබේ ගෑනි / දුව ට්‍රෙන් එකේ යද්දී ඔහොම එකෙක් ඇවිත් ඇවිත් පයිය එලියට අරන් අතුල්ලද්දී හරි, දැලිපිහියකින් පුක කපද්දී හරි අනිත් උනුත් හිතාවි මචන් අහක යන ඒවාට අපි මොකට මැදිහත් වෙනවද කියල...:yes::yes:

    කොයි කවුරු උනත් එහෙම අපහසුවකට ලක් වෙනවනම් එකට මැදිහත් වෙලා ටිකක් බේරගන්න බලපල්ලා...තනියම බැරිනම් අහල පහල එකෙක්ට පෙන්නලා කරලා උන්ව සෙට් කරන හරි...තනියම තමා ගොඩක් උන් යන්න බය..දෙතුන් දෙනෙක් ඉන්නවනම් සද්දයක් දාන්න පුළුවන්...අද මේ දේ අහක යන දෙයක් වුනාට දවසක තමන්ගේ කෙනෙක් ට වෙන්න පුළුවන්..ඔය වගේ දේවල් නවතින තරමට කාට කාටත් හොදයි...
     
    :lol::lol::lol::lol: onnam eha patte ekata scene eka pennanam wena udawwak kerennanam ba ..ada kale hena amarui ban..:cool::cool: