My Malaysian Tour - මගේ මැලේසියානු සංචාරය

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    My Malaysian Tour - මගේ මැලේසියානු සංචාරය

    මමත් පවුලේ කට්ටිය එක්ක ගිය මාසයේ (නොවැම්බර්) මැලේසියා ගිහින් ආවා....:cool: මැලේසියා සංචාර ගැන ගොඩක් ත්‍රෙඩ් Elakiri එකේ තියෙනවා දැක්කා. යන්න කලින් ඒවා කියවලා ලොකු අවබෝධයක් ගත්තා. ඒ හින්දා මාත් මගේ අද්දැකීම් බෙදා ගන්න හිතුවා.....:D අපි නම් ගියේ 4 Nights 5 Days ට්‍රිප් එකක්.... මුලින්ම මම කියන්නම් ට්‍රිප් එක plan කරපු විදිය.... මම මැයි මාසේ වගේ තමයි ඔක්කොම plan කරේ. අපේ ඔක්කොම කට්ටිය 6ක් ගියා. වැඩේ හිතන තරම් ලේසි උනේ නැහැ:eek: ලාභ ලාභ තැන් වලින් හැම දේම කරගන්න පුළුවන් වුනා.


    AIR TICKETS (21000 X 6)
    =========
    මුලින්ම කියන්නම් Flight ටිකට් සෙට් කරගත්ත විදිය.... ඒ දවස් වල Malindo එකෙන් 21000/= ට ටිකට් සෙට් උනා....:P Malindo ඔය කට්ටිය කියන තරම්ම අව්ලක් නැහැ.... යන්න කලින් මාත් බයෙන් හිටියේ....:shocked: SriLankan සමහර Flights වලට වඩා නම් දාහකින් සම්පතක්....:yes: පොඩි අව්ලකට තියෙන්නේ දෙන්නේ වෙජි meal එකක්.....:confused:

    VISA (4800 X 6)
    ====
    Visa වැඩේ නම් තනියම Foshwa Lanka එකෙන් කරගත්තේ.... documents ටික site එකේ තියන විදියට set කරගත්තාම අවුලක් නැහැ.... එක්කෙනෙක්ට Single Entry විසා වලට ගියේ 4800/= :yes: දවස් 4න් විසා හම්බුනා.... ඔන්න විසා වැඩෙත් හරි....

    HOTEL & TOURS (21000 X 6)
    ===========
    මට හොටෙල් එක site එකෙන් බුක් කරනවට වඩා අඩුවට tours එක්කම local agent කෙනෙක්ගෙන් සෙට් වුනා....:yes: හැබැයි සමහර tours විතරයි agent ගෙන් ගන්න එක ලාභ වුනේ....:shocked: අපි ගිය tours මොනවද කියලා කියන්නම්කෝ මුලින්ම....

    * Aquaria KLCC
    * PETRONAS Twin Towers
    * Genting Highlands
    * Sunway Lagoon
    * KL Tower

    ඔන්න ඕවා වලින් Genting Highlands + Sunway Lagoon tours දෙක local agent ගෙන් බුක් කරා..... මොකද ඕවා KL city එකෙන් ටිකක් ඇතින් තියන නිසා transport එක්කම් බුක් කරාම ලේසියි. පල්ලෙහා තියන ඔක්කොම ටික 21000/= ට local agent ගෙන් හම්බ වුනා.....:yes:

    * Up & down Airport transfer (from KLIA to hotel & return)
    * 4 Nights/ 5 Days hotel accommodation - 3 star Hotel (Tune Hotel)
    * Daily Breakfast
    * Half Day KL City tour ( Twin Tower Area, King Place, Sight seeing Etc.)
    * Sunway Lagoon up & down transfers
    * Sunway Lagoon all 6 theme parks full Tickets
    * Genting Highland Full day tour
    * Cable car entry tickets
    * Batu caves
    * Chocolate factory & Swiss watch factory

    අනිත් attractions ඔක්කොම වගේ තියෙන්නේ KL city එකෙමයි. එ හින්දා transport ගැන වද වෙන්න දෙයක් නැහැ Uber තියන නිසා. ඉතුරු attractions බුක් කරේ Klook site එකෙන්.

    * Aquaria KLCC - 1500/=
    * PETRONAS Twin Towers - 3200/=
    * KL Tower (Observation Deck + Sky Deck + Sky Box) - 3300/=

    ඉළගට කියන්නම් අපි දවස් 5 ක් මොනවද කරේ කියලා.

    Tour Itinerary
    =========

    Day 01 - Arrival to KL + Aquaria KLCC + PETRONAS Twin Towers + KLCC shopping

    Day 02 - Genting Highlands + Batu Caves + Mydin shopping

    Day 03 - Sunway Lagoon + Hanifa shopping

    Day 04 - KL Tower + Berjaya Times Square shopping + Alor Street Food Night Market

    Day 05 - Last minute shopping + Return to SL

    කට්ටියගේ comments වැටෙන විදියට ඉතුරු විස්තර දාන්නම්.....:D:D:D