My Wedding Day...

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    දහසකුත් බාදක මැඩගෙන ජයගත් මාගේ ආදරය සැබෑවිය. මොනවද බාදක කියලා මගේ මුල් නූල් බැලුවනම් තේරෙයි. එලකිරි යාලුවන් ගොඩක් දෙනා මට ආපු ප්‍රශ්න වලට වටිනා උපදෙස් ලබාදුන්නා. ඒ හැමෝටම බෙහෙවින් ස්තූතියි. මගේ වෙඩින් එක තව මාස 3 කින් ගන්න ඉන්නේ. කෙල්ලගේ ගෙදර නැකැත් එහෙම ගෙනිච්චා.

    මම් මේ දවස්වල මතක් වෙන දේවල් අරන් තියාගන්නවා. ඇදුම් එහෙම රෙන්ට් එකට තියාගත්තා. දවස් දෙකම එකට ගන්න ඉන්නේ හොටෙල් එකක. මම් සල්ලි කාරයෙක් නෙවෙයි. වෙඩිමට සල්ලි ගොඩක් නැති නිසා ඔක්කොම අඩුවෙන් තමයි කරගන්නේ. දැනට කෙල්ලට රත්තරන් බඩු එහෙම හැදුවා. එයාට ඇදුම් ගත්තා. මේ කාලයතුල මම් කරන්න ඕනේ දේවල් තියෙනවානම් අත්දැකීම් තියෙන අය මට උපදෙස් දියන්කෝ. මම් preshoot එකක් ගන්නේ නෑ. වෙඩින් එක දවසේ උදේ ෆොටෝ ගහන තැනට යන්නයි හවස හොටෙල් එකට යන්නයි කාර් එකක් සෙට් කරගන්නත් ඕනේ. වෙඩිමට ඔක්කොම 250ක් වගේ එන්නේ. කෑම ප්ලේට් එකක් Rs.1400ක් වෙනවා. වෙඩිමක් ගත්ත අයගෙන් උපකාරයක් ලබාදෙන්න. :yes:

    Remember that creating a successful marriage is like farming: you have to start over again every morning.

    Your wedding day will come and go, but may your love forever grow.

    Wishing you a lifetime of love and happiness.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජය වේවා! ජයසිරි මංගලම්

    වියදම අඩු කර ගන්න නම්
    1. අනවශ්‍ය මුදල් නාස්ථියක් තියන ප්‍රීෂූට් ගැන තවත් වරක් හිතන්න. දෙන්නත් එක්ක ලස්සට ඇදලා ෆොටෝ ගන්න දන්න මල්ලි කෙනෙකුට කියලා ඔය ප්‍රීෂූට් ෆොටෝ ටික ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. නැත්තං සමහර ස්ටූඩියෝ වලින් ප්‍රීෂූට් එක නොමිලේ දෙනවා. ටිකක් ස්ටූඩියෝ කිපයක් එක්ක කතා කරලා ගනන් සසදලා බලන්න.
    2. එන උන්ට බොන්න දෙන්න එපා. ඒකෙන් ලොකුගානක් ඉතුරු කරගන්න පුලුවන් වගේම අමතර ප්‍රශ්නත් නැතුව වෙඩිම ගන්න පුලුවන්.
    3. බොරුවට බෑන්ඩ් ගහන්න එපා. වෙඩිමට එන උන් එන්නේ උඹලා දෙන්නා බලලා කාලා යන්න මිසක් අනුන්ගේ සිංදු කියන බෑන්ඩ් එකක් දිහා බලාගන ඉදලා යන්න නෙවෙයි.
    4. කෙල්ලගේ පැත්තෙනුත් අඩු වියදමින් වැඩේ කරන්න OK නම් වෙඩින් එක සහ දෙවෙනි දවස එකම දවසේ ගන්න. උදේ සුදු ඇදලා, හවස රතු ඇදලා.
    5. අදුරන කෙනෙකුගේ සුදු කාර් එකක් වෙඩින් කාර් එක විදිහට සරසලා ගන්න.
    6. වියදම් වැඩි වැඩ බොරුවට එල්ල ගන්න එපා. ඔය වෙඩිම කියන්නේ හීනයක් වගේ. ඉවර උනාට පස්සේ නිකන් නාස්ති කරපු මුදල් ගැන පසුතැවෙන්න වෙයි. ඒ නිසා වියදම් අඩු කරන්න පුලුවන් තැන්වලින් වියදම් අඩු කර ගන්න.

    වෙඩිමට කියලා නය වෙන්න එපා තමන්ට හැකි පමණින් වෙඩින් එක කරගන්න. පැනලා ගිහින් රෙජිස්ටර් කරපු අය මහා ලොකුවට වෙඩින් ගන්න කෝටි ගනං පුදපු අයට වඩා සතුටින් ජීවත් වෙනවා. හේත්ව පැනලා ගිහින් උන් උන්ගේ ජීවිතය ගොඩ දාගන්නවා. විවාහය කියන්නේ වෙඩිම නෙවෙයි. ඉන් එහාට දෙන්නා නිසි අවබෝධයෙන් ජීවත් වීම. වගේම ගෑනිගේ දේවල්, මිනිහගේ දේවල් කියලා වෙන වෙනම හිතන්නේ නැතුව අපේ දේවල් කියන අරමුනෙන් දෙන්නගේ ආර්ථිකය සැලසුම් කිරිම. නය නොවී හිතේ සතුටෙන් පවුල් කන්න දෙන්නා මුල ඉදලම සාකච්චා කර ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: ehseres

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,622
    2,088
    113
    මරුසිරා;22718608 said:
    වෙඩ්මට බොරුවට සල්ලි නාස්ති කරලා දෙන්නත් එක්ක සෑහෙන කාලයක් විදවන එක තමයි ගොඩක් සිංහලුන්ගේ ක්‍රමේ .
    එත් උබ ඒ අතින් දැනටත් දිනුම් .පුළුවන් තරම් වෙඩිම චාමෙට අරන් ඉතුරු කරගන්න දේ දෙන්නගේ අනාගතේට ඉතුරු කරන්න .
    වෙඩින් එක නෙමේ අමාරු පවුල් ජීවිතේ ගෙනියන එක .
    වෙඩින් එකෙන් පස්සේ උබල දෙන්නට උබල දෙන්න විතරයි .වැඩිම වුනොත් දෙන්නගේ ලගම නෑයෝ ඉදියි .එත් සල්ලි ඕන වෙනකොට කවුරුත් නැ .

    එනිසා අනවශ්‍ය වියදම් නවත්වල එසල්ලි ඉස්සරහට එන ජීවිතේට යොදවන්න ඉතුරුකරන්න .

    සුබ මංගලම් දෙන්නටම :love:

    :yes::yes::yes::yes::yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ජය වේවා! ජයසිරි මංගලම්

    වියදම අඩු කර ගන්න නම්
    1. අනවශ්‍ය මුදල් නාස්ථියක් තියන ප්‍රීෂූට් ගැන තවත් වරක් හිතන්න. දෙන්නත් එක්ක ලස්සට ඇදලා ෆොටෝ ගන්න දන්න මල්ලි කෙනෙකුට කියලා ඔය ප්‍රීෂූට් ෆොටෝ ටික ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. නැත්තං සමහර ස්ටූඩියෝ වලින් ප්‍රීෂූට් එක නොමිලේ දෙනවා. ටිකක් ස්ටූඩියෝ කිපයක් එක්ක කතා කරලා ගනන් සසදලා බලන්න.
    2. එන උන්ට බොන්න දෙන්න එපා. ඒකෙන් ලොකුගානක් ඉතුරු කරගන්න පුලුවන් වගේම අමතර ප්‍රශ්නත් නැතුව වෙඩිම ගන්න පුලුවන්.
    3. බොරුවට බෑන්ඩ් ගහන්න එපා. වෙඩිමට එන උන් එන්නේ උඹලා දෙන්නා බලලා කාලා යන්න මිසක් අනුන්ගේ සිංදු කියන බෑන්ඩ් එකක් දිහා බලාගන ඉදලා යන්න නෙවෙයි.
    4. කෙල්ලගේ පැත්තෙනුත් අඩු වියදමින් වැඩේ කරන්න OK නම් වෙඩින් එක සහ දෙවෙනි දවස එකම දවසේ ගන්න. උදේ සුදු ඇදලා, හවස රතු ඇදලා.
    5. අදුරන කෙනෙකුගේ සුදු කාර් එකක් වෙඩින් කාර් එක විදිහට සරසලා ගන්න.
    6. වියදම් වැඩි වැඩ බොරුවට එල්ල ගන්න එපා. ඔය වෙඩිම කියන්නේ හීනයක් වගේ. ඉවර උනාට පස්සේ නිකන් නාස්ති කරපු මුදල් ගැන පසුතැවෙන්න වෙයි. ඒ නිසා වියදම් අඩු කරන්න පුලුවන් තැන්වලින් වියදම් අඩු කර ගන්න.

    වෙඩිමට කියලා නය වෙන්න එපා තමන්ට හැකි පමණින් වෙඩින් එක කරගන්න. පැනලා ගිහින් රෙජිස්ටර් කරපු අය මහා ලොකුවට වෙඩින් ගන්න කෝටි ගනං පුදපු අයට වඩා සතුටින් ජීවත් වෙනවා. හේත්ව පැනලා ගිහින් උන් උන්ගේ ජීවිතය ගොඩ දාගන්නවා. විවාහය කියන්නේ වෙඩිම නෙවෙයි. ඉන් එහාට දෙන්නා නිසි අවබෝධයෙන් ජීවත් වීම. වගේම ගෑනිගේ දේවල්, මිනිහගේ දේවල් කියලා වෙන වෙනම හිතන්නේ නැතුව අපේ දේවල් කියන අරමුනෙන් දෙන්නගේ ආර්ථිකය සැලසුම් කිරිම. නය නොවී හිතේ සතුටෙන් පවුල් කන්න දෙන්නා මුල ඉදලම සාකච්චා කර ගන්න.

    කියන්න ඕන ටික අවන්කවම කියල තියෙනව Mr.Tom කියන මෙම්බර්.. මෙහෙම හැමෝම හිතනවනන් කොයි තරම් සුබද...

    ඔන්න අලුත් මනමාලයට මේ ටික හොද උපදෙසක් වෙයි... ඔලුවට ගන්නවනම මේ දේවල්.. ජීවිතය දැන් ඉදන්ම හදාගන්න හොද මග පෙන්වීමක්...

    + + + + +
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම් preshoot එකක් ගන්නේ නෑ.​

    මචන්.. බජට් එක නිසා මේක අතඇරියනන්, මම උඹට කරන දෙන්නන් නෝර්මල් ප්‍රීෂූට් එකක් මගේ ගානෙ... උඹල දෙන්නට ළග පාත ලස්සන තැනක, පොටෝ 10-15 ක් කරමු..