පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ලේකම්වරයා එක්සත් ජනතා නිදහස් සංධානයේ නිල ෆේස්බුක් ගිණුම අවභාවිත කරමින් සිටින බව වාර්ථා වේ.
එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් මීට වසර කිහිපයකට පෙර නිර්මාණය කල මේ නිල ෆේස්බුක් ගිණුම අද වන විට එහි ඇඩ්මින් වරයා තමන්ගේ පාර්ශවයට ගැනීම හරහා තමාගේ මැතිවරණ ප්‍රචාරණයට ඉතාමත් නිර්ලජ්ජී ලෙස භාවිතා කරමින් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැක. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමෙන් පසුද මෙලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ නිල ෆේබුක් මාධ්‍ය අවභාවිතයේ යොදා ගැනීම සිරිසේන, ඔහුම පවසන යහපාලනයදැයි එක්සත් සංධාන ඉහළ පෙලේ නියෝජිතයෙකු අප හා සාකච්චාවකට එක්වෙමින් ප්‍රශ්න කළේය. චෞර රැජිණ යන අර්වර්ථ නාමයද පටබැඳි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග යහපාලනය පිළිබඳ සිහින පාට කරන සිරිසේන මහතාගේ මෙම හැසිරීම එක අතකින් එතරම් පුදුම් විය යුතු නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.
බොහෝ විට සම්පූර්ණ අසත්‍ය ප්‍රචාර යවමින් තමන් වටා විශාල පිරිසක් එක් වෙමින් සිටින්නේ යැයි පෙන්වීමට මේ ගිණුම හරහා බොහෝ වර උත්සාහ ගෙන තිබේ. අද එහි පුවතක් පළකරමින් රංජිත් සියඹලාපිටිය මහතා සිරිසේන මහතාට සහාය පල කිරීමට නුවර මැතිවරණ වේදිකාවට ගොඩ වෙනු ඇතැයි ප්‍රකාශ කර තිබූ මුත් අප වෙත අදහස් පළකල සියඹලාපිටිය මහතා ඒ අදහස පිළිකුලෙන් යුතුව හෙලා දැක්කේය. එය සිර්‍රිසේන මහතාගේ ෆේස්බුක් කටකතා මෙහෙයුමේ එක් අලජ්ජී පියවරක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ෆේස්බුක් ගිණුමේ අතීත ක්‍රියාකාරකම් (History) නිරීක්ෂණයදී එය මීට මසකට පමණ පෙරද මහින්ද රාජපෂ මහතා වෙනුවෙනුත් එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙනුත් ප්‍රචාරණයේ යෙදුනු අයුරු තවමත් දැක ගත හැක.