Mystery Solved - අභිරහස හෙළිවෙයි

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Mystery Solved - අභිරහස හෙළිවෙයි

    පිරමිඩ හදන්න ඊජිප්තුවානුවන් ගල් ගෙනිච්ච ආකාරයේ අභිරහස හෙළිවෙයි

    ටොන් 2.5ක් පමණ බර ගල් වැලි කතරේ කිසිඳු නූතන ක්‍රමවේදයක් නොමැතිව එහා මෙහා ඇදගෙන ගෙනයාම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවන බව ඔබ දන්නවා. නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබෙන්නේ වැලි වලට වතුර ස්වල්පයක් එක කිරීමෙන් ලිස්සා යාමේදී ඇති වන ඝර්ෂණ බලය අඩුවන බවයි. මෙමගින් ඔවුනට අවශ්‍ය පිරිස් බලය විශාල ලෙස අඩුකරගැනීමට හැකිවනු ඇත.

    වැලි මාලිගාවක් තැනීමට අපි වියලි වැලි භාවිත කරන්නේ නෑ. වතුර දමා වැලි එකිනෙකට ඇලීමට සලස්වා මාලිගයේ හැඩය රඳා පවත්වා ගන්නවා. ඒවගේම වැලි මත ප්‍රවාහනය කරන්නෙත් ඒ ආකාරයෙන්ම. නියමිත ප්‍රමාණයට ජලය එක් කිරීමෙන් වැලි ඇට එකට ඇලේ.

    මේ පිළිබඳව ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ඩැනියෙල් බොන් විසින් මගපෙන්වූ අන්තර්ජාතික කණ්ඩායමක් පර්යේෂණයක් පැවැත්වූවා. එහිදී ඔවුන් සිදු කලේ බර පැටවූ තැටියක් තෙත් සහ වියලි වැලි සහිත මතුපිටකින් ඇදගෙන යාමයි. මෙහිදී ඔවුනට දැකගැනීමට හැකිවූයේ වියලි වැලි සහිත මතුපිට මත තැටිය ඉදිරියේ වැලි ගොඩගැසී ගමනට බාධා එල්ල කරන බවයි. ඒවගේම තෙත් වැලි මතුපිට මත තැටිය ඇදගෙන යන විට වැලි ගොඩගැසෙන ගතිය අවම වන (හෝ එසේ එකතු නොවන අතර ඇදීමට අවශ්‍ය කරන බලයත් අවම බවයි.

    lab-setup.jpg


    ඔවුන් කල පර්යේෂණය


    මෙහිදී ඔවුන් සොයාගත් තවත් කාරණයක් වන්නේ වැලි වල තෙත් ගතිය සහ ඇදීමට අවශ්‍ය වන බලයේ අඩුවීම සමානුපාතික බවයි. නිවැරදි ප්‍රමාණයට ජලය එක් කිරීමෙන් කාන්තාරයේ වැලි වියලි වැලි වලට වඩා දෙගුණයක් ගණ මතුපිටක් සාදයි. මෙමගින් ඒ මතුපිට මත යමක් ඇදගෙන යාම පහසු කරයි. පර්යේෂණයට අනුව එමගින් ඇදගෙන යාමට අවශ්‍ය බලය 50%කින් පමණ අවම වේ.

    මිට අමතරව වැලි මතුපිට මත ජලය ප්‍රමාණය වැඩි වුවහොත් නැවත වරක් ඝර්ෂණ බල වැඩිවීමට පටන් ගන්නා බවද ඔවුනට අධ්‍යනය කිරීමට හැකි වුනා. මේ සඳහා එක කල යුතු ජලය ප්‍රමාණය වැලි පරිමාවෙන් 2% – 5% අතර ප්‍රමාණයක්.

    Colosse-dj%C3%A9houtih%C3%A9tep.png


    මේ ප්‍රශ්නයට පිළිතුර අපි දිහා ගොඩක් කල් ඉඳන් බලන් ඉඳල තියනවා. ඉහත දැක්වෙන Djehutihotep සොහොනෙන් හමුවන බිතුසිතුවමේ එක සේවකයෙක් වැලි වලට වතුර එක් කරන ආකාරය දැකගන්න ලැබෙනවා.



    උපුටා ගැනීමකි



     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :eek::eek::eek:
    පිස්සු හැදෙන සද
    ඕක කන්ෆර්ම් වෙලාද බන්
    +

    ekanam danne na ban..
    mamath me dan tama oya gana hoyanna patan ganne :P

    edit: You must spread some Reputation around before giving it to NUWAN BUWA again.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේක කොහෙද බන් අලුත් වෙන්නේ ? මම අවුරුදු ගානකට කලින් ඕක දැක්ක කොහේ හරි Blog එකක වතුර දාල තමා ඇදල තියෙන්නේ කියල
     
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේක කොහෙද බන් අලුත් වෙන්නේ ? මම අවුරුදු ගානකට කලින් ඕක දැක්ක කොහේ හරි Blog එකක වතුර දාල තමා ඇදල තියෙන්නේ කියල

    hari ban umba kalin dakkata mama dakke ada ne :P
    e wage tawa un ati itin.
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    hari ban umba kalin dakkata mama dakke ada ne :P
    e wage tawa un ati itin.

    එහෙම වරෙන් :lol: මම බැලුව මේක අද ඊයේ හොයා ගත්ත එකක්ද කියල. දැනට ඕක තමා මචන් theory එක. ඕක විශ්වාස කරන්නේ නැති උන් ඉතින් පිටසක්වල උන් ඇවිල්ල උදව් කළා කියල කියනවා :dull::dull: