Nanotechnology කියන්නෙ මොකක්ද?

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Nanotechnology කියන්නෙ මොකක්ද?

Nanotechnology කියන්නෙ මොකක්ද?

400px-Comparison_of_nanomaterials_sizes.jpg


අපි කවුරුත් දන්නව ලෝකෙ සෑම දෙයක්ම හැදිල තියෙන කුඩාම අංශුව තමයි පරමාණුව. නැනෝ තාක්ෂණයෙදි කෙරෙන්නෙ පදාර්ථය පරමාණුක මට්ටමේ ඉඳල මෙහෙයවීමයි. ඒ කියන්නෙ අපි ගඩොල් එකතු කරල ගෙයක් හදනව වගේ පරමාණු එකතු කරල යම් දෙයක් හදන එක තමයි නැනෝ තාක්ෂණය කියන්නෙ. මේ තාක්ෂණයට නැනෝ/nano කියන නම ලැබිල තියෙන්නෙ මෙහිදී නැනෝ මීටර ගනන් වලින් කටයුතු කරන්න වෙන නිසා. නැනෝ මීටරයක් කියන්නෙ මීටරයෙන් බිලියනයෙන් පංගුවක්. සෙන්ටි මීටර වලින් ගත්තොත් මිලියන දහයෙන් පංගුවක්. ඒ කියන්නෙ සෙන්ටි මීටරය සමාන කොටස් මිලියන 10කට කැඩුවොත් ඉන් එකක්. නැනෝ තාක්ෂණය ගැන මුලින්ම ලෝකයට අදහස ඉදිරිපත් කරල තියෙන්නෙ Richard Feynman කියන විද්‍යඥයා. ඒ 1959දී. National Nanotechnology Initiative එක මගින් නැනෝ තාක්ෂනය හඳුන්වාදී ඇත්තේ නැනෝ මීටර 1ත් 100ත් අතර විශාලත්වයකදී පදාර්ථය/ද්‍රව්‍ය හැසිරවීම ලෙසයි.

නැනෝ තාක්ෂණයෙන් කරන්න පුළුවන් දේවල් ගැන අදහසක් ගන්න මේ වීඩියෝ එක බලන්න,




Source: http://widuliya.com/blogs/post/47