NASA WEB DOWN....

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    කවුරු හරි දැක්කද NASA.GOV වෙබ් එක ඩවුන් වෙලා තියනවා?

    tn


    OBAMA PLEASE :D
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Due to the lapse in federal government funding, this website is not available.
    We sincerely regret this inconvenience.

    For information about available government services, visit USA.gov.

    Este sitio web no se está disponible durante el cierre del Gobierno.
    Lamentamos profundamente las molestias que esto pueda causar.

    Visite GobiernoUSA.gov para informarse sobre los servicios gubernamentales disponibles durante el cierre del Gobierno.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහාටවත් ආවනම් කියක් හරි දෙනව ඔබාමට
    මිනිහටත් පඩිය නැතුව නට්ටන් වෙලා ඇත්තෙ මේ දවස් වල.
     

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Due to the lapse in federal government funding, this website is not available.
    We sincerely regret this inconvenience.

    For information about available government services, visit USA.gov.

    Este sitio web no se está disponible durante el cierre del Gobierno.
    Lamentamos profundamente las molestias que esto pueda causar.

    Visite GobiernoUSA.gov para informarse sobre los servicios gubernamentales disponibles durante el cierre del Gobierno.


    yakoo, web site ekakwath run karaganna bari tharamata nasa + USA gov eka hinganno welaada... Api (LK) handaaaaiiiiii balagena giyama
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    yakoo, web site ekakwath run karaganna bari tharamata nasa + USA gov eka hinganno welaada... Api (LK) handaaaaiiiiii balagena giyama
    වෙබ් සයිට් නෙමේ රජයෙ සියලුම සේවකයො පඩි රහිත නිවඩු යවල තියෙන්නෙ :) උබල දන්නෙ නැද්ද සින් එක. මේහෙ දස් ගුනයක් හොදයි,:)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඇමරිකානු අය වැය සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදය හේතුවෙන් නව මූල්‍ය වසර සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන නොලැබීම නිසා රජය අකර්මණ්‍ය වීමත් සමග නාසා ආයතනයේ සේවකයන් 17400ක රැකියාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
    මුළු සේවකයන් 18000න් මේ වන විට සේවයේ නියුතු වන්නේ සේවකයන් 600ක් පමණක් බව පැවසේ.
    රජය අක‍්‍රියවූ ඔක්තෝබර් 01වන දිනය නාසා ආයතනයේ 55වන උපන් දින සැමරුම වූ අතර මේ වන විට නිල වෙබ් අඩවිය සහ අනතුරුදායක ඇස්ටරොයිඞ් පිළිබඳ දැනුවත් කරන ඇස්ටරොයිඞ් වොච් වැඩසටහනද අක්ර්මණ්‍ය වී තිබේ.
    කෙසේවෙතත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින නාසා අභ්‍යවකාශගාමීන් දෙදෙනාගේ අධීක්ෂණය සහ දැනට අභ්‍යවකාශගත කර ඇති යානා නිරීක්ෂණය අත් නොහැර පවත්වා ගැනීමට නාසා බලධාරීන් තීරණය කර ඇතැයි පැවසේ.
    නාසා විද්‍යා පර්යේෂණාගාරයේ ගුවන් අධ්‍යක්ෂක බොබාක් ෆර්ඩොව්ස්කි පවසන්නේ රජය අක‍්‍රිය වීමේ වර්ධනයන් දෙස විමසිල්ලෙන් පසුවන බවයි.
    මේ වසරේ නොවැම්බර් මසදී දියත් කිරීමට නියමිතව තිබූ මාර්ස් ඇට්මොස්ෆියර් සහ වොලටයිල් එවලූෂන් යන ව්‍යාපෘති කල් යනු ඇති බව නාසා ආරංචි මාර්ග හෙළි කර තිබේ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂණ පනතට විරෝධය දක්වමින් 2014 වසරේ ඇමරිකානු අයවැය ප්‍රතික්ෂේපවීම හමුවේ ඇමරිකාව නවතම අර්බුදයකට මුහුණ දී තිබෙන බව වාර්තා වේ.
    ප්‍රංශ පුවත් සේවය සඳහන් කරන්නේ මේ නිසා පළමු වතාවට ඇමරිකානු රජය විසින් සිය ණය පැහැර හැරීම දක්වා තත්ත්වය දුරදිග යා හැකි බවත් මෙය ලෝකයේ විශාලතම ආර්ථිකය වන ඇමරිකාවේ ණය ශ්‍රේණිය පහළ යෑමට හේතුවක් වනු ඇති බවයි.
    ඇමරිකානු ඇයවැය ප්‍රතික්ෂේප වීම නිසා ඔබාමා රජයේ කටයුතු අක්‍රීයවී තිබෙන අතර ලක්ෂ සංඛ්‍යාත රජයේ සේවකයින් පඩි ගෙවා ගැනීමට නොහැකිව නිවාඩු යවා තිබේ.
    මීට අමතරව, රජය විසින් පාලනය කරන කෞතුකාගාර, ජාතික උද්‍යාන සියල්ල වසාදමා තිබෙන බව සඳහන්ය.
    ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන ආකාරයට බැරැක් ඔබාමා බදාදා දිනයේදී ප්‍රධාන රිපබ්ලිකන් නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත් වුවද අදාළ සාකච්ඡා සියල්ල අසාර්ථක වී තිබේ.
    වාර්තාවන ආකාරයට මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු දෙපාර්ශවය විසින්ම එකිනෙකාට චෝදනා කරගන්නවා මිස ස්ථීර විසඳුමක් ඉදිරිපත් කිරීමට තවමත් සමත් වී නොමැත.
    මෙවැනි තත්ත්වයක් හමුවේ ඇමරිකානු ආර්ථිකය දරුණු ඉරණමකට ඉදිරියේදී ගොදුරු විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් විසින් අනතුරු හඟවා තිබේ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    රජය අක‍්‍රිය වීමේ තත්වය රාජ්‍ය ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් එල්ල කරමින් ඇති බව ඇමරිකානු ආරක්ෂක ප‍්‍රධානීන් පවසයි.
    ජාතික ආරක්ෂක ඒජන්සියේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමසීමට සෙනෙට් මණ්ඩල අධිකරණ කමිටුව ඉදිරියට කැඳවූ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් පවසා ඇත්තේ ඔහු මෙවැන්නක් කිසිදිනක දැක නොමැති බවයි.
    මේ වන විටත් පරිඝනක විශේෂඥයන් 4000ක් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන්ගෙන් 70%ක් වැටුප් රහිතව සේවයෙන් නිදහස් කර ඇති අතර ඔවුන්ගේ ආර්ථික තත්වය දුෂ්කර වත්ම ඔවුන් අතරින්ම නව ඔත්තුකරුවන් බඳවා ගැනීමට විදෙස් බුද්ධි අංශ වලට හැකියාව ලැබෙන බව ඔහුගේ අදහසයි.
    එනයින් මේ තත්වය විදෙස් බුද්ධි අංශවලට සිහින ලෝකයක් නිර්මාණය කරදෙන බවත් දිනෙන් දින ඉක්මයත්ම සිදුවන හානිය විශාල වන බවත් බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා දක්වා ඇත.
    මෙය 1996න් පසු ඇමරිකානු හමුදාවේ දෛනික කටයුතු වලට බාධාකාරී වූ පළමු අයවැය අර්බදය බව හමුදාපති ජෙනරාල් රේ ඔඩියර්නෝ පවසා තිබේ. මේ වන විට විදෙස් මෙහෙයුම්වල ක‍්‍රියාකාරී නොවන ආරක්ෂක නිලධාරීන්ගේ සේවය අත්හිටුවමින් සිටින බව ඔහු හෙලි කර තිබේ.
    අයවැය සම්මත කරගැනීමට නොහැකි වීම නිසා මතුවූ රජය අක‍්‍රිය වීමේ තත්වය තුළ රජයේ සේවකයන් ලක්ෂ 8ක් මේ ආකාරයෙන් වැටුප් රහිතව සේවය අත්හිටුවීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
    අර්බුදයේ ප‍්‍රධාන හේතුවක් වූ ඔබාමාගේ සෞඛ්‍ය පණතේ ප‍්‍රධාන විරුද්ධවාදියකු වූ සෙනෙට් සභික ටෙඞ් කෲස් පවසා ඇත්තේ ආරක්ෂක අංශ වල සේවකයන් මෙම තත්වයෙන් මුදාගන්නා විශේෂ සංශෝධනයක් ගෙන ආ යුතු බවයි.
    කෙසේවෙතත් ආර්ථාකයේ විවිධ කොටස් ක‍්‍රියාත්මකව පවත්වාගෙන යාමට ඉදිරිපත් කළ යෝජනා කිහිපයක්ම පසුගිය දෙදින තුළ කොංග‍්‍රස් මණ්ඩලය තුළ පරාජය වී ඇතැයි පැවසේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    NASA, USGS me okkoma not work ban governemnt shutdown nisa.

    Asteroid watch and alert ekath wada nathilu

    unge security (Homeland security, NSA etc.) Nuclear wage eva witharai working.