මෙහෙමයි මචන් සීන් එක.
උබ ඉල්ලන සමහර දේවල් අපිට 100ටත් කරන්න පුළුවන් 1000ටත් කරන්න පුළුවන්. ඒ උනාට 100ට දෙන එක 1000ට දෙන එක තරම් කොලිටි නෑ. අඩුපාඩු තියෙනව වෙන්න පුළුවන්. 100ට කරන අයට 1000ට දෙන එක වගේ දෙන්නන් කිව්වට එහෙම දෙන්න බෑ. ඒවට යන මුදලක් කාලයක් තියෙනව ඒ මුදල කාලය වියදම් නොකර හදන එක කොහොම කරත් 1000ට හදන එක වගේ වෙන්නෙ නෑ. අඩුපාඩු සහිතයි.
උබට වෙන්න ඕනි වැඩේට ගෙවිය යුතු මිල බලන්න ගාණ වැඩියි නන් අහන්න ඇයි ඒ කියල. හරියට එක්ස්ප්ලේන් කරල දුන්නොත් ඇයි කියල. ගාණ අඩු කරන්න අහන්න එපා ඒ වෙනුවට ගෙවිය යුතු මිල ගෙවන විදියක් හදාගන්න.
ගොඩක් වෙලාවට මුලු මුදල එක පාර නොදී යන මූලික වියදම දීල කම්පැනි එකෙන් ශෙයාර් එකක් දෙන්න පුළුවන්ද බලන්න ඉතුරු ටිකට. එහෙම නැත්තන් ටික ටික ගෙවන්න පුළුවන්ද බලන්න. සමහර වෙලාවට එකපාර මුලු මුදල ගෙවල අයිති කරගන්නවට වඩා මන්ත්ලි සබ්ස්ක්‍රිප්ශන් විදියට ගන්න පුළුවන් වෙයි. ඒ ඒ ඩිවලොපර් අනුව විදිය වෙනස් වෙනව.
කොහොමත් මචන් අඩු මුදලට ලොකු කොලිටි වැඩක් බලාපොරොත්තු වෙන්න එපා. කෙලවෙනව ඊට පස්සෙ උබ ඩිවලොපර්ට බනියි ඌ උබට බනියි. බිස්නස් එක එක තැන.