Neil Armstrong - Story of The First man Who Walked on the moon

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    1957 ඔක්තෝම්බර් 04 සෝවියට් රුසියාව අභ්‍යාවකාශය ජයගනිමින් Sputnik 1යානය ගුවන් ගත කිරීමත් සමඟ ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර වු අභ්‍යාවකාශ සීතල යුද්ධය ඇරඹුනු අතර ඉන් මසකට පසුව රුසියාව නැවතත් Sputnik 2 යානය ගුවන් ගත කලේ “ලයිකා“ නැමැති බැල්ලිය සමගමයි. :D


    අනතුරුව ඇමරිකාව එක්සත් ජනපදය “හැම්“ නම් වු චිම්පන්සියකු සමඟ 1961 ජනවාරි MR-2 යානය අභ්‍යාවකාශ ගත කල අතර රුසියාව තම අභ්‍යාවකාශ තරඟයේ ජයක් ලබමින් “යුරී ගඟාරින්“ 1961 අප්‍රේල් මස 12 වැනිදා Vostok 1 යානයෙන් ගුවන් ගත කලා. :P
    එලෙස සිදුවු කටයුතුත් එක්කම එවකට ජනපති වු ජෝන් එෆ් කෙනඩි මහතා ප්‍රසිද්ධ දේශණයක් තබමින් ඇමරිකාව සිදුකල තම අභ්‍යාවකාශ ගමන් පිළිබඳ වු ව්‍යාපෘති පුලුල් කිරීමටත් කටයුතු කලා... :rolleyes:

    එහි අවසානය වුයේ පසුගියදා මිය ගිය නීල් ආම්ස්ටෝන් හා පිරිස 1969 ජුලි 20 ලොව අලුත් පිටුවක් පෙරලමින් සඳ තරණය කිරීමයි. :D
    ඉතින් ඉසව්වේ මේ උත්සහය ඔහු නැතිනම් “හඳට ගිය මුල්ම මිනිසා”
    Chamikawpblogspotcom8-23.jpg

    නීල් ආම්ස්ටෝන් ගැනත් ඔහු හා සම්බන්ධ ඔබ දන්නා නොදන්න තොරතුරු කීහිපයක් ඉදිරිපත් කරන්නටයි. :D

    වෙනදා වගේම තොරතුරු අන්තර්ජාලයෙන්ම තමා පින්තූරත් එසේමයි. කියවලා බලලා අදහසක් ඉදිරිපත් කරන්න කියලාත් ඉල්ලනවා... :yes:

    1930 ‍අගෝස්තු 05 වැනිදා ඇමරිකාවේ ඔහියෝ හි Wapakoneta හි උපත ලද නීල් ආම්ස්ටෝන් ප්‍රථම වරට ගුවන් යානයක් පදවා තිබුනේ වයස අවු.06 දීයි. :baffled:

    අනතුරුව ෆාමිසියක රැකියාව කරන අතරතුර ගුවන් යානා පැදවීම පිළිබඳව උගත් ඔහු වයස අවුරුදු 16 දී ඒ සඳහා ගුවන් යානා පැදවීමේ බලපත්‍රය ලබා ගන්නා ලදි.:nerd:
    ඉන් අනතුරුව Purdue විශ්වවිද්‍යාලයට ඇතුලත්ව, එහි ඔහුගේ පිලිරුවක් හා ශාලාවක් නම් කොට ඇති අතර
    Chamikawpblogspotcom13-7.jpg
    ගුවන් යානා ඉංජිනේරු පාඨමාලාව හදාරන අතරදී 1949 දි ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමවකු ලෙස කොරියානු යුද්ධය වෙනුවෙන් සේවයට එක්වෙනවා.. :yes:

    එහිදී ඔහු ඇමරිකානු නාවික හමුදාව වෙනුවෙන් ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙස මෙහෙයුම් 78 සහභාගී වී ඇත.:P

    යුද්ධයෙන් පසුව නැවත Purdue විශ්වවිද්‍යාලයට ඇතුලත්ව තම උපාධිය සම්පුර්ණ කරන ඔහු ප්‍රශ්චාත් උපාධිය Southern California විශ්ව විද්‍යාලයෙන් ලබා ගන්නවා..:yes:

    ඉන් අනතුරුව පරීක්ෂක ගුවන් නියමුවකු ලෙස නාසා ආයතනයට සම්බන්ධවන ඔහු එහිදී විවිධ වර්ගයේ අභ්‍යාවකාශ හා ගුවන් යානා 200 වැඩි ප්‍රමාණයක් අත්හදා බලා ඇත. :rolleyes:
    Chamikawpblogspotcom14-8.jpg

    1962 දී නාසා ආයතනයේ ගඟනගාමී ලැයිස්තුවට ඔහු ඇතුලත් විය.

    ඇපලෝ 8 යානය 1968 දී සඳවටේ වට 10 ගිය යා‍නයේ අතිරේක අණදෙන නිලධාරීයා වශයෙන් කටයුතු කරන්නට වුනා.:yes:

    Chamikawpblogspotcom15-7.jpg


    නීල් ආම්ස්ටෝන් මහතා ඇතුලු ඇපලෝ 11 යානයේ නායකත්වය දැරු ඔහු 1969 ජුලි 20 දින සඳ මතට ගොඩබසිමින් එහි ඔහුගේ වම් පාදය සද මත තබමින් එඩ්වින් බස් ඕල්ඩ්‍රින්ස් හා පැය තුනකට ආසන්න කාලයක් සඳ මත සිටියා..... :D

    සැතපුමක් ඉහලින් යානය පදවමින් ගුවනේ සිටයේ මයිකල් කොලින්ස් විසිනි. :yes:
    Chamikawpblogspotcom9-20.jpg


    Lunar යානයේ සදහන් කොට තිබු එවකට ජනපති රිචඩ් නික්සන් මහතාගේ පණිවිඩයද ඔවුන් විසින් කියවන ලදි. ඒ පණිවිඩය මෙසේයි.

    “Here men from the planet earth first set foot upon the moon july 1969 and we came in peace for all man kind”
    සඳ මත තම වම්පාදය තබා

    Chamikawpblogspotcom4-45.jpg

    නීල් ආම්ස්ටෝන් විසින්
    “That’s one small step for man, One Giant leap for mankind”
    යනුවෙන් පවසා ඇත.
    :D
    සඳ ගමනට පසුව දින 45 ක් පුරා විවිධ ජාතීන් 22 ක් හමුවෙමින් ලොව වටා ගිය සංචාරයේ දී ඔහුට දෙවන එළිසබෙත් රැජිණ මුණ ගැසීමට හැකියාව ලැබුනි. :yes:

    Chamikawpblogspotcom5-40.jpg
    සඳ ගමනේ 40 සංවත්සරයේ දී නීල් ආම්ස්ටෝන් හට ඇමරිකානු වත්මන් ජනපති බැරක් ඔබාමා වද හමුවීමේ අවස්ථාවද ලැබී තිබුනා.:yes:


    Chamikawpblogspotcom3-48.jpg

    දන්නවද?? :nerd:

    ඇපලෝ 11 යානයට අමතරව පසුව සඳ මතට නාසා “ඇපලෝ” වැඩසටහනේ යානා 6 ක් ගමන් කර ඇති අතර,ගඟනගාමීන් දොලොස් දෙනෙකු සඳ මත ඇවිද ඇතැයි පැවසුවහොත් සමහර විට ඔබ පුදුම වේවි... :P

    එයින් අට දෙනෙකු තවමත් ජීවත් වෙනවා... :D
    මොකද බොහෝ විටම අපි අසන්නේ හා ප්‍රසිද්ධ ඇපලෝ 11 යානය ගැන හා එහි ගමන් කල නීල් ආම්ස්ටෝන් හා ඔහුගේ කණ්ඩායම ගැනය..:rofl:
    එය ඒ තරමටම ප්‍රසිද්ධ ඔහු සඳ මත පා තැබු ප්‍රථම පෘතුවි වාසියා නිසායි. :yes:
    මේ තියෙන්නේ ඒ ගඟනගාමීන් ගැන වු කෙටි විස්තර ටිකක් ඔබේ දැනුමට... :yes:

    Chamikawpblogspotcom1-55.jpg
    ඇපලෝ 11 යානයෙන් 1969 ජුලි මස 21 දින බස් ඇල්ඩ්‍රින් සද මත පා තැබු අතර ඔහුගේ 82 උපන්දිනය නීල් ආම්ස්ටෝන් සමඟම පසුගිය ජනවාරී මාසයේදී සමරා තිබුනා. :yes:
    ඇපලෝ 12 යානයෙන් 1969 නොවැම්බරයේදී සඳ මත පා තැබීමට දැන් වයස 80ක් වන Alen bean ට හැකියාව ලැබුනු අතර ඔහුගේ සඟයා වු Pete Conard වයස අවුරුදු 69 ක් ‍වී 1999 දි මිය ගියා.
    1.gif
    Edgar Mitchell 1971 පෙබරවාරී මාසයේ සඳ මත පා තැබු අතර මේ වන විට වයස අවු.82 කි. :yes:
    ඇපලෝ 15 යානයෙන් සඳ මතට ගිය David Scott ජුනි මසදී ඔහුගේ 80 වැනි උපන්දිනය සමරා තිබුනා.:yes:

    1972 දී ඇපලෝ 16 යානයෙන් සඳ මත පා තැබු John W.Young ට දැන් අවුරුදු 81 වන අතර ඔහුගේ සඟයා වු හා වයස අඩුවෙන්ම සඳ මත පා තැබු පුද්ගලයා ලෙස හදුන්වන Charles Duke ට දැන් වයස 76 ක් වන අතර ඔහු සඳ මත පා තබද්දී වයස අවුරුදු 36 ක් වුනා. :D
    ඇපලෝ 17 නාසා ඇපලෝ ව්‍යාපෘතියේ අවසාන යානය වු අතර එය 1972 දෙසැම්බර් මාසයේ 14 වැනිදා සඳ මතට ළගාවු අතර එහි ගමන් කළ Eugene Cernan ට දැන් අවුරුදු 78 වන අතරම ඔහුගේ සඟයා වු Harrison Schmitt ට වයස අවුරුදු 77 කි. ‍ඔවුන් දෙපලම තවමත් ජීවත් වේ.:D

    එලෙසම පසුගිය සඳ මත පා තැබීමේ 43 වැනි සංවත්සරය වෙනුවෙන් නාසා ආයතනය Lunar reconnaissance Orbiter Camera
    ( LROC) කැමරාවෙන් ගනු ලැබු ජයාරෑපයන් හි අවුරුදු 40 ක් ගත වුවත් තම ජාතිය අභිමානය වෙනුවෙන් ඇපලෝ සඳ ගමන් 06කදී සදෙහි පිහිටවු කොඩි

    Chamikawpblogspotcom11-13.jpg

    තවමත් එහි තිබෙන බව ලුනාර් චන්ද්‍රිකා වැඩසටහනේ ප්‍රධානී Mark Robinsion පවසා සිටියා. :baffled::baffled:

    ඇපලෝ 16 හා 17 යානා වලින් සිටවු කොඩි පිළිබඳ දක්වන ජායාරූපයන්...:D
    Chamikawpblogspotcom7-32.jpg


    සඳ ගමනේ විත්ති එහේම වෙද්දී එකල ශ්‍රී ලංකාවේ පුවත්පත් මගින්ද සඳ ගමන පිළිබඳව විශාල ප්‍රචාරයක් ලබා දුන්නා.. :P
    මේ තියෙන්නේ අන්තර්ජාලයෙන්ම හොයා ගත්ත “දිනමිණ” පුවත්පතේ සිරස්තල කිහිපයක්.. ;)

    බලන්න! :D
    Chamikawpblogspotcom6-37.jpg


    මේ සඳ ගමන ලොව පුරා බිලියන භාගයකට අධික පිරිසක් කලු සුදු රෑපවාහිනියෙන් නරඹා තියෙනවා..:D
    විශ්වයේ අවසාන සිංහල වචනය “ආයුබෝවන්“ වේවිද?? ඒ ගැන බලන්න මෙතනින් පුළුවන්..... :yes:


    Chamikawpblogspotcom12-10.jpg


    සඳ ගමන 20 සැමරුම් අවුරුද්ද වෙනුවෙන් වු සිහිවටන මුද්දර 04ක් ද ශ්‍රී ලංකාවෙන් නිකුත් කර තිබෙනවා... :D


    නාසා ආයතනය කියුරියෝසිටි යානයේ රහස් එලිකරයි..ඒ ගැන හෙව්වොත් නරකද??



    මේ තියෙන්නේ චාමිකයාගේ මුද්දර එකතුවෙ ති‍යෙන මුද්දර දෙකක්... :P



    Chamikawpblogspotcom2-51.jpg

    දැන් නම් ඉතින් සද ගමන් ගැන නම් කතා කරන්නේ නෑ... :P

    මොකද කට්ටියම අඟහරු ගැන නේ කතා කරන්නේ!! ‍ :D
    කෝම වුනත් මේ කරුණු කාරනා කියෙව්වම ආම්ස්ටොන් මහත්තයාගේ පවුලේ කට්ටිය කිව්වා වගේම අපිටත්
    “ඊළඟ පාර හඳ දැක්කම නිල් ආම්සටෝන්ව මතක් වෙයි නේද? :yes:
    “Next time you see the moon,think of neil
    and give him a wink” :D


    [FONT=&quot]
    [/FONT][FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්! [/FONT]
    11.gif

    [FONT=&quot] චාමිකයගේ බ්ලොග් ඉසව්ව


    [/FONT]​
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mahansi una eka honday.. but machan..kawadawath kawuruth handata gihilla ne.. eeka thamay eththa. kotinma mama tv eke weda satahanak dekka, eeke ekek Neil Amstrong gawata gihilla uuta kiyanawa "Bible" eka uda atha thiyala diwuranna kiyala handata giya kiyala. uu eeka kare ne..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    fatta wenada wagema supiri thard ekak katha dekak naha elakiriye hodama thraed danne oyaa thamyi boss rep lagadi dunna nisa denna bahalu
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ZtKZv.jpg


    The Apollo 11 Lunar Module ascent stage, with Astronauts Neil A. Armstrong and Edwin E. Aldrin Jr. aboard, is photographed from the Command and Service Modules in lunar orbit. This view is looking west with the earth rising above the lunar horizon. Astronaut Michael Collins, command module pilot, remained with the Command/Service Module in lunar orbit while Armstrong and Aldrin explored the Moon.
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Mahansi una eka honday.. but machan..kawadawath kawuruth handata gihilla ne.. eeka thamay eththa. kotinma mama tv eke weda satahanak dekka, eeke ekek Neil Amstrong gawata gihilla uuta kiyanawa "Bible" eka uda atha thiyala diwuranna kiyala handata giya kiyala. uu eeka kare ne..

    GONA UNATA UMBAAAAA.... KIYANNA EPA BAN. Nodanna deyak thiyanawanam igana ganin me thaakshanaya pa vich chi karala....