NERO අසමසම සැගවුණු වෙඩික්කරු

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    NERO අසමසම සැගවුණු වෙඩික්කරු

    55584931970307811980810.jpg






    කොටි ත්‍රස්තයන් 400 කට වැඩි ප්‍රමාණයක් තනිවම මරු තුරුලට යැවූ අසහාය අසමසම සැගවුණු වෙඩික්කරු(Sniper) කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි (corpral Ranjith premasiri )හෙවත් නීරෝ(Nero) ,.......

    එදා හෙළ රජ සමයේ සිටි අපගේ උත්තරීතර මාතෘ භූමියට එල්ල වූ සතුරු ප්‍රහාරවලින් අප රට මුදවා ගැනීමට දිවි හිමියෙන් සටන් කල රණශුරයන් මේ රට සිටියහ,..

    එදා රජ සමයේ අප රට සතුරු ආක්‍රමණවලින් මෙරට මුදවා ගත් ශ්‍රේෂ්ට නරපතියෙකි දුටුගැමුණු රජතුමා ,එතුමාගේ හමුදාවේ සිටියේ ශ්‍රේෂ්ටතම දුනු වයා වුයේ සුර නිමලය,.
    .වැලි මිරිකා වතුර ගත් සිංහලයට කල නොහැක්කක් නොමැති බවට පෙන්නු අද කාලේ නීරෝ,සුර නිමල කෙනෙක් විය ,.

    ශ්‍රී ලංකා මාතාවට උත්තරීතර නිදහස ලබා දුන් මානුෂීය මෙහෙයුමේදී සැගවුණු වෙඩික්කරුවන් කල මෙහෙය අති විශිෂ්ටය,.

    සැගවුණු වෙඩික්කරුවෙකු(Sniper) යනු සැගව සිට තම සහයක බට පිරිස් වෙත ඉදිරි පෙළ සතුරු ඉලක්ක විනාශ කරමින් අනගි සහයක් ලබා දෙන අති දක්ෂ වෙඩික්කරුවෙකි,..

    කැපවීම,අදිෂ්ඨානය,.ඉවසීම,හැකියාව සැගවුණු වෙඩික්කරුවෙකු සතු ගුණාංග කිහිපයකි, ,..

    කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි යනු තම රාජකාරිය විශිෂ්ට ලෙස අකුරටම ඉටු කල අති දක්ෂ (sniper )සෙබළෙකි..නීරෝ(Nero) යනු ඔහුට ලබා දී තිබු අනුවර්ත නාමයයි..නීරෝ ශ්‍රී ලංකා යුධ හමුදාවේ වීශිෂ්ට සම්පතක් විය..ඒ ඔහු කොටි ත්‍රස්තවාදීන් සිය ගානක් විනාශ කර ඇති නිසාවෙනි.නීරෝට තම ඉලක්කය කිසිදාක වැරදුනේ නැත,ඒ ඔහුට ඔහු ගැන දැඩි විශ්වාසයක් තිබු නිසාවෙනි.,

    තමන් උපන් මත්තෘ බුමියේ රැකීමට ඔහු තුල තිබු අසාව නිසාම ඔහු තම 1991 පෙබරවාරි 12,එනම් ඔහුගේ 22 වෙනි වියේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් විය ,.අනතුරුව යුධ හමුදා පුහුණුවෙන් පසුව ඔහු යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ 5 වැනි බල ඇණියට අනියුක්ත වුනෙය,මානුෂිය මෙහෙයම මුල සිටම කොප්‍රල් රංජිත් ඇතුළු සැගවුණු වෙඩික්කරුවන්ගෙන්(snipers ) ලැබුනේ අති විශිෂ්ට සහයකි,.

    අලිමංකඩ මුදා ගැනීමේදී,වන්නේයික්කුලම් දැවැන්ත පස්ස බැම්ම මුදා ගැනීමේදී,පරන්තන් මුදා ගැනීමේදී,ඔහු අතිශය දක්ෂ ලෙසේ තම සැගවුණු වෙඩි බලය උපරමියෙන් ලබා දී බුමියේ අනෙකුත් බටපිරිස්වලට අනගි සහයක් ලබා දුන් මෙහෙයුම් කිහිපයකි,.

    අනතුර පෙනෙන මානයේ සිටියද රංජිත්ට තමන් ගැන දැඩි විශ්වාසයක් තිබුණි.වන්නි මානුෂිය මෙහෙයුමේ අවසන් දිනවල LTTE බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් විශාල ලෙස වැල නොකැඩි ශ්‍රී ලංකා හමුදාවන් වෙත පිහිට පතාගන එන්නට විය,.හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන පරාජයෙන් වියරු වැටීගන සිටි LTTE ත්‍රස්තයන් විරෝදාර ශ්‍රී ලංකා හමුදාව වෙත ප්‍රහාර එල්ල කිරීමේ නිවට නින්දිත උතසහයක යෙදෙන්නට විය.එබැවින් පුදුමාතලන් ප්‍රදේශයේ ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්‍රස්තවාදීන් ඉලක්ක කරගන ප්‍රහාර එල්ල කරීමේ බාර දුර කාර්යය කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරිට පැවරිනි...

    හමුදාව වෙත එන ප්‍රාණ ඇපකරුවන් අතරේ සැගවිගන එන ත්‍රස්තයන් එලක්ක කර ගැනීම සැබවින්ම ඉතාමත් අසීරුය. එත් රන්ජිත් ප්‍රේමසිරිනම් අසහාය අසම සම වෙඩික්කරුවා සතු හැකීයාව නිසා ඔහුට එම කාර්ය කිරීම හැකියාව තිබුණි.

    එත් අවාසනාවන්ත ලෙස නොසිතු මොහොතක LTTE සැගවුණු වෙඩික්කරුවෙකුගේ ඉලක්කයකට රන්ජිත් ප්‍රේමසිරි හෙවත් නීරෝ (nero) හසුවීම නිසා මෙමෙ අසම සම අති විශිෂ්ට රණශුරයට තම මත්තෘ බුමිය උදෙසා 2009 අප්‍රියල් 28 උදැසන එනම් ජීවිතේ 41 වන වියේදී ජීවිතේ පුද කරන්නට සිදු විය,..
    ඔහු තම හමුදා දිවියේදී ඔහු මිය යන මොහොත දක්කවා ලංකා මාතාව වෙනුවෙන් කලේ උත්තරීතර මෙහෙයකි,.

    දරුවන් තුන් දෙනෙකුගේ සෙනෙහෙබර පියෙක් වූ,බිරිදකගේ සෙනෙහෙබර සැමියෙක් වූ කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි තම මත්තෘ භූමිය උදෙසා එලෙස තම ජීවිතය පුජා කලේය.
    දරුවන් තම පවුල පිලිබදව කොතරම් සොදුරු බලාපොරොත්තු තිබුනත් තම රට ජාතිය නිදහස සැමදේටම වඩා උතුම් බව සලකු මෙම උත්තම පුරුෂය රට වෙනුවෙන් තම උපරිම කැපවීම සිදු කලේය.

    කෝප්‍රල් රන්ජිත් මිය යන විට රණබිමේ දැක්වූ වීර වික්‍රමාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රම විභූෂණ,රණවික්‍රම ,,රණශුර උපහාර පදක්කම් පිරි නැමීමට නිර්දේශ කර තිබුණි.
    එසේම උපන් රටට ශ්‍රී ලංකා හමුදාවට ඔහු සිදු කල මෙහෙය උදෙසා පුර්ණ බුමි,උතුරු නැගෙන හිර සංග්‍රාමික ,50 වන නිදහස් සංවත්සර,50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්ති ,රිවිරැස හා දේශ පුත්‍ර සම්මානයෙන්ද මෙම රණවිරුවා පිදුම් ලබා සිටියේය..
    සැමදෙටම වඩා තමන් උපන් රට ජාතිය උතුම්ව සලකු මෙවැනි රණවිරුවන් අද ශ්‍රී ලංකික සමාජයෙන් ගරු බුහුමන් ලැබිය යුතුය,එත් අද ශ්‍රී ලංකික බොහෝ දෙනාට රණවිරුවන් කල කැපවීම අමතක වී තිබීම සැබවින්ම සෝචනීයයි,........:(



    බුකියේ තිබ්බේ
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ඔබව කිසිදා අමතක නොවේ නීරෝ ! . අපෙ උන්ට මෙවා මතක් වෙන්න ඉදල හිටලා හරි නූලක් දාන එක ලොකු පිනක්.

    රෙප් 5
     
    • Like
    Reactions: S.L.F.B.I

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    ඔබව කිසිදා අමතක නොවේ නීරෝ ! . අපෙ උන්ට මෙවා මතක් වෙන්න ඉදල හිටලා හරි නූලක් දාන එක ලොකු පිනක්.

    රෙප් 5


    අපි දෙවිවරු වගේ මිනිස්සුන්ව කවදාවත් අමතක කරන්න හොද නැ බන්
    ඒ දවස් වල වගේම හැමදාමත් මෙයාල අපිට දෙවිවරු වීරයෝ කියන
    හැගීම අපේ පපුවේ තියාගන්න ඕන එහම කලේ නැත්තන් අපිට හෙන ගහයි
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මේවා දැක්කම දුකයි සහෝ
    එපමණ අයුරින් ජීවිතය කැපකළ මේ උතුම් රණවිරුවන්ගේ ලය පසාරු කර යවන්න උණ්ඩ ගෙනාපු එකා අද සුර සැප විදිනවා
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0

    අපි දෙවිවරු වගේ මිනිස්සුන්ව කවදාවත් අමතක කරන්න හොද නැ බන්
    ඒ දවස් වල වගේම හැමදාමත් මෙයාල අපිට දෙවිවරු වීරයෝ කියන
    හැගීම අපේ පපුවේ තියාගන්න ඕන එහම කලේ නැත්තන් අපිට හෙන ගහයි

    :yes::yes::yes: