NEW TOYOTA CONCEPT CAR

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    att00001tm.jpg


    බොහෝ දෙනා ස්මාර්ට් ෆෝන් ජංගම දුරකථන වලට කැමැත්තක් දක්වනවා. එමෙන්ම ඒ වාගේම පිරිසක් මෝටර් රථ වලටත් කැමත්තක් දක්වනවා. මේ කරුණු ගැන සැලකිලිමත් වුනු ටොයෝටා සමාගම පසුගිය දා ලොස් ඇන්ජලීස් නගරයේ පැවති මෝටර් රථ ප්‍රදර්ශණයේ දී අපූරු මෝටර් රථයක් එළිදැක්වූවා. ඒ ජංගම දුරකථනයක මෙන් ස්පර්ශ සංවේදී මතුපිටකින් නිමවුනු සුපිරි මෝටර් රථයක්. Fun-Vii ලෙසින් නම් කොට ඇති මෙම මෝටර් රථයේ බාහිර මතුපිට මෙන්ම අභ්‍යන්තර මතුපිට ද අති විශාල ස්පර්ශ සංවේදී තිරයකින් නිමවා ඇති නිසා විවිධ වර්ණ, විවිධ රටා මෙන්ම විවිධ ජායාරූප පවා එහි දර්ශණය කළ හැක. ඊටත් අමතරව එම තිරයේ ඔබගේ ෆේස්බුක් මිතුරන්ගේ තොරතුරු වැනි දේ පවා දර්ශණය කිරීමට හැක.
    එසේම මෙය අනගත මෝටර් රථය ලෙස හැදින්වීමට ටොයොටා සමාගම කටයුතුකර ඇත.එබැවින් මෙහි අනාගතලෝකයට ගැලපෙන සියලු පහසුකමක්ම අඩන්ගු කිරීමට ටොයොටා සමාගම කටයුතුකර ඇත. මෙහි සාමාන්‍ය ඉදිරිපස වීදුරුව වෙනුවට විනිවිද පෙනෙනා ස්පර්ශ සන්වේදී තිරයක් යොදා ගනී. එම තිරට මත ඔබගේ කාරය පිලිබඳ සියලු තොරතුරු මෙන්ම සිතියමක්ද දිස්වේ. එසේම ත්‍රිමාන හොලෝගෑම් ගමන් සහයිකාවක් ද ඔබට ලබෙන අතර ඇය ඔබගේ සුවපහසු ගමනට අවැසි සියලුම පහසුකම් සපයනු ඇත. සම්පූර්න මෝටර් රථයම ස්පර්ශ සන්වේදී තිරයකින් නිමවා ඇති නිසා වාහනයේ වර්නය සැනෙකින් වෙනස්කල හැක.ඒසඳහා ඉතා හුරුබුහුටි ස්පර්ශ සන්වේදී දුරස්ත පාලකයක් ද ඔබට ලැබේ.
    කෙසේ වෙතත් මෙම නිර්මාණය තවමත් මූලාකෘතියක් පමණක් නිසා එහි තාක්ෂණික හා යාන්ත්‍රික තත්වය පිළබඳව මෙතෙක් අදහසක් දක්වා නැත.



    att00002z.jpg


    att00003g.jpg


    att00007g.jpg


    att00008q.jpg


    att00009bv.jpg


    att00010e.jpg


    att00011x.jpg


    att00012j.jpg


    image001fw.jpg


    image002ki.jpg


    image003zz.jpg


    Repost නම් Sorry...

    හොඳනම් සලකල යන්න ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නිර්මාණය හොද වුනාට..
    වෙළද පොළට එන්න නම් තව කාලයක් බලාගෙන ඉන්න වෙයි..
    අඩුම තරමින් තව අවුරුදු 25 - 30 ක් වත් යයි මම හිතන්නේ.