New Wi-Fi Zone in Sri Jayawardenapura Kotte

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව මගින් ඇතිකරනු ලබන පළමු නිදහස් සයිබර් කලාපය හෙවත් වයිෆයි කලාපය අද (25 වැනිදා) සවස 4.00 ට ජනතා අයිතියට පත්කෙරේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් සමග ඒකාබද්ධ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම වයි ෆයි කලාපය වැලිකඩ සිරි පැරකුම්බා සාම උයනල නමින් නම්කර තිඛෙන බවද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා පෙරේදා (22 වැනිදා) පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

    රුපියල් ලක්ෂ 300 ක වියදමින් ඉදිකර ඇති මෙම වයි ෆයි කලාපය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා බල ප්‍රදේශය තුළ වෙසෙන ඕනෑම පුද්ගලයකුට නිදහසේ අන්තර්ජාලයට පිවිසීමේ පහසුකම් සපයනු ඇත.

    මෙවැනි වයිෆයි කලාප හෙවත් නිදහස් සයිබර් කලාප තුනක් ඇති කිරීමට කෝට්ටේ නගර සභාව සැලසුම් කර ඇතැයිද නගරාධිපතිවරයා කීය.

    ලෝකය නවීන තාක්ෂණයත් සමග ඉදිරියට ගමන් කරද්දී ශ්‍රී ලංකාවේ අගනගරය වන ඓතිහාසික කෝට්ටේ ජනතාවට එම තාක්ෂණය පරිහරණය කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ලක්ම සපයාදීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකන බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.

    පසුගිය අගෝස්තු මාසයේ සිට මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. මෙම නිදහස් සයිබර් කලාප මගින් ග්‍රාමසේවා වසම් 20 ක් ආවරණය කිරීමට කෝට්ටේ නගර සභාව බලාපොරොත්තු වේ.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා මෙසේද කීය.

    වැලිකඩ සිරි පැරකුම්බා සාම උයන ළමා උද්‍යානයත් සමග නිදහස් සයිබර් කලාපය ඉදිකිරීමේ ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ තුන්සියයක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිඛෙනවා.

    ඒ වගේම නගර සභා සේවකයන් පළමු වතාවට දිවා රෑ නොබලා මෙහි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් උනන්දුවෙන් සහභාගිවීම ගැන මම ඒ අයට විශේෂ ස්තුතියක් පුදකරනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංග සම්පූර්ණ අගනගරයක් බවට පත්කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය හා එක්ව ගෙනයන වැඩපිළිවෙළේ එක් අංගයක් හැටියට මෙම නිදහස් සයිබර් කලාප සඳහන් කළ හැක.

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

    Source : Inside Lanka of Gossip Lanka News

    නිදහස් කියලා මුන් අදහස් කරන්නේ "ඕනෙ එකෙක්ට සල්ලි දීලා නිදහසේ පාවිච්චි කිරීම" ද දන්නේ නෑ :confused::confused:
     
    • Like
    Reactions: cybershot

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mamath hithuwa me rajagiriye mun mechchara wiyadam karana podi idam kaallaka mona magulakda me gahanna yanne salli aparaade kiyala..!!!

    bakan yaddi wade hondayi ne..!!
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    SLT eken gehuwata kotte municipal council eken slt ekata gewanawa aththe free kiwwata asawata page ekak wath load wenne nethi speed enwa aththe