NFT වලට Tool Box එකක්

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,251
    1,104
    113
    CC - NFT Tool Box

    මොකද්ද මේ.


    CC - NFT Tool Box
    CC-TB.png


    මේක Designer කෙනෙක් විදියට NFT එකකින් ප්‍රොෆිට් කරන තැනට වෙනකන් Art work එක හැදුවට පස්සෙ Developer කෙනෙක්ගෙ උදව්වෙන් කරගන්න තියෙන සියලුම වැඩ කරගන්න පුලුවන් වෙන්න ප්ලෑන් කරල තියෙන CLI ටූල් එකක් (දැනට ඉස්සරට GUI එකක් එනව).



    මේක මට ක්ලයන්ට් ප්‍රොජෙක්ට් එකක් නිසා inspired වෙච්ච tool එකක්. මේක කරගෙන යන අතරෙ මම දවස් කීපයකට කලින් NFT Tools ගැන පොඩි රිසර්ච් එකක් කරා.
    ඇත්තටම ඒකෙදි මට දැනගන්න ඕනි උනේ එහෙම performance ගන්න පුලුවන් tool එකක් තියෙනවද කියන එක සහ දැනට භාවිතා කරන tool වල තියෙන අඩුපාඩු. ඒකෙදි මට ගොඩක් අය සපෝට් කරා ඒ ඔක්කොටම ගොඩක් ස්තූතියි.

    එතනින් මට දැනගන්න පුලුවන් වෙච්ච දේවල් වල හැටියට Designer කෙනෙක්ට තමන් හදන Design එක NFT Collection එකක් බවට පත් කරගන්න එක ගොඩක් අමාරු වැඩක්.
    ඉතින් මම එතනින් එකතු කරගත්ත දේවල් ඒ වෙනකොටත් අපි නිර්මාණය කරමින් තිබ්බ මෙන්න මේ CC - NFT Tool Box කියන CLI App එකට එකතු කරා.


    කියන්න සතුටුයි නිර්මාණය කරපු CC - NFT Tool Box එක දැනට collection generate කරගන්න පුලුවන් වෙන්න තියෙන ඕනිම tool එකකට script එකකට වඩ ඉක්මනට පහසුවෙන් කරගන්න පුළුවන් විදියෙ tool එකක්.

    මෙතනි එහාට කියවන්න කම්මැලි වගේ නන් කෙලින්ම විඩියෝ එක බලන්න.
    😃


    https://www.youtube.com/watch?v=BTGnktPPzrY


    CC - NFT TOOLBOX එකේ දැනට තියෙන FEATURES
    • Initialize project
    • Generate NFT Art collection (images, metadata)
    • Get Rarity Table
    • Get Project Summary
    • Regenerate Project without changing Art
    මීට අමතරව එදා අහපු විදියට දැනට තියෙන හැම tool එකක්ම script එකක්ම ලොකු වෙලාවක් ලොකු computational power එකක් ගන්නව. මේ CC - NFT Tool Box එකෙන් ඇත්තටම ලොකු performance වෙනසක් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි.

    Avg - 3000X3000 resolution තියෙන collection එකක් Hashlips වලින් generate කරන්න පැය කීපයක් (12) ක් විතර යන එකක් විනාඩි 30කට අඩුවෙන් කරගන්න පුලුවන්.
    ඒක එහෙම වෙන්න හේතුව තමා ඒ ටූල් ස්ක්‍රිප්ට් එකකවත් ප්‍රෆෝමන්ස් පැත්ත ගැන කල්පනා කරල තිබ්බෙ නැති එක. මේකෙ මම විශේෂයෙන්ම ඒ ගැන වද වෙලා හැදුව.


    මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන tool එකක් මේකත් එක්ක තව ගොඩක් Features ඉස්සරහට එන්න තියෙනව ඒ ඔක්කොම මේ Video එකේ කතා කරල තියෙනව.
    මේකෙ වැදගත්ම දේ තමා ඔයාලගෙන් ලැබෙන අදහස් යෝජනා චෝදනාවලින් මේ CC - NFT TOOL BOX එක තව වැඩි දියුණු කරනව. එතකොට ඒ දේවල් අනාගතේදි ඔයාලටම ආයෙ භාවිතා කරන්න පුලුවන් නොමිලේම. ඒ නිසා ඔයාගෙ පොඩි කමෙන්ට් එකක් උනත් සෑහෙන්න වටිනව.


    මේකෙ බිස්නස් මොඩල් එක දැනට රිලීස් කරල නෑ. කොහොමත් ලයිෆ්ටයිම් මේ CLI ටූල් එක නන් ෆ්‍රී කියන එක කියන්න පුලුවන්. තව ටික දවසකින් ඒක Open source project එකක් විදියට රිලීස් කරන්නත් ප්ලෑන් එකක් තියෙනව.

    තව දෙයක් කාට හරි මේ tool එකේ custom changes කරපු version එකක් ඕනි නන් message එකක් හරි comment එකක් හරි දාන්න.

    එහෙනන් මම හිතනව මේ tool box එකෙන් ඔයාටල තව අලුත් නිර්මාණ ගොඩක් කරගන්න පොඩි උදව්වක් ලැබෙයි කියල.
    ස්තූතියි.


    PS - මේක මම AI ගැන කතා කරන චැනල් එකේම දාන්න හේතුව මේකෙ ඉස්සරහට එන්න තියෙන feature එකක්.
     
    Last edited:

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,465
    113
    Colombo
    supiri kollo
    art hakiyawak layers hadanna hakiyawak nati kenekta collection ekakma genarate karanna pluwan mokak hari feature ekakuth add karanna bari weida
     
    • Haha
    Reactions: hancok

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,251
    1,104
    113
    supiri kollo
    art hakiyawak layers hadanna hakiyawak nati kenekta collection ekakma genarate karanna pluwan mokak hari feature ekakuth add karanna bari weida
    එයාලට Art work ටික වෙන කාගෙන් හරි හදාගෙන මේකෙ තියෙන විදියට දාල තමා ගන්න වෙන්නෙ.

    එහෙමත් නැතුව බලමු ඔය අන්තිමට කියල තියෙන AI feature එකෙන් මොකවත් කරන්න පුලුවන්ද කියල. :D
     
    • Love
    Reactions: Rowdy Baby

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,465
    113
    Colombo
    එයාලට Art work ටික වෙන කාගෙන් හරි හදාගෙන මේකෙ තියෙන විදියට දාල තමා ගන්න වෙන්නෙ.

    එහෙමත් නැතුව බලමු ඔය අන්තිමට කියල තියෙන AI feature එකෙන් මොකවත් කරන්න පුලුවන්ද කියල. :D
    good luck sago
     
    • Love
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,251
    1,104
    113
    Tool pm please. Great work
    අඩේ ඔක්කොම වීඩියෝ එකේ තියෙනව. මේක බලලම කරගන්න මචන්. නැත්තන් එකපාරම වැඩේ කරගන්න අමාරු වෙයි.



    හොරණ කොල්ලෙක්නෙ. එල එල බං.
    :D
    ------ Post added on Feb 27, 2022 at 7:56 AM
     
    • Like
    Reactions: SpinXO