මගේ යාලුවෙක් පාවිච්චි කරනව Nissan Leaf එකක්. පොර ළඟදි දවසක සෙට් වෙලා ඕකෙ සම්පූර්ණ විස්තරය කිව්ව.
මෑන්ස් කිව්ව විදියට නම් ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන ගත්තලු. ඒත් පස්සෙ මේ ආණ්ඩුවෙන් ලොකු ටැක්ස් එකක් ගහපු කතාවක් කිව්ව බැට්රි වලට. ඒ නිසා බැට්රි ගෙන්නන්නෙ නෑලු. වාහනයක් ගත්තොත් ගත්තමයි. ආයිත් බැට්රි පැක් එක ඉවර උන ගමන් වාහනේ වීසි කරන්න වෙන්නෙ(දැන් තියෙන තත්වය අනුව)
ඉස්සර චාර්ජින් පොයින්ට් හැදීගෙනලු ආවෙ හැමතැනම. අර ගත්ත ගොන් තීන්දුව නිසා ලීෆ් ගෙන්නන්න බය උනාලු මිනිස්සු ඒ නිසා ඒවත් ඔක්කොම හදන එක නැවතුනාලු.
මෑන්ස්ට නම් මේ වාහනේ සුපිරියිලු. හේතු කිව්වෙ,
ඉන්ජින් එකේ Vibration, Sound මුකුත්ම නැති නිසා පට්ටම Comfortable ලු. ඒක යුරෝප් වාහනයක ගාණට කිට්ටුවෙන් යනව කියල තමයි කිව්වෙ.
අනිත් එක එයා දවසට කිලෝ මීටර් 100කට කිට්ටු වෙන්න යනවලු. ඒත් කිසිම සර්විස් එකක් මුකුත්ම කරන්න ඕන නෑලු. ටයර් 4 මාරු කරපු එකයි තව පොඩි වැඩ වගයක්ලු කරේ.
ඊට පස්සෙ තෙල් වල ලාභයක් උපරිමයිලු. මොකද එයා දවසට 100කට කිට්ටු වෙන්න දුවන නිසා සාමාන්‍ය පෙට්‍රල් වාහනයක් ගත්තනම් ලක්ෂෙකට කිට්ටු වෙන්න තෙල් වලට යනව නේ. ඒත් මේකට යන්නෙ මාසෙටම කරන්ට් බිල 7-8ක් වගේලු. ඒකත් අර අලුත් කරන්ට් මීටර් එක ගත්ත නිසා පරණ මීටර් එකේ නම් 20කට එහා පැත්තෙ බිලක් ආව කිව්ව
එකම අවුල පාවිච්චි කරල වාහනෙ විසි කරන්න වෙන එකලු. ඒත් අර වගේ සෑහෙන්න වාහනේ පාවිච්චි කරන කෙනෙක්ට නම් විසි කරත් පාඩුවක් නෑලු.
එයා ගත්ත කාලෙ ෆුල් චාර්ජ් කරල කිලෝ මීටර් 160ක් දිව්වලු(හරියටම මතක නෑ බං) දැන් අරගෙන අවුරුදු 4ක් වගේ ඇති දැන් දුවන්න පුලුවන් 120ක් වගේලු. ඒ විදියට කිලෝ මීටර් ගාන අඩුවෙලා ඕක 60 පැනපු ගමන් වගේ වාහනෙ අයින් කරන්න වෙනවලු බං.
අර කාලකණ්නි ටැක්ස් එක අයින් වෙලා බැට්රි ගෙන්නන්න ක්‍රමයක් ආවොත් මේක කිසිම වාහනේකට සම කරන්න බැරි සුපිරිම වාහනයක් වෙයි කියල තමයි කියන්නෙ