වාහනේ හොදයි මචන්...ගන්නවා නම් 2014 වගේ එකක් ගන්න...Grades තියෙනවා මේවගේ...AZEO සහ ZEO කියලා models දෙකක් එනවා...AZEO එකේ 180KM යන්න පුළුවන්..අනිත් එකේ 260KM පුළුවන්..2015/2016 models ලංකාවට ගෙනෙල්ලා නෑ තාම tax හින්දා..
වාහනේ සැප පහසුව හොදයි.ඇතුලේ යනකොට කිසිම සද්දයක් දැනෙන්නේ නෑ ..seat එහෙම පට්ටම comfortable.ලංකාවේ ගෙදරදී 220V power line නිසා 4.5hrs වලින් ෆුල් චාර්ජ් වෙනවා..චර්ජින් පොයින්ට් වලින් නම් 20-40 mins වගේ යනවා..චාර්ජින් පොයින්ට් වල unit එකක් රු 50යි ...ෆුල් චාර්ජ් වෙන්න සාමාන්‍යයෙන් unit 20 ක් යනවා...
එක චාර්ජ් එකකින් AC දාලා 150KM මම ගිහිල්ලා තියෙනවා..එකෙන් 40km විතර කඳුකරයට ...වාහනේ start කරලා 30Kmph වගේ වෙනකන් බොරුවට fan එකක් වැඩ කරනවා.මොකද ඉදිරියෙන් ඉන්න මිනිස්සුන්ට වාහනේ එනවා කියලා සද්දයක් දැනෙන්න..ඊට පස්සේ එකත් නෑ...වාහනේ යනකොට driving කරන විධිහ අනුව තමයි යන දුර තීරණය වෙන්නේ..ස්පීඩ් එකේ ගිහිල්ලා ටිකක් තදට brake ගහනකොට බැටරිය චාර්ජ් වෙනවා.පල්ලම් වල යනකොට brake එකෙන් යනකොට චාර්ජ් වෙනවා...සාමාන්යෙන් වාහනේ යන්න ideal speed එක 30-60 තමයි...ඊට වඩා යනකොට බැටරිය ගොඩක් පාවිච්චි වෙනවා...
gear එකේ 1,2.3 කියලා නෑ .Drive ""D " එකට දාලා යෑමක් තියෙන්නේ..පට්ටම pickup තියෙනවා.70kwh සහ 80kwh මෝටර් දෙකක් එනවා...ඔය දෙකේම pickup නම් පට්ටම පට්ට..
වාහනේ ගන්නවා නම් ගෙදරට 20 ඇම්පියර් plug පොයින්ට් එකක් හදා ගන්න වෙනම ෆියුස් දාලා..ඊට අමතරව 10-20m වගේ දිග extension cable එකක් හදා ගන්න..හදිසියේ කොහෙහරි ගමනක් යනකොට ඉන්න තැනකින් චාර්ජ් කරගන්න...දැනට ලංකාවේ උතුරු පළාත් වල හැරෙන්න ගොඩක් තැන වල චර්ජින් පොයින්ට් තියෙනවා...
UK version ekak da JDM ekak da? ZEO 260km karan na AZEO ekai honda oya deken .





