Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113

    මම නිසාන් මැග්නයිට් ඒම්ටි ඇසෙන්ටා මොඩල් එක අරන් අදට මාස 4 අඩුයි,මගේ මේ තුන් වෙනි වාහනය,මුලින් මැනුවෙල් ඇල්ටෝ එකක්,ඊට පස්සේ ඇක්වා එකක් ,තුන්වෙනි වාහනය තමයි මේ වාහනය,මම වාහනය ගද්දී,කීලෝමීටර් මට මතක විදිහට ලක්ශක හා අවුරුද්දක වගකීමක් තියෙනවා කිව්වා,ඉතින් මම ඒ වාහනය ගත්තා,ඒ වගේම මගේ යාලුවෝ හැමෝටම මේ වාහනය හොදයි කියලා රෙකමන්ඩ් කලා,මගේ යාලුවොත් දැනට තුන් දෙනෙක් මේ වාහනය අරන්,තවත් හතර දෙනෙක් ඇඩ්වාන්ස් කරන්නත් ඉන්නේ.


    අද හදිස්සියම උදේ පාන්දර වාහනය පාර මැද නැවතුනා,ඒ වෙද්දී මාස හතරකට ආසන්නව,හා කිලෝ මීටර 11000 පමන දුවලා තිබ්බේ,මම බදුල්ලේ ඉන්නේ,මම කොලඹ යුනීයන් එකෙන් වාහනය ගත්තෙත්,මෙහේ තියෙන authorized dealer කෙනෙකුත් ඉන්නවා,හැබැයි මෙච්චර කාලයක් මම වාහනයේ හැම සර්විස් එකක්ම කරන්න ගියේ kandy pistop එකට මොකද company warrant එකක් තියෙන නිසා 300 km up and down ගිහින් හැම සර්විස් එකක්ම කරා,මගේ කාලය මුදල්,ශ්‍රමය හැමදේම කැප කරලා.

    ඒවගේම brand new vehicle එකක් ගත්තේ ගරාජ් ගානේ රස්තියාදු වෙන්න බැරි නිසයි.

    හරි ඒකත් කමක් නැහැ කියමුකෝ,වාහන කියන්නේ යකඩ ගොඩවල්,break down වෙන්න පුලුවන්,හැබැයි වොරන්ටි පීරියඩ් එකක් ඇතුලත් එහෙම උනොත් මොකක් හරි වගකීමක් තියෙන්න ඕනී නේද,වාහන සේල් එකකින් ගන්නෙත් නැතුව AMW එක Trust කරලා මම ගත්තේ,එයාලා කියන කියන දේවල් වලට එකග වෙන්න නෙවෙයි, එයාලා authorized dealer කෙනෙක් බදුල්ලට නම් කරලා හිටියත්,එයාලගේ කැරියර් එකට මිට කලින් suzuki fronks එකක් රු 48000 kandy pistop එකට යවලාAMW company එකෙන් ඒ මුදල ගෙවලත් තියෙනවා.නමුත් අද එයාලට කතා කරද්දි ,,AMW එකෙන් කියනවා,ඔයා කැරියර් එකට ගෙවලා Kandy වලට අරන් යන්න,ටෙක්නිකල් issue එකක් නම් එයාලා ඒක කරලා දෙන්නම්ලු.ඊට පස්සේ මම රු 48000 ගෙවලා kandy වලටත් අරන් ගියා,kandy pistop එකට දැමීමට පස්සේ ස්කෑන් කරාට පස්සේ,කියනවා ක්ලච් ප්ලේට් ගෙවිලලු,රු 95000 විතර යනවලු හදන්න,ඊට පස්සේ මම වාහනය kandy pistop එකට දාලා ආවා.

    මට තියන ප්‍රශ්නය තමයි මම දුරක ගියත් වාහනය break down උනොත් වොරන්ටි පීරීයඩ් එක ඇතුලේ එයාලගේ සර්විස් සෙන්ටර් එක කොලඹ තියෙනවා නම් මම යාපනේ ඉදලම කොලඹට ලක්ශ ගානක් හරි දීලා අරන් යන්න ඕනීද,එයාලගේ authorized dealerslatath අවසර නැත්නම් වාහනය හදන්න ඒවගේම,එයාලගේ සර්විස් සෙන්ටර්ස් රටපුරා නැත්නම් එක අපේ වරදක්ද.

    මම කොහොමත් මේක අතහරින් නැහැ,ඔයාලට තව සතියක් යද්දී media වලින් දකින්න පුලුවන් වෙයි.

    මම වාහන තුනක් අවුරුදු ගානක් drive කරලත් මේවගේ ප්‍රශ්නයක් වෙලා නැහැ,second hand vehicle එකක් ගත්ත නම් දුක නැහැ,ගරාජ් ගානේ හිටියත්,මොකද අවුරුදු ගානක් පට්ට ගහපු වාහන කියලා හරි හිත හදාගන්න තිබ්බා.

    Brand new vehicle එකක් අරන් මාස තුනකින් ක්ලච් ප්ලේට යනව නම් ඒවා manufactured issues වෙන්න බැරිද,AMW එක වගකීමක් ගන්න සුදානම් නැත්නම් ලබන සතියේ මම ලංකාවේ මීඩීයා වලටත් කියලා,වාහනය කැරියර් එකක් දාගෙන එයාලගේ නිසාන් කම්පැනි එක ඉස්සරහට ගිහින් මේ වාහනය ගිනි තියලා දානවා,මට පාඩු උනාට කමක් නැහැ,කට්ටක් කාලා වාහනයක් ගන්න ඉන්න මනුස්සයෙකට හරි සාදාරනයක් වෙයි.එකල්ලා,මම legal action අනිවාර්‍යෙන් ගන්නවා,සල්ලී වියදම් කරලා ගත්ත නම් මට කියක් ගියත් කමක් නැහැ නඩු කියනවා.

    ඔයාලගේ අදහස මොකක්ද ...


    a8Mm5n.png


    Source

    Owner


    Update, AMW management agrees to cover 50% of the cost of repair

    CxPnbW.png


    Source
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    wtbf

    this one was glorified and turns out to having lot of issues

    people really try to condemn the kwid , but it worked flawlessly until i gave it away
     
    • Like
    Reactions: King_cobra

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Perodua Axia SE aulak nadda bn

    Gaanata watinne na nathnam wahane superb reliability athin and UNIMO after sales service sahenna hndai compared to AMW

    aduma 30-40K kms wath thiyenna one neda wahane budget unath clutch plates

    Habai oya AMT eke overheating warnings awa kiyala godak aya complain karala thibba ne

    clutch plate gone means most probably flywheel is warped.nigga may have to replace gearbox again:baffled:

    Could be an issue with the AMT system itself (slipping the clutches too much)

    wtbf

    this one was glorified and turns out to having lot of issues

    people really try to condemn the kwid , but it worked flawlessly until i gave it away

    Yours wasn't AMT ne
     
    • Like
    Reactions: Gwynbleidd

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    බ්‍රෑන්ඩ් නිව් කියල තියෙන හැම ගූ ගොඩම ගත්තම ඔහොම තමයි. කොහොමත් නිසාන් දැන් ගූ වෙලා තියෙන්නෙ. අපරාදෙ කොච්චර හොඳට තිබ්බ බ්‍රෑන්ඩ් එකක්ද.:(