No G'Friend = No Valentine

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ගිය අවුරුද්දෙ නම් වැලන්ටයින් සමරන්න කෙල්ලෙක් ඉදියා බං.
    මේ අවුරුද්දෙ ඒකි මාව දාලා ගියා.:no::no: කෙල්ලො එක්ක යාලු වෙනවා කියන්නෙ ජීවිතේම ඉවරයි කියන එක. හොද කෙල්ලෙක් සෙට් නොවුනොත් වෙන්නේ ජීවිතේම කාලකන්නි වෙන එක. හොද කෙල්ලෙක් හොයාගන්න බොහොම අමාරුයි අද කාලේ. ඒක නිසා ආයෙම කෙල්ලො එපා කියලා හිතාගෙන ඉන්නවා. හොද කෙල්ලෙක් හොයාගන්න පුළුවන් උනොත් තීරනේ වෙනස් වෙයි සමහර විට. නැත්නම් ඔහොම තමා. තමන්ට තමන් විතරයි නොවෑ. :yes::yes:

    මතක කදුලින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී
    බොදව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක දෙද්දී
    නෙතට ඇරයුම් කලේ නුඹයි සිතට ලන් වෙද්දී
    පෙමට ගිණිදැල් දුන්නෙ ඇයි ඔබ සිතින් වෙන් වෙද්දී

    අතරමං කල ආදරෙන් මම සසර තනි වෙද්දී
    තනිවෙලා සිත තවත් හැඩුවා නුඹව සිහි වෙද්දී
    අසරණයි මම ආදරය ළග නුඹත් හැර යද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී

    හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනි වෙද්දී
    විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඩවද්දී
    නුඹව පතමින් ඇවිත් මේ දුර යළිත් තනි වෙද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී



    අවිහිංසක ඇස් දෙකකට කදුළු දුන් තරම්,:no:
    නපුරු උනේ කොහොමද නුඹ කියන් රත්තරන්,:no:
    පෙම් කල සිත මේ තරමට රිදවන්න තරම්,:no:
    මම වරදක් කලාද මට කියන් රත්තරන්,:no:

    නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්,:no:
    මන්දාරම් හිස් අහසේ පාවුනා සුසුම්,:no:
    සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතින්,:no:
    ඉවසන්නම් මගේ කදුළ නුඹගෙ සතුට නම්,:no: